< සාර්ථකත්වයේ පියවර තුන >
ප්‍රථම පියවර
සාර්ථකත්වය සඳහා ඇති දෙවන පියවර නම්,කිසියම් තෝරා ගත් වැඩක සුවිශේෂී හැකියාව ලබා ගැනීමට හෙවත්,එහි විශිෂ්ටත්වය ලබා ගැනීමට,උත්සාහ කිරීම ය.
උදාහරණයක් කිවහොත්,ශිෂ්‍යයකු තම අනාගත රැකියාව වශයෙන් රසායන විද්‍යාව සම්බන්ධ රැකියාවක් කරන්නට අපේක්ෂා කරතියි සිතමු.
මේ ක්ෂේත්රයේ ඇති නොයෙකුත් විෂය ශාකවන් අතුරෙන් එකක ඔහු මුලුමනින්ම ඒකාග්ර විය යුතු වන අතර,තමා ගේ මුලු කාලය සහ උත්සාහය ඒ වෙනුවෙන් යොමු කල යුතුය.
ඔහුගේ උද්යෝගය තෝරා ගත් ශාකාවෙ සියල්ල දැන ගැනීමට යොමු විය යුතු වන අතර,හැකිනම් අන් සියලු දෙනාට වඩා ඒ ගැන දැනුවත් විමට උත්සහ කල යුතුය.
තුන්වන පියවර
අතිශයින් ම වැදගත් වන්නේ තුන් වන පියවරයි.ඔබට කරන්නට අවශ්‍ය වී ඇති කාර්යය,හුදෙක් ඔබගේ යහපතටම පමණක් උපයෝගී නො වන්නක්
බවට ඔබ සෑහිමකට පත් විය යුතුය.ඔබගේ ආශාව ආත්මාර්ථකාමි එකක් නො විය යුතුය.එය මනුෂ්‍යත්වයට,මනුෂ්‍යය වර්ගයාට ප්රතිලාභ සලසන්නක් ම වියයුතුය.
සම්පූර්ණ 'ගමන් චක්‍රයක්' ම නිර්මාණය කරන්නට ඔබ මුල් විය යුතුය.වෙනත් වචන වලින් කිවහොත්,
මුලු ලෝකයටම ආශිර්වාදයක් වන සේවාවක් කිරිමට ඔබගේ අදහස,ඉදිරියට රැගෙන යා යුතුය.
එය අතිශයින් විශාලනය වී කීප ගුනයක ආශිර්වාදයක් වෙමින් ඔබ වෙත පෙරලා පැමිනෙනු ඇත.ඔබ හුදෙක් ඔබෙම යහපත වෙනුවෙන් ක්‍රියාකාරි වේ නම්,ඔබට මේ අත්‍යවශ්‍ය චක්‍රය සම්පූර්ණ කර ගත නොහැකි වනු ඇත.
ඔබ සාර්ථක වී ඇතැයි කෙනෙකුට පෙනෙනු විය හැකි නමුත්,ඔබ තම ජීවිතය තුළ තනා ගෙන ඇති 'කෙට් චක්‍රය' කල් යාමේ දී ඔබ රෝගීයකු බවට පත් කරන්නට හේතු වනු ඇත.
උපුටා ගැනීම:"The power of Subconscious Mind"
අනුවර්තනය:ලීලානන්ද ගමාච්චි
ප්‍රථම පියවර
සාර්ථකත්වයේ ප්‍රථම වැදගත් පියවර නම්,ඔබ කරන්නට කැමති දේ සොයා ගෙන එය කිරීමයි.ඔබ ඔබේ කාර්යයට ආදරය කරන්නේ නැතිනම්,එහි දී ඔබට සාර්ථකත්වයක් ලබා ගත හැකි යැයි අපේක්ෂා කරනු උගහටය.මුළු ලොකය ම එය
මහා සාර්ථකත්වයක් සහ ජයග්‍රහණයක් ලෙස දුටුව ද, ඔබට එසේ සලකන්නට හැකි නොවේ.යම් කාර්යයකට ආදරය කරන විට,එය කිරිමට ගැඹුරු ආශාවක් ඔබ තුල ඇතිවේ.
දෙවන පියවරමහා සාර්ථකත්වයක් සහ ජයග්‍රහණයක් ලෙස දුටුව ද, ඔබට එසේ සලකන්නට හැකි නොවේ.යම් කාර්යයකට ආදරය කරන විට,එය කිරිමට ගැඹුරු ආශාවක් ඔබ තුල ඇතිවේ.

Last edited: