සාර්ථකත්වයට සරල පියවර 6ක්
මම පුද්ගලිකව ජිවිතය බොහෝම අසාර්ථක විදිහට ආරම්භ කල කෙනෙක්. අවුරුදු 19 වෙනකොට අසාර්ථකත්වය මොකක්ද කියලා හොඳටම දැනගත්තට පස්සේ සාර්ථකත්වය මොකක්ද කියලා හොයන්න පටන් ගත්තා. ඒ ගමන අතරතුර මට බොහොම දේවල් ඉගෙනගන්න ලැබුනා. අද මම කියාදෙන්න යන මේ සරල පියවර 6 අනුගමනය කිරීමෙන් ඔබට අනිවාර්යයෙන් සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේක මම කියන්නේ බොහොම වගකීමෙන්. මේක සරල දෙයක් වගේ පෙනෙයි. නමුත් ඇතිවෙන වෙනස ඔබට හිතාගන්නවත් බැ. මෙය ඔබ බලාපොරොත්තු වෙනවාට වඩා වෙනසක් ඇති කරන බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. එහෙනම් මොකක්ද මේ පියවර 6?
01. ඔබේ ජිවිතයේ රටාව අඳුනාගන්න
මෙතැනදී රටාව කියන්නේ විශේෂයෙන් ඔයාලගේ පුරුදු සහ ඔයාලගේ භාවිතාවන් වලට. ඔයගොල්ලන්ගේ ජිවිතයේ සාර්ථකත්වයට විශාලම බලපෑමක් වෙන්නේ ඔයාලා ජිවත්වන රටාව. ඒ රටාව ඇතුලේ සාර්ථකත්වයට යන පුරුදු හා ක්‍රියාවලියන්, පිළිවෙත් නැතිනම් ඔබේ සාර්ථකත්වයට යන මාවත බාධක වලින් වැසුණු එකක්. මුලින්ම තමන් විසින් තමන්ගේ ජිවිතයේ සාර්ථකත්වයට යොමු කරවන රටාවන් හා සාර්ථකත්වයෙන් ඈත්කරවන රටාවන් අඳුනගන්න ඕන. එකපාර මතක් වෙන්නේ නැති නිසා කොල කෑල්ලක් අරගෙන තමන්ගේ පුරුදු (උදේ නැගිටිනවෙලාවේ ඉඳලා කරන ඒවා) ලියන්න. මේ පුරුදු වලින් තමන්ට යහපත් අයහපත් පුරුදු හා රටාවන් අඳුනගෙන අයහපත් ඒවා ඉවත් කරගන්න. මේක තනියම කරන්න බැරිනම් තව කෙනෙක්ගේ සහය ගන්න.
02. නිවැරදි ලෙස අරමුණු තබාගන්න
ගොඩක් දෙනා එක එක ගෝල්ස් එහෙමත් නැත්තන් අරමුණු සාර්ථක කරගන්න උත්සහ කරනවා. අපි හැමෝම දන්නවා අලුත් අවුරුද්දක් ලබනකොට බොහොමදෙනා ඒ අවුරුද්දේ තමන්ගේ අරමුණු මොනවද කියලා කොලේකත් ලියනවා (ඔයාලත් එහෙම කරනවා ඇති, අඩුම තරමේ මුකුත් නොකරනවාට වඩා එකත් ලොකු දෙයක්). නමුත් ඔබ දන්නවද පර්යේෂණ මගින් පෙන්වාදී තිබෙනවා දෙසැම්බර් 31 රාත්‍රියේ ඉදිරි වසර සඳහා අරමුණු ලියන අයගෙන් 95% ජනවාරි 15 වනවිට ඒ අරමුණු වලට යන එක අතැරලා දානවා කියලා. ඇයි එහෙම වෙන්නේ?
එහෙම වෙන්න ප්‍රධාන හේතුව ඒ අරමුණු වලින් තමන්ව උත්තේජනය නොවීම. ඔබ සමහරවිට මම රුපියල් මිලියනයක් උපයනවා කියලා අරමුණක් තියාගන්න පුළුවන් නමුත් ඒ අරමුණ ඔබව උත්තේජනය කරන්නේ නැ. අරමුණ ඔබව උත්තේජනය කරන්න නම් ඒ අරමුණ තුලින් ලැබෙන ප්‍රතිලාබය අරමුණ සමග සටහන් වෙන්න ඕන. මම සිනි කන එක නවත්තනවා කියනවට වඩා එයත් සමග ලැබෙන සෞක්‍ය ප්‍රතිලාබ හා ඒ නිසා කෙට්ටුවිමෙන් ලැබෙන ප්‍රතිලාබ ගැන සිතන්න. අන්න එතකොටයි ඔබට සිනි කන එක නවත්තන්න උත්තේජනයක් ඇතිවෙන්නේ
“ඔබ ආයාසයෙන් ඔබේ අරමුණ වෙත ගමන් කරනවා වෙනුවට ඔබව නිරායාසයෙන් ඒ වෙත ඇදී යයි නම් ඔබේ අරමුණ සාර්ථක එකකි”
03. මනස පෝෂණය කරන්න
මේක ඉතාම අත්‍යාවශ්‍ය දෙයක්. මා පුද්ගලිකව දිනකට පැයක් මගේ අරමුණු වලට යාමට අවශ්‍ය වන දැනුම ලබාදෙන පොතපත කියවන්නට හා වෙනත් ආකාරවලින් දැනුම ලබන්නට කාලය ගත කරනවා. සාමාන්‍ය පිළිගැනීම අවම වශයෙන් දිනකට පැය බාගයක්වත් මේ සඳහා ගත කරන්න කියන එක. කාලය වැඩි කරගන්න තරමට ඔබට හොඳයි. ලෝකප්‍රසිද්ධ සාර්තකත්ව උපදේශකයෙක් වන ජිම් රොන් (Jim Rohn ) විසින් වරක් පවසනවා “ඔබේ වෘතිය වෙනුවෙන් වෙහෙසවෙන ප්‍රමාණයට වඩා ඔබේ අභ්‍යන්තර දියුණුව වෙනුවෙන් වෙහෙසෙන්න මොකද රස්සාවක් තුලින් ඔබට ජීවිකාවක් සකසාගත හැකිවන අතර අභ්‍යන්තර සංවර්ධනය තුලින් ඔබට නිධානයක් පාදාගත හැකි නිසා” කියලා.
මේ නිසා අනිවාර්යයෙන් තමන්ගේ අරමුණට යාමට උපකාරීවන දැනුම ලබන්න නිතරම උත්සුක වෙන්න. මගේ මුහුණු පොතේ පිටුවේ මම හැකි සැම වෙලාවකම මනසට නොයෙක් පෝෂ්‍යදායි ආහාර ලබාදෙනවා. කැමති අයට පුළුවන් ගිහින් බලන්න
https://www.facebook.com/skillsavenue.cf/
04. ඔබව ඉදිරියට තල්ලු කරන්න
අභියෝග වලට ඔබව තල්ලු කරන්න. නිතරම ඔබේ ලිමිට් එක පරික්ෂා කරන්න. අන්න එතකොටයි ඔබේ පරාසය වැඩිවෙන්නේ. ඔබ කායවර්ධනය ගැන උනන්දු නම් අසා ඇති එක ව්‍යායාමයක් කරනකොට යම් බරක් උස්සනකොට ඊට අදාළ මාන්ශපේශීය වැඩිපුරම වර්ධනය වෙන්නේ අමාරුවෙන් අවසානයේදී කරන එසවීමේදී. මේ නීතියම ඔබටත් වලංගුයි. ඔබ අභියෝගයන්ට මුණ දෙන්න දෙන්න තමයි ඔබේ ශක්තිය වැඩිවෙලා පරාසය වර්ධනය වෙන්නේ.
ඔබේ නිර්මානශිලිත්වයත් එහෙමයි. භාවිතා කරන්න කරන්න තමයි හැකියාව වර්ධනය වෙන්නේ. මේ නිසා ඔබ ඔබව නිතරම පරික්ෂාවට ලක් කරන්න ඔබේ හැකියාවට ඔබම අභියෝග කරන්න.
05. ඇඟ ගැනත් හිතන්න.
නිරෝගී මනසකට නිරෝගී ශරීරයක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. ශරීරය වේදනා දෙනවනම් ශරීරය අපහසුවෙන් නම් තියන්නේ ඔබට ඔබේ සාර්තකත්ව අරමුණට මනස මෙහෙයවන්න අපහසුයි. මොකද බාහිරින් එන වේදනාවට මනස ප්‍රතිචාර දක්වනවා. ඔබ සාර්ථකත්වය සඳහා වන පොතක් කියවනවා කියලා හිතන්න ඔබට දරාගන්න බැරි කොන්දේ අමාරුවක් ඇතිවුනොත් ඔබට එක අරමුණකින් අර පොත කියවන්න පුලුවන්ද? මේ නිසා හැකි තරම් ශරීරය යහපත් මට්ටමකින් තබාගන්න.
06. මනස ටියුන් කරගන්න
මනස නිසි සංක්යාතයකට පවත්වාගැනීම බොහොම වැදගත්. මොකද සාර්ථකත්වය කියන්නේ ඔබේ මනසේ ස්වාභාවය මත තීරණය වන දෙයක්. මනස ටියුන් කිරීමේ ප්‍රධාන කොටස් තුනක් තියනවා.
• කෘතඥතාව ඇති කර ගැනීම
ඔබට මේ ලැබී ඇති ජිවිතයේ ඔබට සතුටුවිය හැකි කුමන හෝ පොඩිම හෝ දෙයක් අනිවාර්යයෙන් තියෙනවා. අන්න ඒක හොයාගන්න. ඔබේ අතපය හතරම තිබෙනවානම් ඔබ ඒ පිළිබඳව කෘතඥ වෙන්න. ලෝකයේ මිනිසුන්ට එදා වේල කන්න නැතිව තියෙනකොට ඔබට තුන්වේල කන්න තියනවනම් ඊට කෘතඥ වෙන්න. මේ විදිහට ඔබට තියන මොනමහරි දෙයක් වෙනුවෙන් කෘතඥ වෙන්න.
මේක ගොඩක් මොටිවේෂන් පොත් වල ලේක්චස් වල කිව්වට හේතුව කියන්නේ නැ. නමුත් හේතුව තමයි ඔබ යමක් පිළිබඳව කෘතඥාතාවක් ඇති කරගන්නකොට කේන්තිය පරාජිකත්වය වගේ සෘණ සිතුවිලි ඇතිවෙන්නේ නැ. මොකද මේ සිතුවිලි වර්ග දෙක එකම මොහොතේ පවතින්නේ නැ. ඒ නිසා දවස ආරම්භයේදීම කෘතඥතාව ඇතිකරගන්නකොට අර අනෙක් සිතිවිලි නිකම්ම එලියට යනවා.
• හැඟීම් වලට ඔබව පාලනය කරන්නට නොදී ඔබ හැඟීම් පාලනය කරන්න
දියුණුවෙන්න ඔබ යන ගමනේදී ඔබේ ගමන බොහොම සෞම්‍ය පාරක යන ගමනක් වෙන්නේ නැ. වැටීම්, රිදීම් හා හැලහැප්පීම් අනන්තවත් සිදු වෙනවා. ඔබ මේවා ගැන දුක්වෙන්න ලතවෙන්න කාලය නාස්ති කලොත් වෙන්නේ ඔබේ ගමන පමාවිමයි. තමන්ට යම් පසුබෑමක්, කනගාටුවක්, කේන්තියක් හෝ වෙනත් එවැනි තත්වයක් ඇතිවූ වහාම මනස ඉක්මනින් එම තත්වයෙන් මුදවාගෙන යතාතත්වයට පත් කරගන්න පුරුදුවෙන එක ඉතාම වැදගත්. සමහර සාර්ථක මිනිසුන් තත්පර 90ක් තුල තමන්ට ඇතිවෙන ඕනෑම දුකක් පසුබෑමක් තුලින් යතාතත්වයට පත්විය හැකි ලෙස මනස ශක්තිමත් කරගෙන ඇති බව ඇසුවොත් ඔබ පුදුම වෙයි. මෙය එකවරම කරන්නට අපහසු වුනත් පුරුද්ද තුලින් ඔබටත් මේ තත්වයට පත්විය හැකියි.
• දෙන්න
ඔබට පුළුවන් ආකාරයට ඔබ සමාජයට යමක් දෙන්න. මෙයින් ඔබට මානසික උත්තේජනයක් ලැබෙනවා. ඔබ මේ සමාජය යහපත් කරන්න දායක වෙන කෙනෙක් කියලා ඔබට දැනෙන්න ගන්නවා. ඔබ සමාජයේ වැදගත් කෙනෙක් කියන එක ඔබේ යටිහිත තේරුම් ගන්න පටන් ගන්නවා. මේ විදිහට ඔබේ යටිහිත මේක තේරුම් ගැනීමත් සමග වෙන විශාල පරිවර්තනයක් තියනවා. ඒ තමයි මේ සිතිවිලිවලට අදාළ පෙනුම ඔබේ ශරීරය තුලින් ක්‍රමයෙන් ඉස්මතු වෙන්න පටන්ගන්නවා. වෙනදට දකින සෙල්ලක්කාර පෙනුම වෙනුවට වගකීම් සහගත පෙනුමක් ඔබතුලින් විද්‍යාමාන වෙන්න ගන්නවා. මේ නිසා ඔබේ වචනයට වටිනාකමක් ඔබට සමාජයේ පිළිගැනීමක් ඇතිවෙනවා. ඔබේ සාර්ථකත්වයට මේ දේ අනිවාර්යෙන් බලපානවා.
එහෙනම් මෙච්චරකල් සාර්ථකත්වය ගැන හින බැලුවනම් අඩ ඉඳන් ඒ හින බලන එක නවත්තලා සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න.
ධනුෂ්ක අබේරත්න
CEO
Skills Avenue
FB - https://www.facebook.com/skillsavenue.cf/
Web - http://www.skillsavenue.cf/
(උපුටාගැනීමේදී කතෘ අයිතිය ආරක්ෂා කරන්න.)

Last edited: