< සාර්ථකත්වයේ පියවර තුන >

Crysis2x

Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    < සාර්ථකත්වයේ පියවර තුන >

    ප්‍රථම පියවර
    සාර්ථකත්වයේ ප්‍රථම වැදගත් පියවර නම්,ඔබ කරන්නට කැමති දේ සොයා ගෙන එය කිරීමයි.ඔබ ඔබේ කාර්යයට ආදරය කරන්නේ නැතිනම්,එහි දී ඔබට සාර්ථකත්වයක් ලබා ගත හැකි යැයි අපේක්ෂා කරනු උගහටය.මුළු ලොකය ම එය
    මහා සාර්ථකත්වයක් සහ ජයග්‍රහණයක් ලෙස දුටුව ද, ඔබට එසේ සලකන්නට හැකි නොවේ.යම් කාර්යයකට ආදරය කරන විට,එය කිරිමට ගැඹුරු ආශාවක් ඔබ තුල ඇතිවේ.


    දෙවන පියවර
    සාර්ථකත්වය සඳහා ඇති දෙවන පියවර නම්,කිසියම් තෝරා ගත් වැඩක සුවිශේෂී හැකියාව ලබා ගැනීමට හෙවත්,එහි විශිෂ්ටත්වය ලබා ගැනීමට,උත්සාහ කිරීම ය.
    උදාහරණයක් කිවහොත්,ශිෂ්‍යයකු තම අනාගත රැකියාව වශයෙන් රසායන විද්‍යාව සම්බන්ධ රැකියාවක් කරන්නට අපේක්ෂා කරතියි සිතමු.
    මේ ක්ෂේත්‍රයේ ඇති නොයෙකුත් විෂය ශාකවන් අතුරෙන් එකක ඔහු මුලුමනින්ම ඒකාග්‍ර විය යුතු වන අතර,තමා ගේ මුලු කාලය සහ උත්සාහය ඒ වෙනුවෙන් යොමු කල යුතුය.
    ඔහුගේ උද්යෝගය තෝරා ගත් ශාකාවෙ සියල්ල දැන ගැනීමට යොමු විය යුතු වන අතර,හැකිනම් අන් සියලු දෙනාට වඩා ඒ ගැන දැනුවත් විමට උත්සහ කල යුතුය.

    තුන්වන පියවර
    අතිශයින් ම වැදගත් වන්නේ තුන් වන පියවරයි.ඔබට කරන්නට අවශ්‍ය වී ඇති කාර්යය,හුදෙක් ඔබගේ යහපතටම පමණක් උපයෝගී නො වන්නක්
    බවට ඔබ සෑහිමකට පත් විය යුතුය.ඔබගේ ආශාව ආත්මාර්ථකාමි එකක් නො විය යුතුය.එය මනුෂ්‍යත්වයට,මනුෂ්‍යය වර්ගයාට ප්‍රතිලාභ සලසන්නක් ම වියයුතුය.
    සම්පූර්ණ 'ගමන් චක්‍රයක්' ම නිර්මාණය කරන්නට ඔබ මුල් විය යුතුය.වෙනත් වචන වලින් කිවහොත්,
    මුලු ලෝකයටම ආශිර්වාදයක් වන සේවාවක් කිරිමට ඔබගේ අදහස,ඉදිරියට රැගෙන යා යුතුය.
    එය අතිශයින් විශාලනය වී කීප ගුනයක ආශිර්වාදයක් වෙමින් ඔබ වෙත පෙරලා පැමිනෙනු ඇත.ඔබ හුදෙක් ඔබෙම යහපත වෙනුවෙන් ක්‍රියාකාරි වේ නම්,ඔබට මේ අත්‍යවශ්‍ය චක්‍රය සම්පූර්ණ කර ගත නොහැකි වනු ඇත.
    ඔබ සාර්ථක වී ඇතැයි කෙනෙකුට පෙනෙනු විය හැකි නමුත්,ඔබ තම ජීවිතය තුළ තනා ගෙන ඇති 'කෙට් චක්‍රය' කල් යාමේ දී ඔබ රෝගීයකු බවට පත් කරන්නට හේතු වනු ඇත.

    උපුටා ගැනීම:"The power of Subconscious Mind"
    අනුවර්තනය:ලීලානන්ද ගමාච්චි

     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මමත් නන්නත්තාර වෙලා හිටියේ මාස කීපයකට කලින්. දැන්නම් දෙයියනේ කියල ඉන්නව.

    කොල්ලෙක්ට ගොඩ එන්නනම් කරන්න තියෙන්නේ මේකයි.

    01 තමන්ට මොකක්ද ඕන? තමන්ගේ Passion එක මොකක්ද කියල තෝර ගන්න ඕන.
    02 තව තන්හාව අඩු කරන්න ඕන. ඒ කිව්වේ හැම ලබ්බම බදාගන්න එක අතඅරින්න ඕන eg:- ඉගෙන ගන්න එකෙක්නම් හැම දේම ඉගෙන ගන්නවට වඩා මාකට් කරන්න , කැමති එක දෙයක් ගැන ගැබුරට ඉගෙන ගන්න ඕන.

    03 ටයිම් ෆ්‍රේම් එකක් හදාගන්න ඕන. ඒ අනුව දවසට නියමිත වැඩ ටික කරන්න ඕන.
    04 අනිත් එක අනිත් අය තමන් ගැන හිතන්නේ කොහොමද කියන විකාර හිතන එක නවත්තල තමන්ගේ වැඩේ වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන.
    05 වැඩේ කරගෙන යනකොට වෙන වෙන පැති වලට හැරෙන්නේ නැතිව එකදිගටම කරගෙන යන්න ඕන.
    06 ඉලක්කයේ පොඩි පොඩි කෑලි කඩා ගන්න ඕන. එක කෑල්ලක් සාර්තක කරගත්තම මීලඟ එක කලින්ට ඩා හොඳට කරන්න ප්ලෑනක් ගහන්න ඕන.
    07 තමන්ගේ සියලුම ශක්තිය , අවධානය ඒ වෙනුවෙන් කැප කරන්න ඕන.
    08 ටාගට් එකට යන්න අවශ්‍ය දේවල් ලිස්ට් එකේ වඩාත් හදිස්සි දේවල් මුලින් කරන්න ඕන.
    09 තමන්ගේ ජීවිතේ වෙනසක් කරන්න බැරි උන් එක්ක සම්බන්ද කන් හදාගන්න එපා. තමන්ට වැඩක් තියෙන , තමන්ට වඩා ඉහලින් ඉන්න උන් එක්ක කනෙක්ෂන්ස් හදාගනින්.
    10 හදවත පැත්තකට දාල මොලෙන් හිතන්න ගනින්.
    11 කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා.
    12 තමන්ගේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරනව නම්. හොඳ වගකීමක් එක්ක කොලිටි ප්‍රොඩක්ට් එකක් දියන්.
    13 එන ආදායම් යන වියදම් ගැන වාර්තා තියා ගනින්.
    14 හිත හිත ඉන්න එපා. ක්‍රියාව තමයි වැදගත්. :yes:

    කිසිම පිළිවෙලක් නෑ ඔය මම කිව්ව දේවල් වල, ඔය මට ගොඩයන්න හේතුවුනු කරුනු. අත්දැකීමෙන් කියන්නේ. :yes::yes::yes: