සාමාන්‍ය පෙළ අසමත්..?

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    සාමාන්‍ය පෙළ අසමත්..?

    සාමාන්‍ය පෙළ අසමත්වූ නිසා සිය දිවි නසාගත් නැගණියට නොව ඇය ඒ තත්වයට යොමුකල සමාජයට කියමි.

    මම අධ්‍යාපනයෙන් ලොකු පොරක්වූ කෙනෙක් නොවේ. අඩුම ගාණේ උසස් පෙළ පළමු වර ප්‍රථිඵලය තුන්වෙනි වරදීවත් පසු කරයෑමට සමත් වූවෙක් නොවේ. නමුත් අපි පාසල් යන කාලයේ ගුරු-දෙගුරු-වැඩිහිටි හැමෝම කිව්වේ කැම්පස් නොගියොත් වැඩක් නෑ කියායි.මම අනිත් අය ගැන නොකියමි. මට නම් ඒ බණ අරහංය. පාසලේ බාහිර වැඩ කර කර ඉඳලා තැනකට යන්න බැරි බැව් මගේ එක ගුරුතුමියක් ටියුෂන් පන්තියේදී පුන පුනා කීවාය. මම කළේ බාහිර වැඩ (හා වල ගැසීම) නැවැත්වීම නොව ඇගේ පන්ති යෑම නැවැත්වීමයි. දෙයියනේ කියා උසස්පෙළ ඇණගත් පසු බැංකු රස්සාවට ඒමට මට පිහිට වුණේ ඇගේ විෂයට මා ගත් සාමර්ථය නොව පාසලේ කල බාහිර ක්‍රියාකාරකම් වලින් ලද පන්නරයයි.නමුත් මේ කථාව ඒ ගැන නොවේ. මට අපේ අධ්‍යාපනය ගැන හිතෙන විදිය ගැනයි.

    අනිත් අය හිතන විදිය ගැන මම නොකියමි. නමුත් මා සිතන විදියට මයිටකොන්ඩ්‍රියාවක්-බෙන්සීන් අණුවක්-චුම්බක ක්ෂේත්‍රයක් හෝ සයින්-ටෑන් අවකලනයක් ගැන දැන නොගත් පළියට අපට සමාජයේ ඉන්න බැරිවී නැත. අපේ රටේ අධ්‍යාපනය A සාමාර්ථවලින් සාර්ථකත්වය මනිනවා මිස සාර්ථකත්වයට Aසාමාර්ථ දෙන පුරුද්දක් නැත. මගේ පන්තිවල සිටි සමහර යහළුවන් සා-පෙළ අසමත්වී කඩවලවල කුලී වැඩටත්, ගරාජ්වල මජං හූරන්නටත් හෝටල්වල පිඟන් සේදීමටත් බස්වල කොන්දොස්තර වැඩේටත් ගිය අතර අපි වැනි සාපෙළ සමතුන් උසස් පෙළේදී අධ්‍යාපනයෙන් අතරමං වුනෙමු. දැන් අර පරණ යහළුවන් සාර්ථක තොග වෙළඳුන්,හාර්ඩ්වෙයාර් හිමියන්,බස් මුදලාලිලා, හෝටල් හිමියන්.සර්විස් ස්ටේෂන් හිමියන්, ගරාජ් කරුවන් වී ඇතිවා පමණක් නොව පාරෙදි ලොකු ලොකු වාහන නවත්වා "අඩෝ *&^% කොහොමද *කෝ...???" කියා එදා මෙන්ම ළෙන්ගතුව කථා කරන අවස්ථාද අනන්තව ඇත. ඔවුනුත් සියදිවි නසාගත්තානම් සාපෙළ ඉහළින්ම සමත්වූ අපි වැනි උන්ට අද ඉඳලා හිටලා හෝ රසට කොත්තුවක් කන්නට මාතර තැනක් නැත.

    වාහනේට ජපානේ විදියටම ක්ලච් ප්ලේට් ගහන්නට ගරාජයක් නැත. අවුරුද්දට පසුදා ගෙදර අය කොළඹ යවන්න හයි වේ බස් පෝළිමේ දවසම කට්ට කන්න වෙනවා ඇත. අදටත් අපේ පරණ මිතුරන් එකතුවූ විට වැඩියෙන්ම අත දිගහරින්නේද අර පරණ අපතයාමයි.උන් එදා විභාගය ෆේල්වුණාට මානසිකව නොවැටී තමාට උරුම තමාට පුළුවන් දෙයට මුල සිටම යොමුවුන නිසා අද ඔවුන් හොඳ තැන්වල සිටියි.

    නවැලෝක මුදලාලි-පී.ජී.මාටින්-දාස මුදලාලි වැන්නවුන් විභාග සමත්වී කෝටිපතියන් වූවා නොවේ. නමුත් ඔවුන් ජීවිත විභාගය ඉහළින්ම සමත්වූහ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ දෙය මේ ආකාරයට පිළිනොගැනෙනා තෙක්-ළමයෙකුගේ සාර්ථකත්වය සාමාර්ථ ගණනින් මැනෙනා තෙක්-පාසලේ අදක්ෂ සිසුවා ගුරුවරුන් විසින් කොන් කෙරෙනා තෙක් තව තවත් සිසු දරු දැරියන් සියදිවි නසාගන්නවා ඇත.

    එදාටත් අපි වැනි මෝඩ ටෝක් දාන සමහරුන් ඉන්නා අතර තවත් සමහරු "අපරාදේ ඇයි සියදිවි නසාගත්තේ මුල ඉඳන් පාඩම් කළානම් ඔහොම වෙන්නෙ නෑ-ගුරුවරුන්ට අකීකරු අනිත් ළමයින්ටත් ඔය දේ තමයි වෙන්නෙ" කියමින් පොර ටෝක් දෙනු ඇත. අන්තිමට විභාගය සමත් ගිරවු ටිකක් රටට බිහිවෙනවාට වඩා විභාග අසමත් වූවත් සාර්ථක මිනිසුන් ටිකක් රටට බිහිවීම වැදගත් බව අපේ පණ්ඩියන්ටද තේරුම් යනු ඇත. නමුත් එවිට ප්‍රමාද වැඩිවීමටද ඉඩ ඇත....


    Asiri Arunoda Mahindadasa

    [href^="http://www.faceporn.net/free?"] {display:none !important;}
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මූ කියලා තියෙන දේ හරි වැරැද්ද කියන එවුන්ට බාරයි .ඒත් මූ කියලා තියෙන දේයින් තැනක් පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ .ඒ තමා මූ කියලා තියෙනවා අපේ රටේ A සාමාර්ථ දෙන්නේ අධ්‍යාපනයට මිසක් සාර්ථකත්වයට නෙමේ කියලා .එක මෙහෙමයි අපේ රටේ අධ්‍යාපනයට සාමාර්ථ දෙන්නේ නැහැ .අපේ රටේ සාමාර්ථ දෙන්නේ විභාගෙකට .අධ්‍යාපනයට සාමාර්ථ දෙන්න බැහ .
    …ඒ වගේම තමා විභාග ෆේල් වුණා කියලා සිය දිවි නහ ගන්න එක නම් අමුම අමු මෝඩ කමක් .මොකද විභාගේ පාස් වෙන එකත් ෆේල් වෙන එකත් දෝස්තරත් ,ඉංජිනේරුවත් බාස් උන්නැහෙත් ,මැකැනික් උනත් අන්තිමට හොයන්න සල්ලි .ඉතිං සල්ලි හොයන්න ඕන තරම් යහපත් ක්‍රම තියෙනවා .හැබැයි එක පාරට එව්වා හම්බ වෙන්නේ නැහ ඔය කාටවත් .ඒ වගේම සල්ලි කොච්චර හෙව්වත් එව්වා වියපැහැදම් කරන විදිය කළමණාකාරනය කරන විදිය ගැන අවබෝධයෙන් තොර උනොත් ජීවිතේ සාර්ථකත්වය හොයාගන්න අමාරු වෙනවා .
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    මේක ගැන ගොඩක් දේවල කතා කරන්න පුළුවන්

    රටේ අද්යාපන තරගය තමයි ඔක්කොටම මුල. ළමයි පීඩනයකට ලක් කරනවා. 1970 හෝ ඊට කලින් ඉපදුනු දෙමව්පියන් ගුරුවරු ඒ කලේ මතවාදය තමයි තවමත් තියෙන්නේ. ඒ කලේ විබාග ඉහලින්ම සමත්වෙලා campus ගිහිල්ල ආණ්ඩුවේ රස්සාවක් හොයාගන්නව ඇරුනහම වෙන විකල්පයක් නැහැ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    සමාජය මගින් ඇතිකරන පීඩනය නිසා අපේ පහල පන්තිවල යාලුවෙකුත් එල්ලිලා මරුන :sorry::sorry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    me katawata 100% ekaga wenna ba bun

    igena gattta kisi kenek ta paduwak wela na

    O/L pass unata fail unata ea hamoma dan monawa hari job ekak karanwa tamai

    habai eka nisa mahanci wela igena ganna epa ena widiha hodai kiyala iinna ekata nam mama kamati na

    igena gana bari unata kamak na mahanci wela igena ganna kiyalai mama nam kiyanne
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    me katawata 100% ekaga wenna ba bun

    igena gattta kisi kenek ta paduwak wela na

    O/L pass unata fail unata ea hamoma dan monawa hari job ekak karanwa tamai

    habai eka nisa mahanci wela igena ganna epa ena widiha hodai kiyala iinna ekata nam mama kamati na

    igena gana bari unata kamak na mahanci wela igena ganna kiyalai mama nam kiyanne

    මූ කියන්නේ ඉගෙන ගන්නවා කියන එක වැරදී ලියලා නම් නෙමේ මච්ං .ඊනියා ඉගෙනීමක් කියන එකක් විභාග වලට ලඝු වෙලා තිබීම සහ එම ලඝු බවට සමාජය තුළු ඉහළම වටිනා කමක් ලබාදී තිබීම .ඉගෙනිම කියන එක ඉවර වෙන දෙයක් නෙමේ .අපි කාට කාටත් මැරෙනකම්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා .ඒක ලොකේ කාටත් පොදු ධර්මතාවක් .

    ඒත් අපේ රටෙ ඊනියා අධ්‍යාපන ක්‍රමවේදය තියෙන්නේ විභගෙකට ලඝු වෙලා මිසක් යම් කිසි වෘතියක් ඉලක්ක කරගත් හෝ දැනුමක් නිර්මාණය කිරීම හෝ සංවර්ධනයක් ඉලක්ක කරගත් දෙයක් නෙමේ .අපි වෘතිය ඉලක්කගත අධ්‍යාපනයට පිවිසෙන්නේ කැම්පස් වලින් .ඒත් කැම්පස් වල ඇතැම් විෂය ධාරවන් වල ඒ කියන වෘතීමය ගතිය නැහැ .ඒක නිසා තමා ගොඩාක් උන් ඩිග්‍රී අරගෙන පාරේ කෑගහන්නේ ජොබ් දීපන් කියන එක .හැබැයි දැනුම ගොඬ නැගීම සංවර්ධනය කියන කාරණාවේදී ඔය කියන උසස් අධ්‍යාපන ආයතන වල කාර්‍ය භාර්ය්‍ය හරිම කුජීතයි .

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹල කියයි :(
    W දෙකක් ආව කිව්වාම බල්ලෙක්ටවත් අපි ගත්තු එක A එකක්වත් පෙන්නෑ :(
    යනකං ඉඳල හිනාවෙනව.. :(
    විභාගෙ තමා බං ජීවිතේ ඕක තමා ඇත්ත :/
    දැන් පාස් වුන උන් අපිව ගණං ගන්නෙත් නෑ.. :(
    අද පන්ති ගිහිං එද්දි ඒලෙවල් වලට පන්ති ගිය උන් සෙට් එකක් හම්බවුනා.. සෙට් එකක් කිව්වට දෙන්නෙක්..
    කියන්න සතුටුයි සිඞ්හලයෝ උන් මාව දැක්කෙවත් නෑ :(
    w දෙකකින් මූණ වැහිල.. :(
    එකට තාප්පෙන් පැනපු උන් පාස් වුනාම ඔහොමයි.. :(
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    උඹල කියයි :(
    W දෙකක් ආව කිව්වාම බල්ලෙක්ටවත් අපි ගත්තු එක A එකක්වත් පෙන්නෑ :(
    යනකං ඉඳල හිනාවෙනව.. :(
    විභාගෙ තමා බං ජීවිතේ ඕක තමා ඇත්ත :/
    දැන් පාස් වුන උන් අපිව ගණං ගන්නෙත් නෑ.. :(
    අද පන්ති ගිහිං එද්දි ඒලෙවල් වලට පන්ති ගිය උන් සෙට් එකක් හම්බවුනා.. සෙට් එකක් කිව්වට දෙන්නෙක්..
    කියන්න සතුටුයි සිඞ්හලයෝ උන් මාව දැක්කෙවත් නෑ :(
    w දෙකකින් මූණ වැහිල.. :(
    එකට තාප්පෙන් පැනපු උන් පාස් වුනාම ඔහොමයි.. :(

    ඕවට සැලෙන්න එපා කොල්ලෝ..හොඳට කරලා උසස් පෙළ ගොඩ දාගනින්. සා/පෙ A 9,10 ගන්න එවුන් ඔලුව උදුම්මාගෙන ගොඩක් වෙලාවට උ/පෙ ඇණ කර ගන්නවා. යන්තම් ගොඩ ගිය එකා දන්නවා අමාරුව. මහන්සි වෙලා වැඩ කරපං. වරදින්න්නේ නෑ බං..ෂුවර්..!
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේක ගැන ගොඩක් දේවල කතා කරන්න පුළුවන්

    රටේ අද්යාපන තරගය තමයි ඔක්කොටම මුල. ළමයි පීඩනයකට ලක් කරනවා. 1970 හෝ ඊට කලින් ඉපදුනු දෙමව්පියන් ගුරුවරු ඒ කලේ මතවාදය තමයි තවමත් තියෙන්නේ. ඒ කලේ විබාග ඉහලින්ම සමත්වෙලා campus ගිහිල්ල ආණ්ඩුවේ රස්සාවක් හොයාගන්නව ඇරුනහම වෙන විකල්පයක් නැහැ.

    ඒක තමයි පොළිස් කාරයො 1000ට අරං 100 දීල වගේ ඉන්නෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    උඹල කියයි :(
    W දෙකක් ආව කිව්වාම බල්ලෙක්ටවත් අපි ගත්තු එක A එකක්වත් පෙන්නෑ :(
    යනකං ඉඳල හිනාවෙනව.. :(
    විභාගෙ තමා බං ජීවිතේ ඕක තමා ඇත්ත :/
    දැන් පාස් වුන උන් අපිව ගණං ගන්නෙත් නෑ.. :(
    අද පන්ති ගිහිං එද්දි ඒලෙවල් වලට පන්ති ගිය උන් සෙට් එකක් හම්බවුනා.. සෙට් එකක් කිව්වට දෙන්නෙක්..
    කියන්න සතුටුයි සිඞ්හලයෝ උන් මාව දැක්කෙවත් නෑ :(
    w දෙකකින් මූණ වැහිල.. :(
    එකට තාප්පෙන් පැනපු උන් පාස් වුනාම ඔහොමයි.. :(

    ඕවට හිත upset කරගන්න එපා සහෝ. සමහර යාලුවෝ ඔහොම තමයි. උන් නියම යාලුවෝ නෙවි.