මදසරු භාවය

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    මෙම වෛද්‍ය සාකච්ජාවේදී දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) පවුල් සැලසුම් ඒකකයේ වෛද්‍ය චම්පා නන්දනී මහත්මිය මදසරු භාවය පිලිබඳ ගැටළු සාකච්ජා කරන අතර මදසරු භාවය සම්බන්ධ ප්‍රමුක කරුණු පමණක් පහත දක්වා ඇත.





    සාමාන්‍ය පවුලකට විවාහ වීමෙන් පසු දරුවකු පිළිසිඳ ගැනීමේ අවස්‌ථාව ඔවුන් විවාහ වී කොපමණ කල් ද යන්න සමඟ කෙළින්ම සම්බන්ධතාවක්‌ ඇත. එනම් මාස 3 ක්‌ ඇතුළත ගැබි ගැනීමේ අවස්‌ථාව ඇත්තේ සියයට 50 කට පමණි. නමුත් මාස 12 ක්‌ පමණ වන විට සියයට 90 ක්‌ පමණ ගැබ් ගැනීමේ අවස්‌ථාව ඔවුන්ට ඇත. මේ අනුව උපත් පාලන ක්‍රම භාවිතා නොකොට සතියකට 2-3 වරක්‌ එක්‌වන යුවළක්‌ මාස 12 ක්‌ ගිය පසුත් ගැබි නොගනී නම් මද සරු තත්ත්වය ඇති බව අනුමාන කළ හැක. මෙලෙස වෛද්‍ය උපදෙස්‌ සඳහා යැමට මාස 12 ක්‌ යනතුරු පමා කළ යුතු නැති කොට්‌ඨාසයකුත් ඇත. එනම් අවුරුදු 35 ට වැඩි කාන්තාවන්, ඔසප්වීම පිළිවෙලට සිදු නොවන අවස්‌ථා ප්‍රජනන ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙනත් රෝග තත්ත්යන් ඇති විය, පුරුෂයාගේ වෘෂණ කෝෂවල ආබාධ ඇතිවිට ආදී අවස්‌ථාවලදී පමා නොවී වෛද්‍ය උපදෙස්‌ පැතීම යෝග්‍යයි. මදසරුභාවය දෙවර්ගයක්‌ ඇත. කිසි දිනක පිළිසිඳ ගැනීමක්‌ සිදු නොවූ විට එය ප්‍රාථමික මඳසාරුභාවය වශයෙන් හැඳින්වේ. පිළිසිඳ ගැනීමක්‌ කෙදිනක හෝ සිදුවී ඇත්නම් එම ගැබ් ගැනීම සම්පූර්ණ තත්ත්වයට පත්වූයේ නැති වුවද එම තත්ත්වය දෙවනුව ඇති වූ මඳසරු තත්ත්වය හෙවත් මඳසරුභාවය ලෙස සැලකේ. මඳසරුභාවය හේතුව පුරුෂයා හෝ කාන්තාව ගේ විය හැක. නැතහොත් දෙදෙනාගේම කිසිම සොයා ගත හැකි ගැටලුවක්‌ නැති මුත්, ගැබ් ගැනීම මෙම තත්ත්වයද හඳුනා ගැනීම වැදගත් වන්නේ ඒ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම සාර්ථක විය හැකි බැවිනි.

    ගැබ් ගැනීමක්‌ සඳහා අවශ්‍ය මුලික සාධක නම්,

    :yes: ගුණාත්මකභාවයෙන් යුත් ශුක්‍රාණු නිවරදි ප්‍රමාණය



    :yes: මෙම බීජ දෙවර්ගය මුණ ගැසීමට සුදුසු මාර්ගයක්‌ අවශ්‍ය වීම.

    මෙම අංශ තුනේ ගැටලු ඇතිවීමෙන් මඳසරුභාවය ඇති විය හැක. කාන්තාවන්ගේ ගැටලු වශයෙන් ප්‍රධාන වශයෙන් ඇත්තේ ඩිම්බ පිටවීමේ ගැටලු, පැලෝපීය නාල අවහිර වීම සහ එන්ඩොමෙටි්‍රයෝසිස්‌ නමැති රෝගය ඩිම්බ කෝෂ තුළ ඩිම්බ මිලියන 2 ක්‌ පමණ දරා සිටී. මෙම ඩිම්බ මල්වර වීමක්‌ සමග සෑම ආර්තචක්‍රයකදීම කිහිපයක්‌ හෝ එකක්‌ ක්‍රියාත්මක වේ. ආර්තව චක්‍රයක මැද දී මේරූ ඩිම්බයක්‌ ඩිම්බ කෝෂයෙන් පිටවී පැලේපීය නාලයට ඇතුළු වේ. මෙම ඩිම්බ පැලෝපීය නාලය හරහා ගර්භාෂය වෙත තල්ලුවී යයි.

    යෝනි මාර්ගය හරහා ගර්භාෂයට ඇතුල්වන ශුක්‍රානු පැලෝපීය නාලය ඔස්‌සේ ගමන් කර ඩිබ්බය මුණ ගැසේ. මෙහිදී සංසේචනය සිදුවීමෙන් ඇතිවන කලලය ක්‍රමයෙන් ගර්භාෂයට පැමිණ ගැබ් ගැනීම සිදු වේ. මෙම ගමනේදී වැඩෙන කලලයට අවශ්‍ය පෝෂණය සලසන්නේ පැලෝපීය නාලයේ ඇතුළු විය මඟිනි.

    ශුක්‍රාණුවක්‌ කාන්තා ප්‍රජනන මාර්ගය තුළ පැය 72 ක්‌ පමණ සජීවී තත්ත්වයෙන් තිබිය හැක. තවද ආර්තචක්‍රයේ 14 වන දින පිටවන ඩිම්බයක්‌ සංසේචනය කිරීමට 11 වන දින සිට 15 වන දින අතර කාලය තුළ ඇතුළු වන ශුක්‍රාණුවකට අවකාශ ඇත. එබැවින් සරු කාලය දළ වශයෙන් ඩිම්බ පිටවීමට දින 3 ක ට පෙර සිට ඩිම්බ පිටවීමෙන් දිනකට පසු දින 4 ක කාලයට සීමා වේ.

    කාන්තාවකට ඩිම්බ නිපදවීමේ ගැටලු තිබිය හැක. මෙවන් අවස්‌ථාවලදී බොහෝවිට ඔසප් චක්‍රය අපිළිවෙල වේ. නමුත් ඩිබ්බ පිටවීම සිදු නොවුවද ඔසප් වීම පිළිවෙළට සිදුවන අවස්‌ථා ඇත. සමහර හෝමෝන ආශ්‍රිත රෝග නිසා මෙය සිදුවිය හැක. එහිදී ඩිම්බ නිපදවීම සිදුවන නමුත් අවශ්‍ය ප්‍රමාණයට මෝරා ඩිම්බය පිටවීම සිදුවන්නේ නැත.

    තවත් සමහරුන්ගේ වෙනත් රෝග නිසා ඩිම්බ පිටවීමට අදාළ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩු වේ. කාන්තාවන් වයසට යැමේදී ඩිම්බ ප්‍රමාණය අඩුවීම නිසා ගුණාත්මකභාවයෙන් යුත් ඩිම්බ පිටවීම අඩුවේ.

    ඩිම්බ නිපදවීමේ හැකියාව බලා ගැනීමට රුධිර පරීක්‍ෂණ මෙන්ම ස්‌කෑන් පරීක්‍ෂණද කළ හැක. ඩිම්බ මේරීම සිදුවන ආර්ථව චක්‍රයේ මැද දිනකදී කරනු ලබන ස්‌කෑන් පරීක්‍ෂණයකින් මෝරන ඩිම්බය ගැන අවබෝධයක්‌ ලබාගත හැක. මෙසේ ඩිම්බ මේරීම සිදු නොවන විට ඒ සඳහා ඖෂධ භාවිත වන අවස්‌ථා ඇත.

    මෙයට අමතරව පැලෝපීය නාලයේ අවහිරතා ඇතිවිට ඩම්බය හා ශුක්‍රාණුව මුණ ගැසීමට බාධා ඇතිවේ. මෙය බොහෝ විට සිදුවන්නේ විෂබීජ ආසාදන මගිනි. වැරදි අන්දමින් සිදු කරන ගබ්සා කිරීම්වල අතුරු ආබාධයක්‌ ලෙස ආසාදන ඇතිවිය හැක. ක්‍ෂය රෝගය, ලිංගාශ්‍රිත රොග වැනි විෂබීජ මගින්ද මෙම තත්ත්වය ඇතිවිය හැක. එන්ෙඩ්‍රාමෙටි්‍රයෝසිස්‌ රෝගයෙන් සහ ශල්‍යකර්ම සිදු කිරීමන් පසුව ඇතිවන අභ්‍යන්තර අවයව එකිනෙක ඇලීම වැනි හේතූන් නිසා ද පැලෝපීය නාල අවහිර විය හැක. නාල තුළ ගැබ් ගැනීම සිදුවීම කලාතුරකින් දැකිය හැකි දෙයකි. මෙසේ සිදුවූ විට නාලය අවහිරවීම සිදුවේ. නාලයේ අවහිරතා ඇත්දැයි දැන ගැනීමට විශේෂ පරීක්‍ෂණ ඇත. මෙම පරීක්‍ෂණ සිදු කිරීමෙන් ඒ ගැන දැනගත හැක. නාලය අවහිර වූ විට ශල්‍යකර්ම මගින් එම අවහිර වීම නිවැරදි කළ හැකිමුත් ඒවායේ සාර්ථකත්වය ඉතා අඩුය.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    logo.png