සාර්ථකම woman

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka

    1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.

    1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.


    1. බොලිවුඩ් සිනමාවේ සාර්ථකම කාන්තාව විදියට සැලකෙන්නේ ඇයයි.
    2. 2009දී ඇය ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානය දිනාගත්තා.
    3. ඇය ප්‍රංශ රජයෙන් ජනප්‍රිය කලාකරුවන් සඳහා වන සම්මානයත් දිනාගෙන තිබෙනවා.
    4. ඇය අදටත් ලොව ලස්සනම කාන්තාව ලෙස හඳුන්වනවා.
    5. පාසල් කාලයේ සිටම නිරූපිකාවක් ලෙස ඓශ්වර්යා කටයුතු කර තිබෙනවා.

    6. ඇය පළමුවෙන්ම රඟපෑවේ සිනමාවෙ නෙවෙයි වෙළෙඳ දැන්වීම්වල.
    7. වරක් 1994ට පෙර ඇය මිස් ඉන්දියා තරගයකදී දෙවැනි ස්ථානය දිනාගත්තා.
    8. ඇය පළමුවෙන්ම රඟපෑවේ දෙමළ ප්‍රහසන නාට්‍යයක.
    9. 1999දී ඇය චිත්‍රපට දෙකක් වෙනුවෙන් හොඳම නිළිය සම්මාන 2ක් දිනාගත්තා.
    10. ඇය පුණ්‍යාධාර ආයතන කීපයකම බ්‍රෑන්ඩ් එම්බැසඩර් බවට පත්වී සිටිනවා.
    11. ඓශ්වර්යා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක්.
    12. ඇය සල්මන් ඛාන් සමඟ පෙමින් බැඳී සිට තිබෙනවා.
    13. සුප්‍රසිද්ධ දිල් කා රිෂ්ටා චිත්‍රපටය ඇගේ සොහොයුරාගේ නිෂ්පාදනයක්.
    14. ඇය ඉතා විශාල ලෙස ආගමට නැඹුරුවක් දක්වනවා.
    15. ඓශ්වර්යා ඉන්දියානු නර්තනය හදාරන්නේ අවුරුදු පහේ සිටයි.
    16. ඇය කැමැතිම විෂය සත්ත්ව විද්‍යාව.
    17. දෙවතාවක්ම ඇය වෛද්‍ය විද්‍යාලයට යන විභාගයට මුහුණ දී තිබෙනවා.
    18. වෛද්‍ය වෘත්තිය හැරුණු කොට ඇය කැමැත්තෙන් සිටියේ ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්නයි.
    19. වෝග් සඟරාවේ සුපර් මොඩ්ල් වෙද්දී ඇගේ වයස අවුරුදු 17යි.
    20. ඇගේ පළමු ප්‍රසිද්ධ රංගනය අමීර් ඛාන් එක්ක පෙප්සි ඇඩ් එකක්.
    21. අවුරුදු 9දී ඇය පැන්සල් හා සම්බන්ධ ඇඩ් එකක පෙනී සිටියා.
    22. එකවර පෙප්සි සහ කොකාකෝලා ඇඩ්වල පෙනී සිටි එකම නිරූපිකාව ඇයයි.
    23. ඇය නිරූපණය කළ ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ දැන්වීම් සංඛ්‍යාව 16ක්.
    24. කෑන්ස් සම්මාන උළෙලේ ජූරියේ සාමාජිකාවක වූ පළමු බොලිවුඩ් නිළියත් ඇයයි. ඒ 2003දීයි.

    gatta..matanin
    www.nalunilenews.com


     
    • Like
    Reactions: chaturanga836

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගැනියෙක් ඉන්නවා වගේම සාර්ථක ගෑනියෙක් පිටිපස්සේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා ..:lol::lol:

    ඕනෙනම් කියන්නම් කව්ද කියල