සාදාරන හම්බ වෙලදාම්
සුදු හාල්, රතු කළ අයෙකුට 3000ක දඩයක්
Srilankamirror - වර්ණ ගැන්වූ රතු කැකුළු සහල් ටොන් දෙකහමාරක් අලෙවිය සඳහා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් අයෙකුට, කළුතර අතිරේක මහේස්ත්‍රාත් ජී.නාමල් පෙරේරා මහතා ඊයේ (23) රුපියල් 3000 ක දඩයක් නියම කළේය.
සුදු හාල්, රතු කළ අයෙකුට 3000ක දඩයක්
එසේම එම සහල් තොගය රාජසන්තක කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ දඩ නියම වූයේ මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අබ්දුල් ජබ්බාර් අන්වර් ෆවුසි නම් වූ අයෙකුටය.
“සන්සෙට් යෙලෝ” ඊ 110 නම් වූ වර්ණකය මෙම සහල්වල අඩංගු බව අධිකරණයේ දී අනාවරණය විය.
කළුතර , දර්ගා නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුෂ්ක විරාජ් මහතා මොහුට එරෙහිව චෝදනා ගොනු කළ අතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැමිණිල්ල මෙහෙයවීය.


