සාමාජිකයින්ට රතු - කොළ තොප්පි දමා ජනපති අන&#35

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
සාමාජිකයින්ට රතු - කොළ තොප්පි දමා ජනපති අන&#35

ශ්‍රී.ල.නි.ප. ලොක්කෝ තම සාමාජිකයින්ට රතු - කොළ තොප්පි දමා ජනපති අන්දවයි




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ට රතු සහ කොළ තොප්පි දමා අරලියගහ මන්ධිරයේදී ජනාධිපතිවරයා හමුවීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට මෙම පිරිස එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ හැරදා පැමිණි පිරිසක් බව ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමට සංවිධායකයින් උත්සාහ දරමින් ඇත.

මේ වනවිට ඔවුන් අරලියගහ මන්ධිරයට ඇතුල්කරමින් සිටින අතර අරලියගහ මන්ධිරයට නුදුරින් සිටින පිරිසක් විසින් ඔවුන්ට රතු පාට සහ කොළ පාට තොප්පි පළදවමින් සිටින බවද වාර්තාවේ.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ දිනවල අධික මානසික ආතතියකට පත්ව සිටින ජනාධිපතිවරයාගේ මානසික සහනය වෙනුවෙන් මෙවැනි පියවරක් ගන්නා ලෙස වෛද්‍යවරුන් දුන් උපදෙස් අනුව මෙම හමුව සංවිධානය කර ඇති බවයි.
 
  • Like
Reactions: KrAzY_iN_LuV