සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජන&#3501

hot_news

Member
Apr 23, 2013
191
102
0
සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජන&#3501

සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජනතාව වෙතයි

20120116_01.jpg

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.05, ප.ව.11.30)
ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන අවමගුලේදී ප්‍රධාන තේමාව වූයේ ..සාටකයා ඝාතකයා.. යන්නයි. එකී පාඨය වචනයකට පමණක් සීමා නොවී දිගින් දිගටම පවත්වාගෙන යාමට වර්තමාන පාලක සාටකයා සමත්වී තිබේ. ලසන්තගේ ඝාතනයේ සිට මේ වන විට ඝාතනය කර හෝ අතුරුදහන් කර ඇති ප්‍රමාණය ගණන් හැදිය නොහැකි තරම්ය. ඔහු මෙතක් සිදු කර ඇති ඝාතන පෙළේ අවසන් සමූහ ඝාතනය බීමට පිරිසිදු වතුර ඉල්ලු වැලිවේරිය ජනතාවගෙන් අවසන් විය. එය ඔහුගේ අවසන් ඝාතනය යැයි විශ්වාස කළ හැක්කේ කාටද?

විරුද්ධවාදීන් ඝාතනය කිරීම ඔහුගේ සංස්කෘතියයි. ඒ පිළිබඳ කිසිදු හෝ චකිතයක් අද ඔහුට නැත. ගව ඝාතනයට විරුද්ධ වෙමින් මිනිසුන් ඝාතනය කරන්නේ එදා 88-89 කාලවකවානුවේදී ගවයන් මෙන් මිනිසුන් ඝාතනය කරන විට මිනිසුන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගිය පුද්ගලයා වීම අප කෙසේ නම් තේරුම් ගන්නද?

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූ පාලකයන් අතර දක්ෂම ඝාතකයා (අනෙකුත් ඝාතකයින් අතර) ඔහුය. උතුරේ එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේදී ප්‍රභාකරන්ද ඇතුළු සිවිල් ජනතාව විශාල පිරිසක් ඝාතනය කිරීමට ඔහු විසින් නායකත්වය දුන් බැවින් දකුණේ සිංහල ජනතාව විසින් යුද්ධය අවසන් කළ නායකයා ලෙස දක්ෂතම ඝාතකයාට හිමි සම්මානය ඔහුට පිරිනමනු ලැබීය. මෙම සම්මානයත් සමඟ දැන් ඔහු සිතන්නේ ඔහුට කළ නොහැක්කක් නැත කියාය. ඒ අනුව ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නවුන් අතුරුදහන් වන අතර තමන්ට අත දුන් භාරත ලකෂ්මන් වැනි අය කුඩුකාරයින් ලවා ඝාතනය කරයි. සාමය හා සහජීවනය ගැන කථා කළවුන් ත්‍රස්තවාදීන් වූ අතර, ත්‍රස්තවාදීන් (කේපී, කරුණා, පිල්ලෙයාන්, දයා මාස්ටර්) ඔහුගේ ගෝලයන් බවට පත් විය. යෝජිත විශ්‍රාම වැටුප් සංශෝධන පනතට එරෙහිව උත්ඝෝෂණය කළ කටුනායක රොෂාන්ලා සහ බීමට ජලය ඉල්ලු වැලිවේරිය සාමාන්‍ය වැසියන් හමුදාව යොදවා ඝාතනය කිරීමට තරම් ඔහු ම්ලේච්ඡය. ආරක්ෂක ලේකම් වන ඔහුගේ මල්ලීද උපන්ගෙයි ඝාතකයෙක් බවට චෝදනා වඩාත් තහවුරු වන්නේ මාතලේ සමූහ මිනී වලෙන් මතු වූ මිනිස් ඇට කැබලි තොගයත් සමගය.

වර්තමාන පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් හිඳිමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අත්දැකීම් ඇති සාටකයා අද රටේ පාලකයා බවට පත්වී පැහැරගැනීම්, බිය ගැන්වීම්, ඇන්දවීම් හා රැවැට්ටවීම් හරහා රට පාලනය කරන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බල්ලාට දමමිනි. ඔහුට අද පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ ඔහුගේ ආරක්ෂාවට අවශ්‍ය පලිහක් ලෙස විනා ප්‍රජාතන්ත්‍රවාදයේ වුවමානවට නොවේ.

මිනිසුන් ඝාතනයට අමතරව තවත් විශේෂ දක්ෂතා ඔහු සතු බව කාගෙත් පිළිගැනීමයි. බොහෝ විචාරකයින් කියන්නේ බලවේග කළමණාකරනයේ ඔහු අති දක්ෂයෙකු බවයි. විපක්ෂය විනාශ කිරීමේ හැකියාව ඒ අතර ප්‍රධානය. ඊට කදිම නිදසුන නම් ලසන්තගේ ඝාතනයේදී සාටකයා ඝාතකයා යැයි කී විපක්ෂයේ බොහෝ දෙනා අද සාටකයාගේ සාටකය ඇඳගෙන සිටින බැවිනි (දයාසිරිද ඇතුළුව)

ඝාතනයට සමගාමීව ජනතාව ඇන්දවීමේ හැකියාව ඔහුට ඇති තවත් හැකියාවකි. ඔහු වෙනුවෙන් ජනතාව ඇඳ ගැනීමේ ද කෙළවරක් නැති තරම්ය. සංවර්ධන ඇන්දවීමට ඔහු වඩාත් කැමැත්තක් දක්වන බව පෙන්වයි. ඔහු පමණක් නොව ඔහුගේ මල්ලිලාද ඊට වඩාත් කැමතිය මන්දයත් ඒවායෙන් ලැඛෙන කොමිස් මුදල් සුළු පටු නොවන නිසාය. මෙකී කොමිස් මුදල් සඳහා බාප්පලා පුතාලා ගහගන්නා තත්වයට පත්වී තිඛෙන බවක් පසුගිය කාලයේ වාර්තාවිය.

තවද, පවිත්‍රා ලවා විදුලි බිල වැඩිකර දෙවනුව එම බිල අඩුකරා යැයි කියා ජනතාව අන්දවයි. හෙට අනිද්දාට වැලිවේරිය ජනතාව ඇන්දවීමට උත්සාහ ගන්නවා නොඅනුමානය. වැලිවේරිය පරීක්ෂණ වාර්තා එලියට ආ පසු ඊට අණදුන් නිළධාරියා හිරේ යවා ඔහු ඉන් ගැලවෙනවා ඇත. මන්ද යත් දැන් ඔහුගේ වැඩේ කෙරී හමාරය. දැන් උද්ඝෝෂන කරුවෝ මහපාරේ නැත. ඔවුහු ඇසිඩ් වතුර බිබී හ~ හ~ා සිටිති. හෙට අනිද්දා මැතිවරණයක් ලඟ එන නිසාත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලඟකදී ශ්‍රී ලංකාවට එන නිසාත්, නොවැම්බරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේදී පැවැත්වෙන නිසාත්, මේවා ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස පෙනී සිටීමට සාටකයාට අවශ්‍ය නිසාත් බොහෝ විට වැලිවේරියේදී අණදුන්නා කියා කවුරුන් හෝ වැරදිකාරයෙක් කරනු ඇත. වැලිවේරිය ජනතාවට වතුරද ලැඛෙනු ඇත. ඝාතනයන් අමතක කර දමා ජනතාව සෑහීමකට පත්වනු ඇත. ඝාතනය වූවන්ගේ පවුල් වලට පමණක් දුක සීමා වනු ඇත.

ප්‍රශ්නය තිඛෙන්නේ සාටකයාගේ හෝ ඔහුගේ පවුලේ අයගේ පමණක් නොවේ. දහස් ගණනක් සිවිල් මිනිසුන් ඝාතනය කරන විට, පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රධාන විපක්ෂය භේදභින්න කොට එම ආයතන විනාශ කරනවිට, පවුල් පාලනයක් රට පුරා ව්‍යාප්ත කරනවිට, අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවිට, (හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, නොරොච්චෝලේ විදුලි බලාගාරය අතුළු තවත් බොහෝ ව්‍යාපෘති) අධිකරණයට අත පොවා නීත්‍යානුකූල අගවිනිසුරු එලවා ඔහුගේ හෙන්චයියෙක් අගවිනිසුරු කරනවිට, පොලිසිය යොදවා කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරණ විට, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ හමුදාව යොදවා උද්සෝෂක කරුවන් මරා දමන විට, ,රටේ ජනතාව, එය තේරුම් ගත්තේ හෝ ක්‍රියා කලේ කෙසේද? යන්නයි

උතුරෙන් මතුව ආ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සිංහල ජාතියට එරෙහි ඉල්ලීම් ලෙස සලකා උතුරේ ත්‍රස්තවාදී සංවිධානයක් ගොඩනැගී රට විනාශ කරන තත්වයක් දක්වා එම ප්‍රශ්නය තල්ලූකර දැමුවේද මේ බහුතර ජනතාවමය, උතුරේ සිවිල් ජනයා දහස් ගණන් මැරෙද්දී හිත යටින් හෝ දෙමළු මේ රටෙන් හැඳි ගෑවිලා ගියානම් අපිට සතුටින් ජීවත් විය හැකියැයි සිතුවේද මේ ජනතාවමය, දහස් ගණනින් මිනීමැරීමේ සතුට කිරිබත් කා භුක්ති වින්දේද මේ ජනතාවමය, සාමය හා සහජීවනය ගැන කථා කළ මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් වැනි බොහෝ අය ත්‍රස්තවාදීන්ට උදව් දෙන්නන්, ඩොලර් කාක්කන්, අධිරාජ්‍ය ගැත්තන්, රට පාවා දෙන්නන් ලෙස හැඳින්වූයේද මේ ජනතාව විසින්මය. දේශපාලන බලය ඛෙදීම රට ඛෙදීමක් යැයි හඳුන්වන්නේද මේ ජනතාවමය. රට තුළ තමන්ට කැමති විදිහට හොරා කද්දී එය නොපෙනුනා මෙන් සිටින්නේද මේ ජනතාවමය, උතුරේ සටන් කරනවිට වීරෝධාර රණවිරුවන් යැයි කියමින් ඔවුන්ට සෙත් පතා බෝධි පූජා පැවැත්වූයේද, ලේ දන්දුන්නේද මේ ජනතාවමය,

නමුත් දැන් සාටකයා විසින් ඒ හමුදාවම යොදවා මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඝාතනය කරන විට ඒ ජනතාව කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? යෝජිත පනතකට එරෙහිව උද්සෝෂණය කිරීම හේතුවෙන් කටුනායක රොෂාන් ලා ඝාතනය කරනවිට, බීමට වතුර ඉල්ලා උද්සෝෂණයේ යෙදුන දරුවන් ඝාතනය කරන විට, ඒ ජනතාව කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද?

මේ ලිපිය අවසන් කරන්නට මත්තෙන් මෙම ජනතාවට 1982 දී කුට්ටුමනී විසින් උසාවිය තුළදී කරන ලද ප්‍රකාශය මතක් කර දෙන්නට කැමැත්තෙමි.

, අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහිපත් කරමු. ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පල කරමු. එලෙසම අපගේ විමුක්ති සටනට සිංහල ජනයා සහය දිය යුතුය. අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහස වළලා ගනී. අපට අත්වූ ඉරණම ශ්‍රී ලංකා ජනතාවට මතු දිනක අත් වනු ඇත. එදාට අලිමංකඩ වද කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත. අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සිංහල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත.,

මෙය දකුණේ ජනයා තේරුම් නොගත් දේයි. බලය සඳහා උතුරට හැරවු තුවක්කුව දකුණටද ඒ ලෙසම හැරෙනු ඇත. වැලිවේරියේදී හැරවුනේ බයිනේත්තුව පමණි එදාට විඳවන්නේ අපි හැමෝමය. විසඳුම නම් ඝාතක සාටකයා බලයෙන් පන්නා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් සැවොම එක්වී සටන් කිරීමය.

සේනක වත්තේගෙදර විසිනි
 
  • Like
Reactions: After_math

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආණ්‌ඩුව හැසිරුණේ
    වැලිවේරිය, නන්දිකඩාල් කියන මානසිකත්වයෙන්
    ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික,
    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

    ආණ්‌ඩුව කළේ මාධ්‍යවේදීන්ට පහර දීලා තුවාල කරලා කැමරා ආම්පන්න විනාශ කිරීමයි. එයින් පෙන්වන්නේ මෙම වෙඩි තැබීම ආවේගශීලීව සිදු වූ දෙයක්‌ නොවන බවයි. පූර්ව සූදානමකින් මෙම වෙඩි තැබීම කළ බව පෙනෙනවා. ආණ්‌ඩුව කල්පනා කරනවා ජනතාව භීතියට පත්කරලා, මර්දනය කරලා තම පාලනය ඉදිරියට ගෙන යා හැකියි කියලා. ඒ නිසා තමයි රට තුළ පැනනගින කුඩා ඕනෑම හෝ උද්ඝෝෂණයක්‌ පාලනය කිරීමේ ව්‍යාධියකින් පෙළෙන්නේ. පාලකයන් උඩින් පොරවාගෙන සිටින සළුපිළි සෑම අවස්‌ථාවකදීම ගැලවී නිරුවත හෙළිවුණා.

    වැලිවේරිය රතුපස්‌වල ෙ€දවාචකය... මේ වන විට රට තුළ ආන්දොaලනයට තුඩු දී ඇති සිද්ධියකි. පිරිසිදු පානීය ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයට එල්ල කළ වෙඩි ප්‍රහාර නිසා තිදෙනෙක්‌ මරණයට පත්ව ඇත. ඉන් දෙදෙනකුම පාසල් ශිෂ්‍යයෝය. මෙම ජනතා උද්ඝෝෂණය පිටුපස කඩාකප්පල්කාරී කණ්‌ඩායමක්‌ සිටි බව රජය පවසයි.

    ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කුජදා හමුව සමඟ එක්‌වෙමින් රතුපස්‌වල සිද්ධිය පිළිබඳ කළ සාකච්ඡාවේ සටහන් මතු දැක්‌වේ.

    ප්‍රශ්නය - බීමට ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට තිදෙනෙක්‌ මියගිහින්... ඇයි මෙහෙම වෙන්නේ?

    පිළිතුර - ආණ්‌ඩුව ජනතා උද්ඝෝෂණවලට බයයි. තැන තැන පැන නගින උද්ඝෝෂණ පවා මර්දනය කරන්න ආණ්‌ඩුව පෙළඹිලා. මේක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුළුමනින්ම අවුරා දැමූ ආණ්‌ඩුවක්‌. මීට පෙරත් මෙවැනිම ජනතා උද්ඝෝෂණ ගණනාවකට ආණ්‌ඩුව පහර දුන්නා. කටුනායක, හලාවත දැන් වැලිවේරිය. මේ හැම තැනකදීම ආණ්‌ඩුව වෙඩි තබා ඝාතන සිදුකළා. ආණ්‌ඩුව තම පාලනය ගෙනයැමට උත්සාහ කරන්නේ මර්දනයෙන්. ඒකාධිපති වියරුවෙන්. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින්. මේ වෙඩි ප්‍රහාරය එල්ල කරන්න කලින් ආණ්‌ඩුව කළේ මාධ්‍යවේදීන්ට පහර දීලා තුවාල කරලා කැමරා ආම්පන්න විනාශ කිරීමයි. එයින් පෙන්වන්නේ මෙම වෙඩි තැබීම ආවේගශීලීව සිදු වූ දෙයක්‌ නොවන බවයි. පූර්ව සූදානමකින් මෙම වෙඩි තැබීම කළ බව පෙනෙනවා. ආණ්‌ඩුව කල්පනා කරනවා ජනතාව භීතියට පත්කරලා, මර්දනය කරලා තම පාලනය ඉදිරියට ගෙන යා හැකියි කියලා. ඒ නිසා තමයි රට තුළ පැනනගින කුඩා ඕනෑම හෝ උද්ඝෝෂණයක්‌ පාලනය කිරීමේ ව්‍යාධියකින් පෙළෙන්නේ. පාලකයන් උඩින් පොරවාගෙන සිටින සළුපිළි සෑම අවස්‌ථාවකදීම ගැලවී නිරුවත හෙළිවුණා. වෙහෙර විහාර කරා ගමන් කරමින් කරන රංගනය පිටුපස ඉන්නේ සැබෑම තක්‌කඩියන් බව මේ සිද්ධිවලින් පෙන්වනවා. මෙම උද්ඝෝෂණය දේශපාලන උද්ඝෝෂණයක්‌ නොවේ. ඉතා අහිංසක ඉල්ලීමක්‌ ජනතාව කළේ. පානය කරන ජලය ප්‍රමිතියෙන් තොරවීම හේතු කරගෙනයි ජනතාව මේ උද්ඝෝෂණය කළේ. පානයට පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයක්‌. එවන් උද්ඝෝෂණවලටත් ආණ්‌ඩුව ප්‍රතිචාර දක්‌වන්නේ වෙඩි උණ්‌ඩයෙන් නම්... මිනිසුන් ඝාතනය කරමින් නම්... මේ ආණ්‌ඩුව කටමැන දොඩවන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ කොහේද.... මේ වෙඩි තැබීම මානසික වියරුවේ ප්‍රකාශනයක්‌.

    ප්‍රශ්නය - මේ උද්ඝෝෂකයන් ආරක්‍ෂක අංශවලට ගල්මුල් ප්‍රහාර එල්ල කරද්දී එය පාලනය කිරීමට වෙඩි තැබූ බව ආණ්‌ඩුවේ සමහරු ප්‍රකාශ කරනවා?

    පිළිතුර - හමුදා ප්‍රකාශකවරයා කියා තිබුණා ආයුධ සන්නද්ධ කණ්‌ඩායම්, විවිධ කල්ලි මේ පිටුපස සිටි බව. එහෙම නම් ඇයි හමුදාව පාසල් සිසුන්ට වෙඩි තියන්නේ. ඇයි මේ උද්ඝෝෂණය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ව කලින්ම ඉවත් කරන්නේ. ඉන් පෙන්නුම් කරන්නේ ආණ්‌ඩුව සැලසුම් සහගතව එම වෙඩි තැබීම සිදුකළ බවයි. තමන්ට ලැබෙන පානීය ජලය ප්‍රමිතියෙන් තොර නිසා සැකයට තුඩු දෙන කර්මාන්තශාලාව තාවකාලිකව වසාදමන්න කියා ජනතාව උද්ඝෝෂණය කළා. ඒ සරල කාරණාවට තීරණයක්‌ නොගත් ආණ්‌ඩුව ජනතාවට වෙඩි තැබුවේ ඇයි? ආණ්‌ඩුව බලන්නේ සාමාන්‍ය ජනතාව දෙස නොවේ. තම සුරතල්ලු ආරක්‍ෂා කරන දිශාවේ තමයි ආණ්‌ඩුව ඉන්නේ. හැමදාමත් ආණ්‌ඩුව මේ වගේ වෙඩි තැබීම් සිදුකරලා තමන්ගේ මාධ්‍ය ඔස්‌සේ ගොබෙල්ස්‌ලා යොදාගෙන මෙම සිදුවීම් වෙනත් අය මත පටවන්න උත්සාහ කළා. මෙහි භයානකම තත්ත්වය තමයි ආණ්‌ඩුව ඝාතන කළා පමණක්‌ නොවේ ඝාතකයන්ගේ ආරක්‍ෂාව උදෙසා තර්ක හැදීම. ආණ්‌ඩුව මේ ඝාතකයන් සැඟවීමට උත්සාහ කරනවා. ඉන් පෙනෙන්නේ මෙය හමුදාවේ හෝ පොලිසියේ වරදක්‌ නොව ආණ්‌ඩුව සෘජුව නිකුත් කළ නියෝගයක ප්‍රතිඵලයක්‌ බවයි. ඒ නිසා තමයි ආණ්‌ඩුව මේ ඝාතකයන් රැකගන්නේ.

    ප්‍රශ්නය - මේ සිද්ධිය පිටුපස කඩාකප්පල්කාරී කණ්‌ඩායක්‌ සිටින බවට ආණ්‌ඩුව චෝදනා කරනවා. කවුද මේ කණ්‌ඩායම ජ.වි.පෙ.ද?

    පිළිතුර - ඒක ආණ්‌ඩුව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. ව්‍යාංගයෙන් විවිධ වැරදි සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකර සෘජුව කිව යුතුයි. මෙය සියලුම දේශපාලන පක්‍ෂ, පාට භේදයෙන් තොර වූ සංවේදී ප්‍රශ්නයක්‌. සෑම පක්‍ෂයකම ක්‍රියාකාරීන්, හිතවතුන්, ආණ්‌ඩුවේ විවිධ කණ්‌ඩායම් මේ ප්‍රශ්නය තුළ සිටියා. ඒත් ඒ පළාතේ ඇමැතිවරයෙක්‌ හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට මේ පිළිබඳ තීරණයක්‌ ගන්න බෑ. ඔවුන් ඉන්නේ දෙගිඩියාවෙන්. ජනාධිපතිවරයා ගනු ලබන තීරණය ඔවුන් නොදන්න නිසා. මේ ඇමැතිවරු ගැටලුවකට මුහුණ දෙනවා. මම හොඳින්ම දන්නවා එතැන සිටි සමහර ඇමැතිවරු මේ කර්මාන්තශාලාව වසා දැමිය යුතුයි යන ස්‌ථාවරයේ සිටියා. ඒත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ තීරණය නොදන්නා නිසා ඔවුන්ට එම අවස්‌ථාවේ දකින විසඳුම ලබාදෙන්න බෑ. ජනාධිපතිවරයා ඉන්නේ මොන පැත්තෙද තමන් ගන්නා තීරණයට විරුද්ධ මතයේ ජනාධිපතිවරයා සිටියොත් තමන්ට ගෙදර යන්න සිද්ධ වේවිද යන කුකුස මේ ඇමැතිවරුන්ට තිබුණා. රටේ ප්‍රාදේශීය දේශපාලන බලය, රාජ්‍ය නිලධාරීන්ගේ බලය තනි පුද්ගලයකුගේ අතට ඒකරාශි වෙලයි තියෙන්නේ. ඔහු හිතන දේ මිස වෙන අයට තීරණ ගන්න බෑ. ඒ නිසා තමයි ඇමැතිවරු ෙමේ ප්‍රශ්නයේදී තීන්දු නොගෙන ආපසු හැරී ආවේ. ඒකෙන් වුණේ මේ සිද්ධිය දිගින් දිගට ඇදීමයි. අන්තිමේදී ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගියා. සාමාන්‍යයෙන් දේශපාලන ව්‍යාපාරයකින් මෙහෙයවන්නේ නැති සටන්, කුඩා කුඩා සිදුවීම් තියෙනවා. ආණ්‌ඩුව හැසිරුණේ වැලිවේරිය, නන්දිකඩාල් කියන මානසිකත්වයෙන්. අවසානයේදී ඒ ජනතාවට වෙඩි තැබුවා. මෙය අවම බලය පාවිච්චි කිරීමක්‌ කියා ආණ්‌ඩුව කියනවා. ජීව උණ්‌ඩ සහිතව වෙඩි තබා ජනතාව ඝාතනය කර එය අවම බලය කියා කියනවා නම් උපරිම බලය මිසයිල ප්‍රහාරයක්‌ විය හැකිsයි.

    ප්‍රශ්නය - මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පුවත්පත් නිවේදන නිකුත් කිරීම හැර විපක්‍ෂය කරන කෙංගෙඩියක්‌ නෑ කියා ජනතාව චෝදනා කරනවා?

    පිළිතුර - ඇත්තටම මේ ප්‍රශ්නය උද්ගත වූ මොහොතේ අපි මීට සෘජුව මැදිහත් වන්න උත්සාහ කළේ නෑ.

    ප්‍රශ්නය - ඇයි ඒ?

    පිළිතුර - එහෙම වුණා නම් ඒක දේශපාලන ප්‍රශ්නයක්‌ කියා ලේබල් අලවලා ආණ්‌ඩුව එය යට ගහනවා. එනිසා මෙම ගැටලුවේදී අපේ පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් ඊට මැදිහත් වුණේ මෙය පොදු ජනතාවගේ සංවේදී ඉල්ලීමක්‌ යන මතයේ සිට. එය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ගැටගැහුවා නම් පොදුජන සටනකින් එහා ගොස්‌ විවිධාකාරයේ ලේබල් ඇලවෙන්න තිබුණා. මීට පෙරත් ආණ්‌ඩුව එල්ල කළ ප්‍රහාර හමුවේ ජනතා විමුක්‌ති පෙරමුණ හඬ නැගුවා. අද මාධ්‍ය ආයතනවලට තර්ජන එල්ලවෙලා. මෙම සිදුවීම වාර්තා කිරීම නිසා ඇතැම් මාධ්‍ය ආයතනවල උසස්‌ නිලධාරීන් මම ආයතනවලින් නෙරපා හැරීමේ වෑයමක්‌ තියෙනවා. පොලිස්‌ බලය, මැර බලය, රාජ්‍ය බලය, තර්ජන ගර්ජන හරහා මේ ප්‍රශ්න යටපත් කරන්නයි ආණ්‌ඩුව උත්සාහ කරන්නේ. එය යටපත් කිරීමට ඉඩ නොදීමේ වගකීම විපක්‍ෂයට තියෙනවා. ඒත් විපක්‍ෂයේ ඇතැම් අය කරන ප්‍රකාශ දිහා බලද්දී කනගාටුයි. ආණ්‌ඩුවේ මේ මර්දනයට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව ප්‍රබල හඬක්‌ නැගිය යුතුයි. ඔබ මා සමඟ මේ කතා කරන මොහොතේ පවා කොළඹදී උද්ඝෝෂණයක්‌ සිදුකිරීමට අපි සූදානම් වෙනවා. ඊට අමතර මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව නීතිය හමුවට යැමේ හැකියාව ගැන අපි සොයා බලමින් ඉන්නවා. මේ ප්‍රශ්නයට පුළුල් මැදිහත්වීමක්‌ අවශ්‍යයි. විශාල ජනතාවක්‌ එක දිගට උද්ඝෝෂණය කළත් ආණ්‌ඩුව ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන බවට මෙමගින් අනතුරු හඟවා තියෙනවා. මෙය හොඳ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ මේ පිළිබඳ ප්‍රබල මැදිහත්වීමක්‌ කරනවා. ඒ සඳහා මාධ්‍ය සහ ජනතාව, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඒකාබද්ධ විය යුතුයි. අපි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කතා කරනවා. ඒත් පාර්ලිමේන්තුවේ කාර්යභාරය අතිශය සීමාකාරියි. අද අවශ්‍ය වන්නේ ඊට වඩා ප්‍රබල මහජන හඬක්‌. පාර්ලිමේන්තුව තුළ වගේම ඉන්a පිටතත් මේ ප්‍රබල හඬ නැගිය යුතුයි.

    සාකච්ඡා කළේ - අජිත් අලහකෝන්
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රශ්නය - මේ උද්ඝෝෂකයන් ආරක්‍ෂක අංශවලට ගල්මුල් ප්‍රහාර එල්ල කරද්දී එය පාලනය කිරීමට වෙඩි තැබූ බව ආණ්‌ඩුවේ සමහරු ප්‍රකාශ කරනවා?

    පිළිතුර - හමුදා ප්‍රකාශකවරයා කියා තිබුණා ආයුධ සන්නද්ධ කණ්‌ඩායම්, විවිධ කල්ලි මේ පිටුපස සිටි බව. එහෙම නම් ඇයි හමුදාව පාසල් සිසුන්ට වෙඩි තියන්නේ. ඇයි මේ උද්ඝෝෂණය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ව කලින්ම ඉවත් කරන්නේ. ඉන් පෙන්නුම් කරන්නේ ආණ්‌ඩුව සැලසුම් සහගතව එම වෙඩි තැබීම සිදුකළ බවයි. තමන්ට ලැබෙන පානීය ජලය ප්‍රමිතියෙන් තොර නිසා සැකයට තුඩු දෙන කර්මාන්තශාලාව තාවකාලිකව වසාදමන්න කියා ජනතාව උද්ඝෝෂණය කළා. ඒ සරල කාරණාවට තීරණයක්‌ නොගත් ආණ්‌ඩුව ජනතාවට වෙඩි තැබුවේ ඇයි? ආණ්‌ඩුව බලන්නේ සාමාන්‍ය ජනතාව දෙස නොවේ. තම සුරතල්ලු ආරක්‍ෂා කරන දිශාවේ තමයි ආණ්‌ඩුව ඉන්නේ. හැමදාමත් ආණ්‌ඩුව මේ වගේ වෙඩි තැබීම් සිදුකරලා තමන්ගේ මාධ්‍ය ඔස්‌සේ ගොබෙල්ස්‌ලා යොදාගෙන මෙම සිදුවීම් වෙනත් අය මත පටවන්න උත්සාහ කළා. මෙහි භයානකම තත්ත්වය තමයි ආණ්‌ඩුව ඝාතන කළා පමණක්‌ නොවේ ඝාතකයන්ගේ ආරක්‍ෂාව උදෙසා තර්ක හැදීම. ආණ්‌ඩුව මේ ඝාතකයන් සැඟවීමට උත්සාහ කරනවා. ඉන් පෙනෙන්නේ මෙය හමුදාවේ හෝ පොලිසියේ වරදක්‌ නොව ආණ්‌ඩුව සෘජුව නිකුත් කළ නියෝගයක ප්‍රතිඵලයක්‌ බවයි. ඒ නිසා තමයි ආණ්‌ඩුව මේ ඝාතකයන් රැකගන්නේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තටම ජනතාව මේ පාලනයට විරුද්ධනම් කරන්න ඕන ඒක ලඟ එන පලාත් සභා ඡන්දෙදිවත් ආණ්ඩුවට ඡන්දෙ නොදී ඉන්න එක.. එහෙම හරි දන්නන්න ඕන අඩුමගානේ.. නැත්නම් ආණ්ඩුව හිතනවා රටේ මිනිස්සු මේවා අනුමත කරනවා කියලා.. කොහොමත් අපේ මිනිස්සුන්ට මේවා මතක තියෙන්නේ සති දෙකයි, නැත්නම් මාසයයි.. හිනාවෙලා, ලමයෙක් වඩාගත්ත ගමන් ඌ සංවේදී තාත්තා වෙනවා..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තටම ජනතාව මේ පාලනයට විරුද්ධනම් කරන්න ඕන ඒක ලඟ එන පලාත් සභා ඡන්දෙදිවත් ආණ්ඩුවට ඡන්දෙ නොදී ඉන්න එක.. එහෙම හරි දන්නන්න ඕන අඩුමගානේ.. නැත්නම් ආණ්ඩුව හිතනවා රටේ මිනිස්සු මේවා අනුමත කරනවා කියලා.. කොහොමත් අපේ මිනිස්සුන්ට මේවා මතක තියෙන්නේ සති දෙකයි, නැත්නම් මාසයයි.. හිනාවෙලා, ලමයෙක් වඩාගත්ත ගමන් ඌ සංවේදී තාත්තා වෙනවා..

    චන්දයක් වත් සාදාරණව තියනවා කියලා මටනම් ෂුවර් නැහැ දැන්..මුන් ජිල්මාර්ට් ගහලා result එක වෙනස් කරනවද දන්නේ නැහැ..මහින්දය අමුම අමු කපටියා...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හලාවත ධිවර මරණය, කටුනායක රොෂාන් තරුණයාගේ මරණය, දැන් වැලිවේරිය මරණ, මේවා හුදකලාව වැලළිමට ඉඩ නොදී ඉදිරීයේදි අහිංසක ජීවිත මිලිටරි අණ්ඩුවට බිලි ගැනිමට ඉඩ නොදීමට කටයුතු කරමු.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකා මැරුනත් අපිට කමක් නෑ, අපි මහින්ද වෙනුවෙන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සිංහල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත

    අද මෙය සැබෑවක් වී තිබේ
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    උතුරේ සිවිල් ජනයා දහස් ගණන් මැරෙද්දී හිත යටින් හෝ දෙමළු මේ රටෙන් හැඳි ගෑවිලා ගියානම් අපිට සතුටින් ජීවත් විය හැකියැයි kawda yako ohoma hithanne nikam e news ekata fuka nodi pala
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA

    මේ ලිපිය අවසන් කරන්නට මත්තෙන් මෙම ජනතාවට 1982 දී කුට්ටුමනී විසින් උසාවිය තුළදී කරන ලද ප්‍රකාශය මතක් කර දෙන්නට කැමැත්තෙමි.

    , අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහිපත් කරමු. ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පල කරමු. එලෙසම අපගේ විමුක්ති සටනට සිංහල ජනයා සහය දිය යුතුය. අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහස වළලා ගනී. අපට අත්වූ ඉරණම ශ්‍රී ලංකා ජනතාවට මතු දිනක අත් වනු ඇත. එදාට අලිමංකඩ වද කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත. අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සිංහල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත.,

    මෙය දකුණේ ජනයා තේරුම් නොගත් දේයි. බලය සඳහා උතුරට හැරවු තුවක්කුව දකුණටද ඒ ලෙසම හැරෙනු ඇත. වැලිවේරියේදී හැරවුනේ බයිනේත්තුව පමණි එදාට විඳවන්නේ අපි හැමෝමය. විසඳුම නම් ඝාතක සාටකයා බලයෙන් පන්නා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් සැවොම එක්වී සටන් කිරීමය.

    100% Agree
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජනතාව වෙතයි

    20120116_01.jpg

    (ලංකා ඊ නිව්ස් -2013.අගෝ.05, ප.ව.11.30)
    ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන අවමගුලේදී ප්‍රධාන තේමාව වූයේ ..සාටකයා ඝාතකයා.. යන්නයි. එකී පාඨය වචනයකට පමණක් සීමා නොවී දිගින් දිගටම පවත්වාගෙන යාමට වර්තමාන පාලක සාටකයා සමත්වී තිබේ. ලසන්තගේ ඝාතනයේ සිට මේ වන විට ඝාතනය කර හෝ අතුරුදහන් කර ඇති ප්‍රමාණය ගණන් හැදිය නොහැකි තරම්ය. ඔහු මෙතක් සිදු කර ඇති ඝාතන පෙළේ අවසන් සමූහ ඝාතනය බීමට පිරිසිදු වතුර ඉල්ලු වැලිවේරිය ජනතාවගෙන් අවසන් විය. එය ඔහුගේ අවසන් ඝාතනය යැයි විශ්වාස කළ හැක්කේ කාටද?

    විරුද්ධවාදීන් ඝාතනය කිරීම ඔහුගේ සංස්කෘතියයි. ඒ පිළිබඳ කිසිදු හෝ චකිතයක් අද ඔහුට නැත. ගව ඝාතනයට විරුද්ධ වෙමින් මිනිසුන් ඝාතනය කරන්නේ එදා 88-89 කාලවකවානුවේදී ගවයන් මෙන් මිනිසුන් ඝාතනය කරන විට මිනිසුන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගිය පුද්ගලයා වීම අප කෙසේ නම් තේරුම් ගන්නද?

    ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවූ පාලකයන් අතර දක්ෂම ඝාතකයා (අනෙකුත් ඝාතකයින් අතර) ඔහුය. උතුරේ එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයේදී ප්‍රභාකරන්ද ඇතුළු සිවිල් ජනතාව විශාල පිරිසක් ඝාතනය කිරීමට ඔහු විසින් නායකත්වය දුන් බැවින් දකුණේ සිංහල ජනතාව විසින් යුද්ධය අවසන් කළ නායකයා ලෙස දක්ෂතම ඝාතකයාට හිමි සම්මානය ඔහුට පිරිනමනු ලැබීය. මෙම සම්මානයත් සමඟ දැන් ඔහු සිතන්නේ ඔහුට කළ නොහැක්කක් නැත කියාය. ඒ අනුව ප්‍රගීත් එක්නැලිගොඩ වැන්නවුන් අතුරුදහන් වන අතර තමන්ට අත දුන් භාරත ලකෂ්මන් වැනි අය කුඩුකාරයින් ලවා ඝාතනය කරයි. සාමය හා සහජීවනය ගැන කථා කළවුන් ත්‍රස්තවාදීන් වූ අතර, ත්‍රස්තවාදීන් (කේපී, කරුණා, පිල්ලෙයාන්, දයා මාස්ටර්) ඔහුගේ ගෝලයන් බවට පත් විය. යෝජිත විශ්‍රාම වැටුප් සංශෝධන පනතට එරෙහිව උත්ඝෝෂණය කළ කටුනායක රොෂාන්ලා සහ බීමට ජලය ඉල්ලු වැලිවේරිය සාමාන්‍ය වැසියන් හමුදාව යොදවා ඝාතනය කිරීමට තරම් ඔහු ම්ලේච්ඡය. ආරක්ෂක ලේකම් වන ඔහුගේ මල්ලීද උපන්ගෙයි ඝාතකයෙක් බවට චෝදනා වඩාත් තහවුරු වන්නේ මාතලේ සමූහ මිනී වලෙන් මතු වූ මිනිස් ඇට කැබලි තොගයත් සමගය.

    වර්තමාන පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් හිඳිමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අත්දැකීම් ඇති සාටකයා අද රටේ පාලකයා බවට පත්වී පැහැරගැනීම්, බිය ගැන්වීම්, ඇන්දවීම් හා රැවැට්ටවීම් හරහා රට පාලනය කරන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බල්ලාට දමමිනි. ඔහුට අද පාර්ලිමේන්තුව අවශ්‍ය වන්නේ ඔහුගේ ආරක්ෂාවට අවශ්‍ය පලිහක් ලෙස විනා ප්‍රජාතන්ත්‍රවාදයේ වුවමානවට නොවේ.

    මිනිසුන් ඝාතනයට අමතරව තවත් විශේෂ දක්ෂතා ඔහු සතු බව කාගෙත් පිළිගැනීමයි. බොහෝ විචාරකයින් කියන්නේ බලවේග කළමණාකරනයේ ඔහු අති දක්ෂයෙකු බවයි. විපක්ෂය විනාශ කිරීමේ හැකියාව ඒ අතර ප්‍රධානය. ඊට කදිම නිදසුන නම් ලසන්තගේ ඝාතනයේදී සාටකයා ඝාතකයා යැයි කී විපක්ෂයේ බොහෝ දෙනා අද සාටකයාගේ සාටකය ඇඳගෙන සිටින බැවිනි (දයාසිරිද ඇතුළුව)

    ඝාතනයට සමගාමීව ජනතාව ඇන්දවීමේ හැකියාව ඔහුට ඇති තවත් හැකියාවකි. ඔහු වෙනුවෙන් ජනතාව ඇඳ ගැනීමේ ද කෙළවරක් නැති තරම්ය. සංවර්ධන ඇන්දවීමට ඔහු වඩාත් කැමැත්තක් දක්වන බව පෙන්වයි. ඔහු පමණක් නොව ඔහුගේ මල්ලිලාද ඊට වඩාත් කැමතිය මන්දයත් ඒවායෙන් ලැඛෙන කොමිස් මුදල් සුළු පටු නොවන නිසාය. මෙකී කොමිස් මුදල් සඳහා බාප්පලා පුතාලා ගහගන්නා තත්වයට පත්වී තිඛෙන බවක් පසුගිය කාලයේ වාර්තාවිය.

    තවද, පවිත්‍රා ලවා විදුලි බිල වැඩිකර දෙවනුව එම බිල අඩුකරා යැයි කියා ජනතාව අන්දවයි. හෙට අනිද්දාට වැලිවේරිය ජනතාව ඇන්දවීමට උත්සාහ ගන්නවා නොඅනුමානය. වැලිවේරිය පරීක්ෂණ වාර්තා එලියට ආ පසු ඊට අණදුන් නිළධාරියා හිරේ යවා ඔහු ඉන් ගැලවෙනවා ඇත. මන්ද යත් දැන් ඔහුගේ වැඩේ කෙරී හමාරය. දැන් උද්ඝෝෂන කරුවෝ මහපාරේ නැත. ඔවුහු ඇසිඩ් වතුර බිබී හ~ හ~ා සිටිති. හෙට අනිද්දා මැතිවරණයක් ලඟ එන නිසාත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලඟකදී ශ්‍රී ලංකාවට එන නිසාත්, නොවැම්බරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේදී පැවැත්වෙන නිසාත්, මේවා ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස පෙනී සිටීමට සාටකයාට අවශ්‍ය නිසාත් බොහෝ විට වැලිවේරියේදී අණදුන්නා කියා කවුරුන් හෝ වැරදිකාරයෙක් කරනු ඇත. වැලිවේරිය ජනතාවට වතුරද ලැඛෙනු ඇත. ඝාතනයන් අමතක කර දමා ජනතාව සෑහීමකට පත්වනු ඇත. ඝාතනය වූවන්ගේ පවුල් වලට පමණක් දුක සීමා වනු ඇත.

    ප්‍රශ්නය තිඛෙන්නේ සාටකයාගේ හෝ ඔහුගේ පවුලේ අයගේ පමණක් නොවේ. දහස් ගණනක් සිවිල් මිනිසුන් ඝාතනය කරන විට, පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රධාන විපක්ෂය භේදභින්න කොට එම ආයතන විනාශ කරනවිට, පවුල් පාලනයක් රට පුරා ව්‍යාප්ත කරනවිට, අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවිට, (හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, නොරොච්චෝලේ විදුලි බලාගාරය අතුළු තවත් බොහෝ ව්‍යාපෘති) අධිකරණයට අත පොවා නීත්‍යානුකූල අගවිනිසුරු එලවා ඔහුගේ හෙන්චයියෙක් අගවිනිසුරු කරනවිට, පොලිසිය යොදවා කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරණ විට, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ හමුදාව යොදවා උද්සෝෂක කරුවන් මරා දමන විට, ,රටේ ජනතාව, එය තේරුම් ගත්තේ හෝ ක්‍රියා කලේ කෙසේද? යන්නයි

    උතුරෙන් මතුව ආ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සිංහල ජාතියට එරෙහි ඉල්ලීම් ලෙස සලකා උතුරේ ත්‍රස්තවාදී සංවිධානයක් ගොඩනැගී රට විනාශ කරන තත්වයක් දක්වා එම ප්‍රශ්නය තල්ලූකර දැමුවේද මේ බහුතර ජනතාවමය, උතුරේ සිවිල් ජනයා දහස් ගණන් මැරෙද්දී හිත යටින් හෝ දෙමළු මේ රටෙන් හැඳි ගෑවිලා ගියානම් අපිට සතුටින් ජීවත් විය හැකියැයි සිතුවේද මේ ජනතාවමය, දහස් ගණනින් මිනීමැරීමේ සතුට කිරිබත් කා භුක්ති වින්දේද මේ ජනතාවමය, සාමය හා සහජීවනය ගැන කථා කළ මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් වැනි බොහෝ අය ත්‍රස්තවාදීන්ට උදව් දෙන්නන්, ඩොලර් කාක්කන්, අධිරාජ්‍ය ගැත්තන්, රට පාවා දෙන්නන් ලෙස හැඳින්වූයේද මේ ජනතාව විසින්මය. දේශපාලන බලය ඛෙදීම රට ඛෙදීමක් යැයි හඳුන්වන්නේද මේ ජනතාවමය. රට තුළ තමන්ට කැමති විදිහට හොරා කද්දී එය නොපෙනුනා මෙන් සිටින්නේද මේ ජනතාවමය, උතුරේ සටන් කරනවිට වීරෝධාර රණවිරුවන් යැයි කියමින් ඔවුන්ට සෙත් පතා බෝධි පූජා පැවැත්වූයේද, ලේ දන්දුන්නේද මේ ජනතාවමය,

    නමුත් දැන් සාටකයා විසින් ඒ හමුදාවම යොදවා මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඝාතනය කරන විට ඒ ජනතාව කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? යෝජිත පනතකට එරෙහිව උද්සෝෂණය කිරීම හේතුවෙන් කටුනායක රොෂාන් ලා ඝාතනය කරනවිට, බීමට වතුර ඉල්ලා උද්සෝෂණයේ යෙදුන දරුවන් ඝාතනය කරන විට, ඒ ජනතාව කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද?

    මේ ලිපිය අවසන් කරන්නට මත්තෙන් මෙම ජනතාවට 1982 දී කුට්ටුමනී විසින් උසාවිය තුළදී කරන ලද ප්‍රකාශය මතක් කර දෙන්නට කැමැත්තෙමි.

    , අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහිපත් කරමු. ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පල කරමු. එලෙසම අපගේ විමුක්ති සටනට සිංහල ජනයා සහය දිය යුතුය. අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහස වළලා ගනී. අපට අත්වූ ඉරණම ශ්‍රී ලංකා ජනතාවට මතු දිනක අත් වනු ඇත. එදාට අලිමංකඩ වද කඳවුර හම්බන්තොටට ගෙන යනු ඇත. ගුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත. අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සිංහල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත.,

    මෙය දකුණේ ජනයා තේරුම් නොගත් දේයි. බලය සඳහා උතුරට හැරවු තුවක්කුව දකුණටද ඒ ලෙසම හැරෙනු ඇත. වැලිවේරියේදී හැරවුනේ බයිනේත්තුව පමණි එදාට විඳවන්නේ අපි හැමෝමය. විසඳුම නම් ඝාතක සාටකයා බලයෙන් පන්නා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් සැවොම එක්වී සටන් කිරීමය.

    සේනක වත්තේගෙදර විසිනි
    ----------Kuttimani ta answer ekak.-------Freedom kiyana uthum word ekata Sinhalayek wana mama garu karami. Ath freedom kiyana eka labiya yutthe thawa kenekuge freedom ekata haniyak [damage ] ekak nowena paridiya. For example Ltte eka visin Amirthalingam, Dore Appa, Uma maheswaran, Karuna brother Regi, thawa godak tamil people la marala freedom eka nathi kaladha?
     
    Last edited: