සාලය මැද පැවැත්වූ ප්‍රේත සමුළුව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සාලය මැද පැවැත්වූ ප්‍රේත සමුළුව

    සාලය මැද පැවැත්වූ ප්‍රේත සමුළුව

    ඉතා ධනවත් ව්‍යාපාරිකයකු වූ විඡේනායක මහතාට පසුගිය මාස කිහිපයක්‌ තිස්‌සේ හරිම අපලය. විඡේනායක මහතා බිරිඳ හා දරු තිදෙනාද මෑණියන් හා පියාණන්ද, සේවකයකු හා සේවිකාවකද විඡේනායක නිවසේ ජීවත් වෙති. කලක්‌ තිස්‌සේම මේ ගෙදර කිසිවෙකු හෝ රෝගී වෙති. මාස හත අටක්‌ තිස්‌සේ නිවසේ රෝගියෙකු නොසිටි එක දවසක්‌වත් නැති තරම්ය. මේ ගැන සොයා බැලීමට විඡේනායක මහතාගේ පියා විසින් දකුණු පළාතෙන් ඉතා දක්‍ෂ මන්ත්‍රාචාර්යවරයෙකු ගෙන්වා ගත්තේය. වත්ත හා නිවස මැනවින් පරීක්‍ෂා කළ ඔහු නිවසට ප්‍රේත දෘෂ්ටි විශාල සංඛ්‍යාවක්‌ වැටී ඇතැයි කීවේය. මෙයින් ගැලවීමට නම් ප්‍රේත බන්ධන වාක්‍ය කළ යුතු බව කියා සිටියේය. මේ සඳහා දැරීමට වන අධික වියදම් ගැන විඡේනායක මහතා දැනුවත් කළේ මෙය කරන්නට යන අයට ඇති ජීවිත අවදානම ගැනද කියා දෙමිනි.

    එක්‌ මසක අමාවක දිනයේ පාන්දර හයේ සිට හවස හය දක්‌වා මේ සඳහා වේලාව යොදාගත් අතර එදිනට පෙර සතියක කාලයක්‌ තුළ නිවසට මස්‌, මාළු, කරවල, උම්බලකඩ, බිත්තර ආදී කිසිවක්‌ ගෙන ඒම තහනම් විය. නිවසට අලුත් අය පැමිණීමත්, සිටිනා අය බැහැර වීමත් නොකළ යුතු බව මන්ත්‍රාචාර්ය කීවේය. විඡේනායක මහතාද ඒ අනුව කටයුතු කළේ මේ කරදරවලින් ඉක්‌මනින් මිදීමේ අදහසිනි.

    ප්‍රේත බන්ධනයට සතියකට පෙර සිට විඡේනායක මන්දිරයේ ගේට්‌ටු වසා දැමුවේය. කිසිවෙක්‌ ඇතුළට නොගත් අතර කිසිවෙක්‌ එළියටද නොගියේය. සති දෙකකට පමණ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගබඩා කෙරිණ. නියමිත දිනය පැමිණියේය. විඡේනායක යෑවූ නවීන පන්නයේ වාහනයකින් මන්ත්‍රාචාර්ය පැමිණියේය.

    මන්ත්‍රාචාර්යගේ මුල්ම කටයුත්ත වූයේ වත්තේ හතරමුල්ලෙන් හා නිවසේ අටමුල්ලකින් පස්‌ ස්‌වල්පය බැගින් එකතු කිරීමයි. ඉන්පසු වතුර µsල්ටරයෙන් කුඩා බෝතල් දෙකකට වතුර පුරවා ගත්තේය. සාලයේ කෙලවරක කොට්‌ටයක්‌ තබා අසුනක්‌ සකස්‌ කරගත් හෙතෙම එය ඉදිරියේ කුඩා මේසයක්‌ තබා ගත්තේය. මේසය මත ගැලවූ පුවක්‌ මල් දෙකක්‌ද, වදමල් වට්‌ටියක්‌ද, සුවඳ කපුරු හා හඳුන්කූරුද විය. සියලු බුදු පිළිම හා ආගමික පිංතූර සාලයෙන් තාවකාලිකව ඉවත් කරන ලදී. ගෙදර සියලුම දෙනාට සුදු ඇඳුමෙන් සැරසී ඉන්නා ලෙසටද පැවසීය. වතුර බෝතල්වලට කෝටුවකින් තට්‌ටු කරමින් මන්තර ජප කරන්නට පටන් ගත් ඔහු සෑම පැයකට වරක්‌ නැගිට වත්තේ ඇවිදින්නට විය. ඒ අතරේ තේ පැන්, ආහාර ද ලබා ගත්තේය. සවස පහට පමණ නිවසේ සියලු දෙනා කැඳවූ මන්ත්‍රාචාර්ය මෙතැන් සිට පැයක කාලයක්‌ නිවසේ සියලුම දෙනා සාලයේ වාඩිවී සිටිය යුතු අතර දොට්‌ට පිළට යැමට අවශ්‍ය නම් දැන්මම ගොස්‌ එන ලෙස කීවේය. ඒ අනුව කටයුතු කළ සියලු දෙනා සාලයේ පැදුරක්‌ එළාගෙන වාඩිවූහ. විෙ-නායකගේ මවට හා පියාට කුඩා පුටු දෙකක්‌ තැබීය.

    "දැන් මම මේ වත්තේත්, නිවසේත් සෑම තැනකම ඉන්නා ප්‍රේතයන් මේ සාලයට ගේනවා. සමහර අයට ප්‍රේතයෝ පේන්න ඇහැකි. සමහර අයගේ ඇඟේ හැපේවි. ඔහේල කවුරුවත් බය වෙන්න එපා. මම ඉන්නවනෙ" මන්ත්‍රාචාර්ය කියත්ම විඡේනායකගේ කුඩා පුතු ගොස්‌ තම මෑණියන්ගේ ඔඩොක්‌කුවේ වාඩිවූ අතර දියණිය පැමිණ තම පියාට තුරුළු වී පියාගේ බාහුවකින් අල්ලා ගත්තේය. නොයෙකුත් ප්‍රේතයන්ගේ නම් කියමින් කුඩා පහන් දෙකක්‌ දැල්වූ අතර විදුලි බුබුළු නොදල්වන ලෙසද කීවේය. මන්ත්‍රාචාර්යතුමා දිගටම ප්‍රේත ආරාධනා කරන විට වටින් ගොඩින් අඳුරද වැටිණ. ඉන්පසු ආරාධනා කරමින්ම ගෙනා පස්‌ ටික ජෝගුවකට දමා එයට මැතිරූ වතුර මිශ්‍ර කළේය. කෙමෙන් කෙමෙන් ඉවසිය නොහැකි දුර්ගන්ධයක්‌ සාලය පුරා පැතිරෙන්නට විය. එය එළවළු, මස්‌ මාළු, බිත්තර කුණු වූ විට දැනෙන දුර්ගන්ධයටත් වඩා වැඩිය. සියලුම දෙනා නහය වසා ගත්හ.

    "අන්න පෙරේතයෙක්‌ යනවා" සේවිකාව කෑගැසීය. "මමත් දැක්‌කා" කුඩා පුතු කීවේය. "මේන් මගේ ඇඟේ හැපුණා ඒයියා" කියමින් දියණිය විඡේනායකගේ ඔඩොක්‌කුවට පැන ඔහුගේ අත් දෙකෙන් තම ශරීරය වසා ගත්තේය. මන්ත්‍රාචාර්යතුමා දිගටම මතුරද්දී ප්‍රේත ගඳ උපරිමයට පැමිණියේය. "මේ වගේ ගඳවල් මේ වත්ත පුරා තිබුණ" විඡේනායක මහතා පැවසීය. "මමත් මේ කියන්න හිටියේ" මැතිනිය රහසින් කීවාය. හිස්‌වූ වතුර බෝතල් දෙක වේගයෙන් සෙලවූ මන්ත්‍රාචාර්ය සියලුම ප්‍රේතයන් බන්ධනය කොට බෝතල දෙකට දමා ඒවා පියන්වලින් තදකොට වසා දැමීය. ඔන්න ප්‍රේතයො ඔක්‌කොම බන්ධනය කොරල අහවරයි. "දැන් ඔහේල මේක අහගන්න ඕන හොඳින් තේරුණැයි?" මන්ත්‍රාචාර්ය පසු ඔවදන් දෙන්න පටන් ගත්තේය. ඒක තමයි කුස්‌සියෙන් අයින් කරන මාළු කටු, බිත්තර කටු, පරණ එළවළු, පරණ කෑම ජාති වළක්‌ කපල වළ දමන්න ඕනෑ හොඳෙයි" සේවිකාව දෙස බලා කීවේය. "එහෙමයි" ඇය කීවාය. "වතුර උණු කරල තමයි µsල්ටරයට දමන්න ඕනෑ තේරුණැයි? කෑමට පෙර හා වැසිකිළි යැමෙන් පසුව සබන් දමල හොඳට අත් සෝදන්න ඕනෑ" මෙසේ සියලු සෞඛ්‍ය පුරුදු මන්ත්‍රාචාර්ය විසින් කියා දුන්නේය. ප්‍රේත ගඳද නැතිව ගියේය. පුවක්‌ මල් කිනිත්තෙන් සියලුම දෙනාගේ ඔළුවලට තට්‌ටු කළ මන්ත්‍රාචාර්ය "දැන් නැගිටින්න කිසිම කෙනෙක්‌ බය වෙන්න ඕන නැහැ. දැන් එක පෙරේතයෙක්‌ වත් මෙහේ නැහැ. දැන් බුදු පිළිම ගෙනැල්ල තියන්න. අනෙකුත් දේව පිළිමද ගෙනත් තියන්න. මං ඒව අයින් කළේ ඔය ප්‍රේතයො දෙවියන්ගෙන් ඉල්ලා හිටින්න ඇහැක්‌ නිසා නොගිහින් ඉන්න. මන්ත්‍රාචාර්ය දෙසුම හමාර කළේය. විඡේනායක නිවසේ රෝගී ප්‍රශ්නයද කෙමෙන් පහව ගියේය.

    මෙහිදී පස්‌ ලෙස ජෝගුවට දැමුවේ මන්ත්‍රාචාර්ය ගෙනෙන ලද ෙµරස්‌ සල්µයිඩ් කැටය. මේවා සාමාන්‍යයෙන් පෙනුමෙන් පස්‌ වාගේය. එයට එක්‌ කළේ වතුර නොව වෙනත් එවැනිම බෝතල දෙකක ගෙනෙන ලද හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ලයයි. මේ දෙක එක්‌වීමෙන් හයිඩ්‍රජන් සල්පයිඩ් නමැති වායුව ඇතිවේ. Fes + 2HCක = H2S + FeCක2 මෙම වායුව ඉතා දුර්ගන්ධයකින් යුතුය. බිත්තර, මස්‌, එළවළු කුණු වූ විටද මෙම වායුව උපදී. අඩ අඳුරේ කුඩා දරුවන් හා සමහරක්‌ අයට ප්‍රේතයන් හොල්මන් ගැන කී විට එවැනි දේවල් දර්ශනය වීම සාමාන්‍ය දෙයකි. යහපත් සෞඛ්‍ය පුරුදු හා මානසික සැනසීම නිසා අසනීපද දුරු විය.

    චිත්‍රාන් මොරකන්දෙ ගමගේ
     
    • Like
    Reactions: janish05656