සාමාන්‍ය දැනුම අංක 01

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සාමාන්‍ය දැනුම අංක 01

    ඝන වස්තු – ත්‍රිමාණ රූප

    ගොඩක් අය ඝන වස්තු පිළිබද දන්නේ නැ . දැනගත්තත් ඒවාගේ තොරතුරු දන්නේ නැ . මේ ඝනවස්තු පිළිබද තොරතුරු ලොකු කුඩා භේදයකින් තොරව සැමට අවශ්‍යයි . 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ඉදන් තරග විභාග දක්වා තිබෙන සියලු තරග විභාගද ඇතුලත්ව සියලු විභාග සදහා ඝනවස්තු සම්බන්ද ගැටළු දක්නට ලැබෙනවා . ඝ්නවස්තු හදුන්වන තවත් නම් කිහිපයක් තිබෙනවා ඒ අතරින් ප්‍රධානව භාවිතා වන අනිත් නම වන්නේ ත්‍රිමාණ රූප යන නාමයයි .අපි එකින් එක ඝනවස්තු කිහිපයක් පිළිබද විමසා බලමු

    01. ඝනකය

    21-300x150.png


    ඝනකය යනු විශේෂ ඝන වස්තුවක් . මෙහි විශේෂත්වය වන්නේ මුහුණත් 6ම සමාන සමචතුරශ්‍ර වීමයි . ඒ වගේම මෙම ඝනවස්තුවේ දාර 12ක් ශිර්ෂ 8ක් සහ කලින් කියූ පරිදි මුහුණත් 6ක් ඇතුලත් වෙනවා . මෙම ඝන වස්තුව සම්බන්දව දාදු කැට ගණන් රාශියක් තිබෙනවා . ඒවා ඉදිරියේදී සාකච්චා කරමු . ඝනකයට උදාහරණයක් විදිහට දාදු කැටය හැදින්වීමට පුළුවන් .

    02. ඝනකාභය

    26-300x150.png


    මෙම ඝනවස්තුවේ මුහුණත් 6ක් තිබෙන අතර ඒවා සමචතුරශ්‍ර හෝ සෘජුකොනශ්‍ර හැඩයක් ගනී . ඝනකාභයේද ඝනකයේ මෙන්ම දාර12ක් ශිර්ෂ 8ක් මුහුණත් 6ක් ඇත . ඝනකභයකට උදාහරණයක් ලෙස ගඩොල් කැටයක හැඩය පෙන්වා දීමට පුළුවන් .

    03. ගෝලය

    25-300x150.png


    මෙයත් තවත් විශේෂ ඝනවස්තුවක් ලෙස හැදින්වීමට පුළුවන් . ගෝලයට උදාහරණයක් ලෙස ටෙනිස් බෝලයක හැඩය හැදින්වීමට පුළුවන් . ගෝලයේ දාර ශීර්ෂ නොමැති අතර එක මුහුණතක් පමණක් ඇත. එම මුහුනතත් තල මුහුනතක් නොවන අතර වක්‍ර මුහුනතකි .

    04. චතුස්තලය

    24-300x150.png


    මෙම ඝන වස්තුව සතුව දාර 6ක් ශිර්ෂ 4ක් සහ මුහුණත් 4ක් ඇත . මෙම ඝන වස්තුව සතුව තිබෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයේ මුහුණත් 4කි. එම මුහුණත් බොහෝ විට සමාන ත්‍රිකෝණ වන අතර වෙනස් හැඩයේ ත්‍රිකෝණ වීමටත් පුළුවන්

    05. පිරමිඩය

    23-300x150.png


    මේ නමනම් ගොඩක් අය අහලා ඇති . පිරමිඩ කිහේද තියෙන්නේ ඊජිප්තුවේ තමයි ඒවා තියෙන්නේ . හැබැයි ඒවා නෙමෙයි මේ කතා කරන්නේ පිරමිඩය නම් ඝනවස්තුව පිලිබදව . අපි බහුලව දන්නා පිරමිඩය සතුව දාර 8ක් ශිර්ෂ 5ක් සහ මුහුණත් 5ක් අඩංගු වෙනවා . පිරමිඩ වල පතුල චතුරශ්‍ර හැඩයක් ගන්නා අතර වටේට ත්‍රිකෝණ හැඩයේ මුහුණත් 4ක් දක්නට ලැබෙනවා .

    නමුත් පතුලට පන්චාශ්‍ර සඩාශ්‍ර වැනි හැඩතල එකතු කර වෙනත් හැඩයේ පිරමිඩ තැනීමටත් පුළුවන්

    06. කේතුව

    22-300x150.png


    කේතුව කියන්නේ හරියට ice corn එකක් වගේ හැඩයක් තියෙන ඝන වස්තුවක් . මෙම ඝන වස්තුවේ ඍජු දාර නෑ. වක්‍ර මුහුණත් එකයි වෘත්ත හැඩයේ තල මුහුණත් එකයි වක්‍ර දාර එකයි ශිර්ෂ එකක් අඩංගු වෙනවා .





    ඝන වස්තු ගත්විට සැම පැත්තක්ම සමාන එනම් සවිධි ඝනවස්තු 5ක් හදුන්වන්නට පුළුවන් මෙම ඝන්වස්තු 5 පමණයි සමාන මුහුණත් සහිතව තිබෙන්නේ ඒක විශේෂ කාරණයක් ලෙස මතක තබා ගතයුතුයි. එම ඝනවස්තු 5 ප්ලේටෝ කැට ලෙසද හදුන්වනවා.

    එම ඝනවස්තු 5 පහතින් දැක්වෙනවා .

    1. චතුස්තලය

    2.ඝනකය

    3.අෂ්ටතලය

    4.ද්වාදශතලය

    5.විසන්තිතලය

    ඔය ඝන වස්තු අතරින් පළමු දෙකෙහි විස්තර ඉහත තිබෙනවා . අනිත් ඝනවස්තු 3 පිළිබද විස්තර පහත ඇතුලත් කරන්නම්

    3.අෂ්ටතලය

    28-300x150.png


    මෙම ඝනවස්තුව ත්‍රිකෝණ හැඩයේ මුහුණත් 8කින් සැදී ඇත .මුහුණත් අටක් ඇති නිසා අෂ්ටතලය යන නම ලැබී ඇත . අෂ්ටතලයේ දාර 8ක් ශිර්ෂ 6ක් මුහුණත් 8ක් ඇත.



    4.ද්වාදශතලය

    30-300x150.png


    මෙම ඝන වස්තුව සවිධි පන්චාශ්‍රාකාර හැඩ 12කින් සැදී ඇත .මෙම ඝනවස්තුවේ මුහුණත් 12ක් ශිර්ෂ 20ක් සහ දාර 30ක් සහිතයි.



    5. වින්සතිතලය

    30-1-300x150.png


    මෙම ඝනවස්තුවට මුහුණත් 20ක් ඇත එම නිසාම ව්සන්තිත්ලය යන නම ලැබී ඇත . මෙම ඝනවස්තුවේ මුහුණත් 20ක් ඇත . ඔයාලට පොඩි වැඩක් දෙන්න ඕනෙත් හින්දා විසන්තිතලයේ තිබෙන දාර ගණන සහ ශිර්ෂ ගණන මම දාන්නේ නැ . ඔයාලට පුළුවන් ඒවා හදලම ගණන් කරලා බලන්න . හදලා ඒවගේ අගයන් comment කරන්න .

    ඝනවස්තු සම්බන්දව තවත් වැදගත් දෙයක් තියෙනවා . ඒකට කියන්නේ ඔයිලර් සම්බන්දය කියලා. මෙම න්‍යාය මගී කියවෙන්නේ

    සරල දාර සහිත ඝන වස්තුවක මුහුණත් සංඛ්‍යාවේ සහ ශිර්ෂ සංඛ්‍යාවේ එකතුව දාර සංඛ්‍යාවට වඩා දෙකක් වැඩි බව.

    මුහුණත් ගණන + ශීර්ෂ ගණන = දාර ගණන +2


    මෙම ඝනවස්තු සාදා ගැනීමට අවශ්‍ය රූප සටහන් පහත ලින්ක් ඔස්සේ ගිහින් download කරගන්න පුළුවන් .

    මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන සේවය ගැන අනිත් අයටත් කියන්න අපේ page එකට like කරන්න . ඔයාලගේ අදහස් පලකරන්න . ඒක අපට ශක්තියක්

    1. ඝනකය

    2. ඝනකාභය

    3. චතුස්තලය

    4. අෂ්ටතලය

    5. ද්වාදශතලය

    6. වින්සතිතලය

    7. පිරමිඩය

    8. කේතුව

    9. සිලින්ඩරය

    ඉතිරි විස්තර සදහා ------ http://puwatha.com
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අට පාස් එවුන්ට මොන සාමාන්‍ය දැනීමද :P:P
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අට පාස් එවුන්ට මොන සාමාන්‍ය දැනීමද :P:P

    හැමෝටම ඕනේ බන් දැන් උබ 8 පාස් නැ කියලා අපි දන්නවා ඒ උනාට පොඩි එකෙක් ඇහුවොත් මාමේ බොලේ මොන හැඩයක්ද කියලා බෝලේ නිකම් බොලේ වගේ රවුම් කියලා හරියන්නේ නැ . ඒ වෙලාවට මේ ත්‍රෙඩ් එක බලලා කියන්න පුළුවන් පුතේ මේක ගෝලයක හැඩය තියෙන්නේ කියලා :yes:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    හැමෝටම ඕනේ බන් දැන් උබ 8 පාස් නැ කියලා අපි දන්නවා ඒ උනාට පොඩි එකෙක් ඇහුවොත් මාමේ බොලේ මොන හැඩයක්ද කියලා බෝලේ නිකම් බොලේ වගේ රවුම් කියලා හරියන්නේ නැ . ඒ වෙලාවට මේ ත්‍රෙඩ් එක බලලා කියන්න පුළුවන් පුතේ මේක ගෝලයක හැඩය තියෙන්නේ කියලා :yes:

    පලයන් ගොබ්බය උබ වගේ බෝලයක් අදුරගන්න බැරි මන්දබුද්දික පොඩි එවුන් මම හදන්නේ නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පලයන් ගොබ්බය උබ වගේ බෝලයක් අදුරගන්න බැරි මන්දබුද්දික පොඩි එවුන් මම හදන්නේ නෑ
    :lol: