සාදු කාරයක් දෙන්න පින්වතුනි
තම දායිකාවකගේ නිවෙසට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ තුනකට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන තම පෙම්වතියට තෑගි කළ බව කියන චීවරධාරියකු රිදීගම පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (24දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැසී ගිය පන්සල් විවෘත කරමින් යන බව කියමින් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන ගණනාවක වාසය කර ඇති චීවරධාරියෙකි.
වැසී ගොස් තිබූ කිරිබත්ගල්ල, කන්දේගම විහාරස්ථානයට මීට මාසයකට පමණ පෙර පැමිණ එහි නැවතී ඇති අතර ඒ අවට දායක දායිකාවන් විසින් මේ චීවරධාරියාට දානය සහ සෙසු පහසුකම් සපයමින් ඇප උපස්ථාන කර තිබේ. එලෙස සිටියදී මේ චීවරධාරියා පසුගිය අගෝස්තු මස 5 වැනිදා පන්සල ආසන්නයේ පිහිටි දායිකාවකගේ නිවෙසකට පැමිණි අවස්ථාවේ චීවරධාරියා නිවෙසට කැඳවා ගිලන්පස පිළිගැන්වූ එම කාන්තාව දැහැත් පිළිගැන්වීම සඳහා බුලත් කොළයක් කඩාගැනීමට නිවෙස පිටුපසට ගොස් තිබේ. ඒ අවස්ථාවේදී කිසිවකුත් නොසිටි නිවෙසේ කාමරයකට ඇතුළු වී එහි අල්මාරියක තැන්පත් කර තිබූ රන් ආභරණ පෙට්ටියක් සොරාගෙන චීවරයෙහි සඟවාගෙන නිවෙසින් පිටවී ගොස් තිබේ.
ඉන් දින කිහිපයකට පසුව මේ චීවරධාරියා කන්දේගම විහාරස්ථානයෙන් හිටිහැටියේ අතුරුදන් වී ඇති අතර ඒ පිළිබඳව සැක පහළ කළ අදාළ කාන්තාව තම රන් ආභාරණ පෙට්ටිය පිළිබඳ සොයා බැලීමේදී එය අතුරුදන් වී ඇති බව දැක රිදීගම පොලිසියට පැමිණිලි කර තිබේ.
සැකකාර චීවරධාරියා විසින් ගම්වාසීන්ට ලබාදී තිබූ ජංගම දුරකතන අංකයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරීන් මල්ගොල්ල ප්රදේශයේ පිහිටි කඳුකර විහාරස්ථානයක සැඟවී සිටියදී චීවරධාරියා අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී සොරාගත් රන් භාණ්ඩ මාතලේ, නාඋල ප්රදේශයේ වාසය කරන තම පෙම්වතියට තෑගි කළ බවට පාපෝච්චාරණය කර තිබේ. එම කාන්තාවද අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇය සන්තකයේ තිබූ සොරකම් කළ රන් භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඉන් භාණ්ඩ කිහිපයක් මාතලේ නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට උකස් කර තිබියදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් චීවරධාරියා සොරකම් කිරීමේ චෝදනාව යටතේත්, ඔහුගේ පෙම්වතිය බව කියන නාඋල ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාව සහ හොර බඩු ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ස්වර්ණාභරණ ශාලාවේ හිමිකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
කුරුණෑගල ජේයෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.එච්. ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ.ඩී.යූ. කේ. ගුණතිලක මහතා සහ පොලිස් සැරයන් බස්නායක (15584), පොලිස් කොස්තාපල් ආරියවංශ (55021) සහ චතුරංග (76604) යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.
Related