සාගරයේ දොරටු විවර කළේ ජනාධිපතිතුමායි
සාගරයේ අමිල සම්පත් නෙළා ගන්න දොරටු විවර කළේ ජනාධිපතිතුමායි
මහාචාර්ය රන්ජිත් සේනාරත්න
සාගර විශ්වවිද්‍යාලයේ සභාපති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති
* අතිගරු ජනාධිපතිතුමා මහින්ද චින්තන ඉදිරි දැක්මේ කියලා තියෙනවා සාගරය සම්පතක් කරගන්නවා කියලා. ඇත්තටම අපේ මහා සයුර අපිට සම්පතක් වන්නේ කොහොමද?
අපේ ජනාධිපතිතුමා දුරදක්නා නුවණක් ඇති රාජ්‍ය නායකයෙක්. එතුමා වැඩ කරන්නේ මතු පරම්පරාව වෙනුවෙනුයි. ඒ නිසා එතුමා අපේ සාගරයේ වටිනාකම ඉතාමත් හොඳට වටහා ගත් රාජ්‍ය නායකයෙක්. ඔහු කියනවා වගේම අපේ සාගරය අපට මහත් සම්පතක් තමයි. අපි බලමු ඒ ඇයි කියලා. අපේ පෘථිවියේ 70%කට වැඩිය ජලයෙන් යටවෙච්ච ප්‍රදේශ තියෙන්නේ. ඒ නිසා මේකට අපි පෘථිවිය කියන එක කොතරම් අර්ථාන්විතද? කියන එක ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා ප්‍රශ්න කරලා තියෙනවා.
“අපි පෘථිවියට Earth කියලා කියනවා. ඒකේ 70%කට වඩා වැඩි ප්‍රදේශයක් තියෙන්නේ ජලයෙන් යටවෙලා. අපි ඒකට කියනවා පෘථිවිය කියලා. නමුත් ඒකට කියන්න ඕන සාගරය කියලා. ලෝකයේ තියෙන ජලයෙන් 91%ක් තියෙන්නේ සාගරයේ. එමෙන්ම ලෝකයේ ජෛව ගෝලයෙන් 80%කට වැඩිය තියෙන්නේ සාගරයේ. අපි කියන්නේ Bio Ocean කියලා. මිනිසාට වර්ෂාව ලැබෙන්නේ, ජලය ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපිට සාගරයෙන්. ඒවගේම අපි ආශ්වාස කරන ඔක්සිජන් වායුව 70%කට වැඩිය ලැබෙන්නේ සාගරයෙන්. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපි පානය කරන සෑම ජල බින්දුවක්ම, අපි ගන්න සෑම හුස්මක්ම ලෝකයේ කුමන ස්ථානයක හිටියත්, ඒ කාර්යයට අපි සාගරයත් සමඟ බද්ධ වෙනවා.
ඒ කියන්නේ අපි ජලය බොනකොට, හුස්ම ගන්නකොට මුහුද ළඟ හිටියත්, රට මැද හිටියත් ලෝකයේ කුමන ස්ථානයක සිටියත් සාගරයට සම්බන්ධ වෙනවා.ලෝකයේ තියෙනවා අපි මිලදී ගන්න හයිඩ්‍රෝ කාබන් ඉන්ධන. එම ඉන්ධනවලින් 30%කට වැඩිය ලබා ගන්නේ සාගරයෙන්. ලෝකයේ ප්‍රවාහනය කරන බඩුවලින් 90%ක්ම ප්‍රවාහනය වෙන්නේ සාගරයෙන්. මිලියනයකට වඩා ජනතාවගේ ප්‍රධානතම ප්‍රෝටීන සම්භවය ලැබෙන්නේ සාගරයෙන්. අපිට ආහාර වශයෙන් මත්ස්‍යයින් ලැබෙනවා. ඒ වගේම විශාල ඖෂධ ප්‍රමාණයක් සාගරයෙන් ලබාගන්න පුළුවන්.
සාගරයේ ජීවීන් මිලියන 10කට වැඩිය ඉන්නවයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. මෙයින් තාම අධ්‍යයනය කරලා තියෙන්නේ ජීවීන් 2,50,000 (දෙලක්ෂ පනස්දාහක්) පමණ ප්‍රමාණයක් පමණයි. අපි දැනට සාගර ජීවීන් 4,800 පමණ යොදාගෙන ඖෂධ වර්ග 18,000ක් පමණ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අනුව පිළිකාවට (Cancer), ඒඩ්ස් හෙවත් HIV රෝගයට අවශ්‍ය ඖෂධ හා ප්‍රතිජීවක නිෂ්පාදනයට අධික හිරු එළියට සමේ පිළිෂ්සුම් වළක්වාගන්න ගාන Sun Ceram වර්ග නිෂ්පාදනයට සාගරයේ ජලජ පැළෑටි හා ජීවීන් භාවිතා කරනවා.
* අපේ මවුබිමත් ඉන්දියන් සාගරයෙන් වටවී තියෙන දිවයිනක්. අපේ සාගරය අපි සම්පතක් කරගන්නේ කොහොමද?
මේසා විශාල සේවයක් කරන සාගරය අපි මිනිසුන්ට බද්ධ කරන්නේ නැහැ. මේ නිසා අපේ ජන ජීවිතය ගත්තහම අපිට සාගරය ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා මිනිසා සාගරය විනාශ වෙන ආකාරයට විවිධ දේවල් කරනවා. නමුත් අපි දන්නේ නැහැ මිනිසාගේ මූලික පැවැත්ම තියෙන්නේ සාගරයේ කියලා. අපි මේකට කියන්නේ ලයිෆ් සපෝර්ට් සිස්ටම් හෙවත් ජීවිත ආරක්ෂක ක්‍රමය කියලයි. මිනිසාට ජීවිතය පවත්වා ගැනීමට උදව් කරන පද්ධතිය තමයි සාගරය. නමුත් අපේ පාසල්වල සාගරයේ වටිනාකම ගැන උගන්වන්නේ නැහැ. ඒක තමයි ගැටලුව. ඒ නිසා සාගරය ගැන කිසිම අවබෝධයක් නැහැ.
නමුත් අපේ ජනාධිපතිතුමා දුරදක්නා නුවණ තියෙන පුද්ගලයෙක්. ඒ අනුව එතුමා සාගරයේ වටිනාකම ගැන බොහෝ කලකට පෙර දැක්කා. සාගරයෙන් අපේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා ලබාදිය හැකි දායකත්වය ගැන එතුමා දැක්කා. අපේ ලංකාව වටේ අපිට කි.මී. 1750ක වෙරළ තීරයක් සමඟ් මුහුදු සම්පතක් තියෙනවා. මේකෙන් පල ෙනළාගන්නටත්, ධීවර වෘත්තියේ ඵලදායකත්වය ඉහළ නැංවීමටත්, වෘත්තීමය අභිමානය සුරකිමින් ධීවර කර්මාන්තයේ නියැළී සිටින පිරිසගේ සමාජ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට 1999 දී එතුමා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙස සාගර විශ්වවිද්‍යාලය පිහිටෙව්වා.
එතුමා එදා දැක්කා සාගර ක්ෂේත්රයේ ලක්ෂ දෙකහමාරක් විතර පිරිසක් ධීවර කර්මාන්තයේ නියැළී සිටිනවා. මෙයින් පවුල් ලක්ෂ 12ක් පමණ රඳා පවතිනවා. ධීවර ජනතාවට පුහුණුව, නවීන තාක්ෂණය ලබාදීම තුළින් නිපුණතාවෙන් සහ දැනුමෙන් සන්නද්ධ කර ධීවර ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව හා ඵලදායකත්වය ඉහළ නැංවීමට එතුමා පියවර ගත්තා. ඒ අනුව සාගර විශ්වවිද්‍යාලයේ ශාඛා මධ්‍යස්ථාන 8ක් යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, තංගල්ල, ගාල්ල, කළුතර, මට්ටක්කුලිය සහ මීගමුව ප්‍රදේශවල පිහිටා තියෙනවා.
* මුලින්ම මෙය හැඳින්වූයේ සාගර විශ්වවිද්‍යාලය ලෙස නේද? මෙහි වැදගත් කාර්ය භාරය කුමක්ද?
සාගර විශ්වවිද්‍යාලය ලෙස මෙය නාමිකව හැඳින්වූවත්, එහි නියම නම ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයයි. නමුත් මෙය සාගර විශ්වවිද්‍යාලය ලෙස නීතිමය පනතක් ලෙස සම්මත වූයේ 2014 අගෝස්තු 20 වැනිදායි. ආසියාවේ ඉදිරියෙන්ම සිටි රටක් වන අපේ රට 1980 ගණන්වල ත්‍රස්තවාදය නිසා අවුරුදු 30 ක පසුබෑමකට ලක්වුණා. ඒ නිසා අපි 2009 දී ත්‍රස්තවාදය පරාජය කරලා, ඒ අවුරුදු 30ක අපිට අහිමි වූ දේවල් හානිපූර්ණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නව දැක්මක්, නව චින්තනයක් ඉදිරිපත් කළා. එය මහින්ද චින්තනයයි.
එහි ඉතාම පැහැදිලිව සාගරය සම්පතක් කරගන්නා බව එතුමා පැහැදිලිවම දක්වලා තියෙනවා. එහිදී එතුමා විශේෂයෙන් ලංකාවේ උපායමාර්ගිකව සාගරයේ පිහිටීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළා. ශ්‍රී ලංකාවේ නාවික, බලශක්ති දැනුමට, වාණිජ සහ කර්මාන්ත සඳහා සාගරයෙන් ලබාදිය හැකි දායකත්වය සුවිශාලයි. එසේම නාවික සේවාවන් සඳහා සාගරය කෙලින්ම සම්බන්ධ වෙනවා. විශාල නැව් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට කිලෝමීටර් 12ක් 20ක් විතර ආසන්නයෙන් ගමන් කරනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ නව චින්තනය තුළින් සාගර විශ්වවිද්‍යාලයට විශාල භූමිකාවක් කරන්න තියෙනවා.
* සාගරයෙන් අපට ලබාගත හැකි සේවාවන් තුළ කොළ ආර්ථිකය වෙනුවට නිල් ආර්ථිකයක් වෙත අපට ගමන් කළ හැක්කේ කෙසේද?
අපේ සාගරය ගත්තහම අපි සාමාන්‍යයෙන් හුරුවෙලා තියෙන්නේ මාළු වර්ග නෙළාගන්න විතරනේ. නමුත් සාගරය ගත්තහම අඩි 100ක් යටට (මීටර් 30 විතර) මුහුදු පැළෑටි වවන්න පුළුවන්. අපේ සාගරය අපවිත්‍ර වෙලා නැහැ. ඒකේ Sea ෆාමින්, වගේම මුහුදු පැළෑටි වර්ග වවන්න පුළුවන්.ඊට අමතරව මුහුදේ තියෙනවා ඇල්ගී ශාක වර්ග. ඒවාවලින් පුළුවන් බලශක්තිය (ENERGY) නිෂ්පාදනය කරන්න. මුහුදේ හෙක්ටයාර් එකකින් ලීටර් 80,000ක පමණ බලශක්ති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම තෙල් හෙවත් Oil ගන්න පුළුවන්. මේ ශක්ති ජනක ඇල්ගීවල බර බලන් ඉඳිද්දි වැඩි වෙනවා.
ඒ වගේම පෝෂ්‍ය පදාර්ථ, ඛනිජ ලවන ආදියත් අපිට මේ ඇල්ගී වර්ගවලින් ලබාගන්න පුළුවන්. මේවා පරිසරයට කිසිම හානියක් නැහැ. ඒ වගේම ජෛව ඉන්ධනත් අපිට ලබාගන්න පුළුවන්. මේවා සියල්ලම මුහුදෙන් ලැබෙන අලුත් දේවල්. ඒවගේම මන්නාරම් පැත්තේ මුහුදේ හයිඩ්‍රෝ කාබන් නිධි තියෙනවා. ඒ සඳහා අපි මුහුදේ ගවේෂණය කරන්න ඕන. ඒවගේම දැන් අපිට මුහුදෙන් ගෑස් වායුව (Gas) ලබාගන්න පුළුවන්. එමෙන්ම මුහුදු පතුලේ තියෙනවා ඉතාම මිල අධික ඛනිජ ලවණ.
මේ ආකාරයේ රසායනික ද්‍රව්‍ය, ඛනිජ ලවණ ආදී අමිල සම්පත් සාගර පතුලේ තියෙනවා. ඒවගේම ජෛව සම්පත්, මාළු, මුහුදු පැළෑටි සහ ඇල්ගීවලින් ශක්තිය උපද්දවන්න පුළුවන්. මේ නිසා මේ සාගරය තමයි අපේ ආර්ථිකයේ ඉදිරි දැක්ම.ඊළඟට මේ සාගරය මුහුදු ක්‍රීඩා සඳහා භාවිතා කරන්න පුළුවන්. විදේශිකයින් අතර ඉතාම ජනප්‍රියයි මුහුදු ක්‍රීඩා. සංචාරකයෝ විනෝදයට යන්නේ මුහුදු සංචාරයේ. ඒවගේම මුහුදු ක්‍රීඩා නිසා සංචාරක කර්මාන්තයට නව ජීවනයක් ලබාදෙන්න පුළුවන්. ඒක අලුත් මැරිටයිම් සංස්කෘතියක්.
* සාගර නිල් ආර්ථිකයේ අමිල සම්පත් නෙළාගන්න අවශ්‍ය වන මානව සම්පත් සූදානම් කරන්න ඕන නේද? ඒ සඳහා කටයුතු කරන්නේ කෙසේද?
ඔව් එම අමිල සම්පත් සම්භාරයේ පල නෙළාගන්න පුළුවන් ආකාරයට අපේ මානව සම්පත් උත්පාදනය කරල නැහැ. ඒ නිසා පසුගිය කාලයේ අපේ මුහුදේ තියෙන මේ අමිල සම්පත් නෙළාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මේවා සාධනීය ලෙස කළමනාකරණය කරන්න සහ උපයෝජනය කරන්න අවශ්‍ය මානව සම්පත උත්පාදනය කිරීම අත්‍යවශ්‍යයි.
ඒ සඳහා වෘත්තීය පුහුණු මට්ටමේ සිට තාක්ෂණ මට්ටම දක්වාත්, විද්‍යාඥ මට්ටමේ සිට විධායක මට්ටම දක්වාත් කුසලතාවයෙන් පිරිපුන් නිලධාරින් සිටින්න ඕන. එවිට සාගරයේ තියෙන විභවයන්ගෙන් අපට පල නෙළා ගැනීමට පහසු වෙනවා. ඒ අවශ්‍යතාව සපුරාලීමේ පෙර දැක්ම මීට දශකයකට පෙර ඉදිරිපත් කළ පුරෝගාමියා අන් කවරෙකුවත් නොවෙයි. අපේ වත්මන් ජනාධිපතිතුමායි. එතුමා එදා ධීවර ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී සාගරය මනා සම්පතක් ලෙස දුටුව නිසාම එදා සාගර විශ්වවිද්‍යාලය ඇති කරනු ලැබුවා.
එතුමා ජනාධිපතිවරයා ලෙස ගෙවී ගිය දස වසරක කාලය තුළ මෙරට ධීවර ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා උපරිම දායකත්වය ලබා දුන්නා. එතුමා එතැනින් නොනැවතී තමන් ආරම්භ කළ සාගර විශ්වවිද්‍යාලය නැමති සිහිනය සැබෑ කිරීමේ වගකීම වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාට භාරකළා. අමාත්‍යතුමා සාගර විශ්වවිද්‍යාලය ගැන මැනවින් අධ්‍යයනය කර එය යථාර්ථයක් කිරීමට සාගර විශ්වවිද්‍යාල පනත පසුගිය අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගනිමින් සැබෑ ලෙසම සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කරනු ලැබුවා.
* මෙම සාගර විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සිදුවන්නේ කොහොමද?
සාගර විශ්වවිද්‍යාලය අපේ ලංකාවට පමණක් කරපු විශ්වවිද්‍යාලයක් නොවෙයි. මෙහි පවත්වන පාඨමාලාවන් තුළින් ජාත්‍යන්තර සිසුනුත් ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි සාගර ඉංජිනේරු විද්‍යාව, බෝට්ටු යාත්‍රා නිෂ්පාදනය, නාවික ගෘහ නිර්මාණ ශිල්පය, සාගර මැනුම්වේදය, මුහුදු ක්‍රීඩා, සාගර ජීවි හා ශාක වගාව ආදී ආකර්ශනීය පාඨමාලා පවත්වනවා. ඒවගේම සාගර විශ්වවිද්‍යාලය නැව් සංස්ථාව සමඟ ගිවිසුම් ගතවෙලා නැව්වල ප්‍රායෝගික පුහුණුව ලබාදෙනවා.
* සාගර විශ්වවිද්‍යාලයේ පාඨමාලා තුළින් එහි සිසුන්ට හොඳ ආර්ථික ශක්තියක් ගොඩනගා ගත හැකිද?
ඔව් ඇත්ත වශයෙන්ම හොඳ ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන් ඉහළ දැනුමක්, පිළිගැනුමක් අපි ලබාදෙනවා. මේ නිසා ලොකු සමාජ පරිවර්තනයක් වෙනවා. නැව්වල සේවය කරන නිපුන ශ්‍රමිකයින්ට මසකට ලක්ෂ ගණනක වැටුපක් ලැබෙනවා. ඉහළ සුදුසුකම් ලබන විද්‍යාර්ථීන් ලක්ෂ 8-10 දක්වා හෝ ඊට වැඩි වැටුපක් ලබාගන්න පුළුවන්. ඔහුගේ නිපුණතාව වැඩි වනවිට ඔහුගේ වැටුපත් ඒ අනුව වැඩි වෙනවා. මේ නිසා අපේ රටේ අලුත් සාගර ආර්ථික සංස්කෘතියක් මහින්ද චින්තනයට අනුව ගොඩනැගේවි.
* සාගර විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කරගන්නේ කොහොමද?
සාගර විශ්වවිද්‍යාලයේ පාඨමාලා පැවැත්වෙන්නේ සම්ප්‍රදායික විශ්වවිද්‍යාල පද්ධතියට වඩා වෙනස් ආකාරයකට නිසා කැමැත්ත ඇති ඕනෑම අයෙකුට තම කැමැත්ත අනුව පාඨමාලා සඳහා අයදුම් කරන්න පුළුවන්. ඔවුන්ගේ අධ්‍යාපන දැනුම අනුව වර්ගීකරණයකට ලක්කර අදාළ මට්ටමේ සිට ක්‍රමානුකූලව ඉහළට යන ආකාරයට පාඨමාලා හදාරන්න පුළුවන්.
* සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත කෙරෙන්නේ කොහේද?
සාගර විශ්වවිද්‍යාලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලමැටිය ධීවර වරාය හා හම්බන්තොට වාණිජ වරාය අතරමැද අක්කර 45කින් යුත් ඉතාම සුන්දර මනරම් භූමි භාගයක ඉදිකෙරෙනවා. විශ්වවිද්‍යාලයේ එක පැත්තක කළපුව අනෙක් පසින් මහා සයුර. ඒවගේම සරසවිය ආසන්නයේම ගුවන්තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා, කර්මාන්ත පුරය, ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, උද්භිද උද්‍යානය, රන්මිණිතැන්න රංගන හා සිනමා මධ්‍යස්ථානය, ෙතාරතුරු තාක්ෂණ උද්‍යානය ආදිය පිහිටා තිබෙනවා.
මේ නිසා ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වීමත්, සාගරය සමඟ සම්බන්ධ වීමත් ඉතාමත් පහසුයි. මේ වනතෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයට අඩුවක්ව පැවැති විශ්වවිද්‍යාලය මේ සාගර විශ්වවිද්‍යාලය සමඟ සම්පූර්ණ වෙනවා. සාගර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ අද්වීතිය ස්ථානයක් පමණක් නොවෙයි. ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බවටත් පත්වෙනවා නියතයි. එය අපේ මාණික්‍ය බවට පත්වෙනවා.
සාකච්ඡා කළේ
ශාස්ත්‍රපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ