~~//...සාදු සාදු සාදු..මෙන්න තවත් චන්ද ප්‍රතිඵල&#351

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...සාදු සාදු සාදු..මෙන්න තවත් චන්ද ප්‍රතිඵල&#351

සාදු සාදු සාදු..මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක්‌...??????:confused::confused::confused:

සිරීපාදේ චන්දෙ අදලු රත්නපුරේ
හිමිවරු බෙදිල කොරනව මේ චන්ද පොරේ
මොන චන්දෙද ලංකාවේ හොඳට කොරේ
පුමයි ගහනොගත්තොත් මෙතෙන්දි බලමු දොරේ

නිළවරණය සාදාරණ ලෙස වේවා
දහම් බලෙන් හොර චන්දය වැනසේවා
සිවුරේ ගරුත්වය හිමිවරු රැකදේවා
මරා නොගෙන මේ චන්දය නිමවේවා


සාදු සාදු සාදු......!!!!!!!!!!!!!!!!

25qa8.jpg

 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
ශ්‍රීපාද නාහිමි තෝරන ඡන්දයේදී
දේශපාලකයෙක්‌ යකා නටයි

26-11-2011 දිවයින
හේමන්ත රන්දුනු

marvin.jpg
ශ්‍රී පාද විහාරස්‌ථානාධිපති නාහිමි පදවිය සඳහා නව ස්‌වාමීන් වහන්සේ නමක්‌ තෝරා ගැනීම සඳහා රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ ඡන්ද විමසීම සිදුකෙරෙද්දී එහි පැමිණි එක්‌aතරා දේශපාලනඥයෙකු සහ ආධාරකරුවන් පිරිසක්‌ ශ්‍රවණාගාරය අසල සිටි පිරිසකට පහරදීම නිසා රත්නපුර නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

ඊයේ (25 වැනිදා) සවස 2.30 ට පමණ මෙම සිදුවීම වී ඇති අතර පොලිසිය මැදිහත්වී මෙම ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ. මෙම ඡන්දයට ඉදිරිපත්ව සිටි එක්‌ ස්‌වාමින් වහන්සේ නමකගේ ආධාරකරුවන් පැමිණි බස්‌ රථයක්‌ නතර කර ඇති මෙම දේශපාලනඥයා සහ ඔහුගේ ගෝලබාලයන් බස්‌ රථයේ සිටි පිරිසක්‌ පිටතට ගෙන ඔවුන්ට පහර දී ඇත. මෙම ජන්ද විමසීම සඳහා විශාල පොලිස්‌ ආරක්‌ෂාවක්‌ද යොදවා සිටි අතර ඒ ආරක්‌ෂක විධිවිධාන කිසිවක්‌ ගණනකට නොගත් දේශපාලනඥයා සිය ආධාරකරුවන්ද සමග සුඛෝපභෝගී වාහන රැසක්‌ පිරිවරාගෙන රත්නපුර නගරයට පැමිණ කලහකාරි ලෙස හැසිරී ඇත.

පින්තූරය - අසිත ඉන්දික වීරවර්ධන