මේ වනවිට තම පස්වන බෙලිමල් වඩියද හමාරකර පිළිවෙලින් මල් පදමද, කුමාර පදමද පසුකර බඹර පදමේ මුල් භාගය වෙත එළඹ තිබූ “K= ක” ඉතා රළු හාස්‍යයකින් යුතුව හුදෙක් “හුදු හෙළුවෙන්ම වනමින් = ශුද්ධ සිංහලයෙන්ම වර්ණනාකරමින්” ,“PB = ප.බා.” වෙත පවසා සිටියේ රජයේ ආයතන සංග්‍රහය සහ මුල්‍ය රෙගුලාසි ලොකු පොත් දෙකක මුද්‍රණය කර ඇති බවද ඒ පොත් රෝල් කර විට ලොකු විශ්කම්භයකින් යුතු බවද ඒ රෝල් කළ පොත් පයිප්පයක හැඩය ගන්නා බවද තමා දන්නා බවද නමුත් ඒ බව නොදන්නා ඉංජිනේරුවකුයයි කියන “PB = ප.බා.” ඒවා අසවල් ස්ථානයේ ගසා ගනිමින් ඒ ගැන අවබෝධ කරගතයුතු බවත්ය.
“K= ක” අනුක්රමයෙන් කුමාර පදම පසුකර බලු පදමටද ඉන් ඉක්බිති නිසැකව කබර පදමටද එළඹෙන බැව් වටහාගත් “දූපත්පති PG = ප.ග.” සහ “WBT = වැ.බැ.ටා.” විසින් ඉහත කී කාර්යය “K= ක” වෙතම නිල කරනලද්දේ ඔහු විසින් තමන් වෙත ඉදිරිපත් කරනලද සියලු කොන්දේසි වලට එකඟ වෙමිනි.
දෙවනුව මේ සභාතොමෝට කිමක් විනිදැයි සොයාබැලීමට ඇතැම් විට ඔබ උත්සුක වනු නිසැකය. ප්‍රිය සගය, රජයේ වියදම් අවම කිරීමෙහිලා මේ “සරල ගොවි ගෙදරහි” බොහෝ තැත් වෙයි. මේ කල්තබාදුටු මෙහි දූපත්පති ගහපති (ගෘහපති) තෙම නොවූ අනෙකුක් අයවල්හු කදිලි (කෙසල්) පතෙක (කොලයක) ඔතන ලද නිශා බොජුන (රාත්‍රී ආහාරය) සමගම මෙහි සපැමිණි බව නොකිව මනාය.