සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සත

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සත

    සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්
    තාත්තා කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න සියළුම කොළු කුරුට්ටන් කියවිය යුතුම ලිපියක්

    6a017c33595b1c970b017ee5a2b926970d-600wi


    දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකොට නැහැ.

    මේ අතර ඉන්දියාවෙ මුම්බායි නගරයේ කොහිනූර් රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය අංජලී තල්වල්කාර් මාස දෙකකට වරක් ආසියාතික තරුණියන්ගේ ගර්භනී බව පිළිබඳ වැඩමුළු පවත්වනවා. මෙවර ඇය කතා කර තිබෙන්නේ දරු උපතක් සඳහා පිරිමියාගේ සෞඛ්‍යයේ බලපෑම ගැනයි.



    දරුවෙකු පිළිසිඳ ගැනීම සහ පිරිමියා අතර ඇති සම්බන්ධය විස්තර කළොත්?

    පිරිමියෙකු නැතිව ස්වභාවික තත්වයන් යටතේ පිළිසිඳ ගැනීමක් සිදු වෙන්න කොහෙත්ම බැහැ. ශුක‍්‍රාණු සෛල ස්වභාවිකව නිෂ්පාදනය කරන්නේ පිරිමි පක්ෂයේ සිරුර තුළ ස්වභාවිකව ශ‍්‍රාවය වන හෝමෝන නිසයි. පර්යේෂණාගාර මට්ටමින් ශුක‍්‍ර සෛල නිෂ්පාදනය කරන්න පුළුවන් තාක්ෂණයක් තිබෙනවා. නමුත් ඒවා ස්වභාවික ශුක‍්‍ර සෛල වගේම ක‍්‍රියාකාරී ද කියලා සැකයක් තියනවා. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමක් සඳහා පිරිමියෙකුගේ ශුක‍්‍ර සෛල අත්‍යවශ්‍යයි.


    පිළිසිඳ ගැනීමකට පියාගේ සෞඛ්‍ය තත්වයත් බලපානවාද?

    අනිවාර්යයෙන්ම. දරුවෙක් හැදෙන්නෙ මව සහ පියා කියන දෙදෙනාගේම ජානවලින්. පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක තාත්තා කෙනෙක් ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වීම වැදගත්. ඒ කියන්නෙ අංගවිකල බව, මානසික ව්‍යාධි තත්වයන් ගැන නෙවෙයි. අසනීප තත්වයන්ගෙන් තොර නිරෝගී කෙනෙක් වීම වැදගත්.


    ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්?

    දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමි කෙනෙක් මත් පැන් පානය කිරීම තාවකාලිකව හෝ නතර කිරීම වැදගත්. මත්පැන් නිසා ශුක‍්‍ර සෛලවල ප්‍රබල බව, නිරෝගී බව සහ ක‍්‍රියාකාරීත්වය අවම වෙනවා. ඒවායේ ආයු කාලයත් වෙනස් වෙන්න පුළුවන්.


    ශුක‍්‍ර සෛලවල ආයු කාලය පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ කොහොමද?

    සාමාන්‍යයෙන් ශුක‍්‍ර සෛල කාන්තා යෝනි මාර්ග තුළ දී දින 4 ක් 6 ක් විතර සජීවී තත්වයේ සිටිනවා. ඒ අතර ඩිම්බ සෛලයක් පිටවූ පසු එය සංසේචනය කරන්න යෝනි මාර්ගයේ තිබෙන ශුක‍්‍ර සෛලවලට පුළුවන්. නමුත් ශුක‍්‍ර ෙසෙල දින හතරක්ම සජීවී තත්වයේ ඉන්නේ නැතිව දින දෙකකින් එහි ජීවි බව නැති වුණොත් තුන් වෙනි දිනයේ ඩිම්බ සෛලයක් විමෝචනය වුණාට එය සංසේචනය කරන්න ශුක‍්‍ර සෛලවලට හැකි වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි වැඩි දින ගණනක් ශුක‍්‍ර සෛල සජීවී ව තබා ගැනීම වැදගත් වෙන්නෙ. මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න ඍජුවම හේතු වෙනවා.


    එතකොට ඒවායේ ක‍්‍රියාකාරීත්වය බලපාන ආකාරයත් විස්තර කරලා දෙන්න.

    ශුක‍්‍රාණු සෛල මිලියන ගණනක් යෝනි මාර්ගයට ඇතුළු වුණත් ඩිම්බයක් සංසේචනය කරන්න අවස්ථාව තිබෙන්නෙ එකම එක ශුක‍්‍රාණු සෛලයකට විතරයි. ඒ කියන්නෙ අර මිලියන ගණනින් හොඳම, ශක්තිමත්ම සෛලයට විතරයි. යෝනි මාර්ගයට ඇතුළු වුණු තැන ඉඳලා ඩිම්බ සෛලය දක්වා පිහිනාගෙන ගමන් කරන්න නම් ශුක‍්‍රාණු සෛලය ඉතාම හොඳ ක‍්‍රියාකාරීත්වයකින් යුතු නිරෝගී සෛලයක් විය යුතු යි. ක‍්‍රියාකාරීත්වයෙන් අඩු ශුක‍්‍රාණු සෛලවලට ඩිම්බය තෙක් පිහිනා යන්න බැහැ. ඒ ආකාරයට තමයි ක‍්‍රියාකාරීත්වය වැදගත් වෙන්නෙ. කලින් කිව්වා වගේම මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න හේතු වෙනවා.


    පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ මත් පැන් සහ මත් ද්‍රව්‍යවල ක‍්‍රියාකාරීත්වය විතරද?

    නැහැ. පිරිමියාගේ ස්ථුල බව හේතු වෙන්න පුළුවන්. පිරිමියා තමන්ගේ සිරුරේ බර නිසි පවත්වා ගැනීම වැදගත්. අධික තරබාරු බව ශුක‍්‍රාණු සෛල නිපදවීමේ ධාරිතාව අඩු කරනවා. ඒ වගේම අනුරාගී හැසිරීමක දී ශුක‍්‍රාණු සෛල විමෝචනය කිරීමේ වේගයත් අඩු වෙන්න ස්ථුල බව හේතු වෙනවා.

    මීට අමතරව තවත් කාරණයක් කියන්න ඕනෙ. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමියෙකු සවුනා,ස්ටීම් බාත්,හොට් බාත් වගේ දේවල් පාවිච්චි කිරීමෙන් තාවකාලිකව වැළකී සිටීම ඉතාම වැදගත්. හොට් බාත් හෝ සවුනා මගින් ශුක‍්‍රාණු සෛල අධික උණුසුමට ලක් වෙනවා. ඉන් ඒවායේ ජීවී බවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තාවකාලිකව ඒ වගේ දේවල් නතර කරන්න අනිවාර්යයෙන්ම වගබලා ගන්න ඕනෙ.


    Source : Lakbima

    කට්ටියටම වැදගත් වෙන ලිපියක් නිසා Share කරේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මාර වැඩේ කියන්නේ බැඳලා නැතුව room එකට ගිහිල්ල ඇතුලේ දාන්නෙත් නැතුව යන්තම් ගැවුනත් කෙල්ලෝ pregnant වෙනවා. :baffled:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    දැන් ලමයි හදන්න සුදුසු නැති අයත් ලමයි හදන නිසා එමයි හදන එක නතර කරන්න පනතක් ගේනවා -ජෝන් බාස්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාර වැඩේ කියන්නේ බැඳලා නැතුව room එකට ගිහිල්ල ඇතුලේ දාන්නෙත් නැතුව යන්තම් ගැවුනත් කෙල්ලෝ pregnant වෙනවා. :baffled:

    :dull::yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මං හිතන්නේ ඕක ඇඩියෙන්ම බලපන්නේ හම්බවෙන්නේ ගැහැණු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියන කාරනවට වෙන්න ඇති,
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    මාර වැඩේ කියන්නේ බැඳලා නැතුව room එකට ගිහිල්ල ඇතුලේ දාන්නෙත් නැතුව යන්තම් ගැවුනත් කෙල්ලෝ pregnant වෙනවා. :baffled:

    ඒ කතාව නම් ඇත්ත බන්. මොකද ආරක්ෂාව ගැන හිතනවානේ. ආරක්ශාවක් නැතුව වැඩේ කරන්න ගියාම සෙට් වෙන්නේ නෑ :baffled:
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මාර වැඩේ කියන්නේ බැඳලා නැතුව room එකට ගිහිල්ල ඇතුලේ දාන්නෙත් නැතුව යන්තම් ගැවුනත් කෙල්ලෝ pregnant වෙනවා. :baffled:

    ලිං කටේ ගෑවූනත් අැති බං:yes::confused: