සාලාව නූල හා කොකේන් කථාව

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සාලාව නූල හා කොකේන් කථාව

    මම සාලාව ගැන අවසන් වරට දාපු නූලට උඹලා දක්වපු ප්‍රතිචාර දිහා අපි බලන් හිටියා..
    මේ කිරිය වගේම තව සයිට් හතරක අපි ඒක දැම්මා..
    දාලා බැලුවා මේ රටේ මිනිස්සු ළඟම එන අවධානමක්දී ඒ දිහාවේ බලලා දක්වන ප්‍රතිචාරය..

    සතුටුයි....!!!

    ඒ වගේම බොහොම ස්තූතියි වැඩේ පහසු කලාට....

    ජය හා සතුට...




    නිකමට මේක කියවන්න.
    කියෙව්වම මොලයක් තියෙන එකෙක්ට තේරේවි අර මම උඩ කිව්ව නූල හා කොකේක් කතාවේ සම්බන්ධය..


    මෙත්, ගංජා ආදී (ද්‍රව නොවන) මත්ද්‍රවය මෙරට පොලොවේ සැකසිය හැකි වුවද කොකේන් හා හෙරොයින් යන මත්ද්‍රව්‍ය එසේ සැකසිය නොහැකි බව ඕනෑම අයෙකු දන්නා කාරණයකි.මින් කොකේන් කෙසේ වෙතත් හෙරොයින් නම් ආසියාතික රටවලදී පවා සාදනු ලබන බව ප්‍රසිද්ධ රහසකි.වරක් ආසියාතික රටක ප්‍රභල දේශපාලන වෙනසක් සිදුවූ අවස්ථාවක පෙර බලයේ සිටි තැනැත්තා හදිසියේ සිය මූලස්ථානයෙන් පිටව යන මොහොතේත් ඔහු මූලික්ව පවත්වාගෙන ගියේයැයි කියැවෙන හෙරොයින් නිශ්පාධනාගාරයක් මත්ද්‍රව්‍ය නිලධාරීන් විසින් සොයාගන්නට යෙදුනි.එහෙත් ඒකී කතාව ප්‍රසිද්ධ මාධ්‍යට දෙන්නට තරම් ඒ රටවල ආරක්ෂක අංශ මෝඩ වුනේ නැත.අදාල දේශපාලකයාට වෙනත් හේතුවක් මත සිර දඬුවම් ලබාදෙන බව පවසා "ඇතුලට" යැවූ මුත් ඔවුන් පෙර කී පුවත එකී යැවීමේ ඇත්ත හේතුව බව ප්‍රකාශ කලේ ද නැත.

    නුදුරු අනාගතයේදීම හෙරොයින් කුඩු සෑදීම මෙරටදී වුවද සිදුවිය හැකිබව දැනටමත් ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබේ.ඒ එතරම්ම "පාදඩ" බුද්ධියෙන් යුත්තවූවෝ මෙහි සිටින බැවිනි.එහෙත් ලෝක කොකේන් ජාවාරමේ යට කතාව පැහැදිලි කල පරිදි කොකේන් නිශ්පාධනය එලෙස වෙනත් අතකට යාමේ හැකියාව ඉතාම සීමිතය.යම් හෙයකින් දෙවන හෝ තෙවන පාර්ශ්වයක් කොකේන් ජාවාරමට සම්බන්ධ වීමේ උත්සාහයක ලක්ෂණ පෙනෙන්නේ නම් ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් වුවද අවශ්‍ය "කටයුතු" ඊට එරෙහිව සිදුවනු ඇත.

    මෙහි කටයුතු යන්න තුල එම "අනවශ්‍ය" රස්සාව ආරම්භ කරනා පුද්ගලයා නාදුනන අන්දමින් මියයාමේ සිට එකී සිදුවීමසිදුවන රටේ ආණ්ඩුව පෙරලීම දක්වාම අන්තර්ගත වේ.

    ලෝක කොකේන් ජාවාරම එතරම් බලවත් ය.දරුණු ය.එහෙත් ඔවුන්ගේද නීති තිබේ.ඔවුන් කිසිදු විටෙක කොකේන් භාවිතයේ නැති රටකට බලෙන් කොකේන් පොවන්නට යන්නේ නැත.නොඑසේ නම්,ඔවුන් තමන්ගේ වෙළදාමෙන් පිට වැයික්කියකට බලෙන් කොකේන් බාන්නට යන්නේ නැත.අදාල වැයික්කියේම අයෙකු හෝ පිරිසක් විසින් නියමිත මිල ගෙවීමෙන් පසු කොකේන් ඉල්ලා සිටියහොත් කොකේන් සපයන්නට ඔවුන් අකමැති නැත.සාර්ථක වෙළදාම් දෙක තුනකට පසුව විශ්වාසය තහවුරු වූ පසු එම අළුත් සාමාජිකයාවද තම දැලට එක්කාසු කරගනු ඇත.නමුදු,කිසිදු අවස්ථාවක අදාල වෙළඳපොල(හෝ රට) තුල කොකේන් වෙළදාමක් මෙකී දැවැන්ත ජාලය විසින් සිදුකරන්නට යෑමක් නොවේ.ඔවුන් කරන්නේ හුදෙක්, පිරිසිදු කොකේන් සැපයීම පමණි.

    ශ්‍රී ලංකාවට මෙකී බලපෑම කෙසේද යන්න තරමක් විමර්ශනාත්මකව සිතන්නෙකුට ඉහත ඡේදයෙන් පැහැදිලිවනු එත.එනම්,යම් හෙයකින් අපි නොදන්නා "වෙළෙන්දෙකු" ජාත්‍යන්තර කොකේන් ජාලයට දැනටමත් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ නම් හා මෙරට එකී කොකේන් වෙළඳාමේ කොටසක් බවට පත්කර ඇත්තේ නම් මේ කුඩා රටේ අනාගතය ඉතාමත් දරුණු විය හැක.මතට තිත කියා පෙර ආණ්ඩු සමයේ මේ පොලොවේ විකිණූ හෙරොයින් විකිණිල්ල නොසලකා හැකි තරමේ භයානම තත්වයක් මෙරටට ඇති කරන්නට වර්ථමාන ජනපතිවරයාගේ "මතින් නිදහස් රටක්" තේමාවට වහං වී කොකේන් මෙරට ගොදුරුකරගතහොත් හිටං සිදුවිය හැක.

    මේ අපි කතා කරනා මොහොතවන විට යමෙක් මෙතෙක් ජාත්‍යන්තර කොකේන් ජාලයේ පුරුකක් නොවූ ශ්‍රී ලංකාව ඊට සම්බන්ධකර ඇත්තේ නම් මෙතැන් පටන් ඔවුන් සිය මුදල් වියදම් කරමින් මෙරට තුල වෙළඳපල සෑදීම සිදුකරනු ඇත.

    ඊට හොඳම උදාහරණය පසුගිය සමයේ දකින්නට හැකිවිය.මෙරට ඉතිහාසයේ විශාලතම කොකේන් තොගය අත්අඩංගුවට ගත් මොහොතේ ඊට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලැබුනි.රටම ඒ පිළිබඳ දැනුවත් විය.එහෙත් ඉන් දිනක් ඇතුලත් මෙරට මාධ්‍ය සියල්ලම පාහේ කොකේන් සිදුවීම පිළිබඳ නැවත කතිකාවකට යන්නට ඉඩ නොදුන් "කොකේන් බූවල්ලන්" වහාම රටේ අවධානය වෙනස් කරන්නට කටයුතු කළේ ය.ඒ එදා ඔවුන්ගේ කොකේන් කිලෝ 91ක බිලියන ගණනක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය ඇල්ලූ විශේෂ කාර්‍ය බලකායට එරෙහිව මහා මඩ ප්‍රහාරයක් දියත් කරමිනි."උඹලා ආවාද යකෝ අපේ බඩු අල්ලන්න.ඉදපන් උඹලාගේ මාළු උඹලගේම පිටේ තියලා කපනවා.." යන න්‍යාය අනුව ක්‍රියාත්මක වූ මෙකී දැවැන්ත ජාලය වහාම දැවැන්ත මුදලක් ඒ සඳහා වියදම් කරමින් රටේ මාධ්‍යවල අවධානය කොකේන් වලින් ඉවතට ගත්තේ ය.මාධ්‍යවේදීන් පවා මුදලට ගත්බව කියවිනි.එපමණක් නොව, කොකේන් තොගය ඇල්ලු පොලිස් විශේෂ කාර්‍ය බලකායේ ප්‍රධානියා මාධ්‍යවේදීන් මරණ බවක් කියූවග ප්‍රසිද්ධ කර ඊට විශාල ප්‍රචාරයක් ලබාදුන්නේ ය.දැන් අවසානයේ රටක් ලෙස අපි ආපසු හැරී බැලූ විට පෙනෙන්නට ඇත්තේ කුමක් ද..කොකේන් තොගය සිය ජීවිත අවධානමද නොතකා අත් අඩංගුවට ගෙන මෙරටට දැවැන්ත උපකාරයක් කල විශේෂ කාර්‍ය බලකායට රටක් ලෙස අපි සියල්ලෝම එක්වී මඩ ගසමින්, කුනු බැණුම් බැන ඇති බවය.ඔබට මෙම උදාහරණයෙන් කොකේන් ජාවාරමේ සූක්ෂම බුද්ධිය වටහාගත හැකිවනු ඇත.ඔවුන් තමන්ට අවශ්‍ය පාදඩ උවමනාව වෙනුවෙන් ඔබ මම විශ්වාස නොකරන තරමේ මුදලක් වියදම් කරනු ඇත.එය රුපියල් ලක්ෂයක් මිලියනයක් දෙකක් නොවේ.ඉලක්කම් අටක දහයක අගයකි.ඉහත සිදුවීමේදී කොකේන් බූවල්ලන් වෙනුවෙන් සිය වෘත්තිය පාවදුන්නෙකු හට රැකියාවෙන් එලවා දැමුවද කිසිදු ගැටලුවක් නොමැතිව ඉදිරිකටයුතු කරගෙන සැපවත් දිවියක් ගෙවන්නට තරම් මුදල් මේ කොන්ත්‍රාත්තුවෙන් පමණක් ලැබේ.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    ප්‍රධාන මාතෘකාවෙන් පැත්තකට කාරණය ඇදගෙන ගිහිල්ලා අවධානම ගැන සමාජය කතා නොවන තැනට කාරණය ගෙනාපු අපූරුව...

    නිකමට ඒ නූලට යන්න.

    මේකේ ඉන්න පාදිලි පොන්නයා හා හම්බ කොනකපාලලා ටික ෆේක් වලින් ඇවිල්ලා නටපු නැටිල්ල..

    උඹලා පවු..

    යාපනේට විතරක් ගහලා නැවතුනොත් ඇති....
    :D:D:D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mm owath kiynna ba itn.
    cocaine kiynne salline.

    oya seen ekei salawa ekei connection ekak athda nathda nm danne na.
    atleast bt 300 army troops innna camp ekak pipireddi army eke un 4k wage marila thiyenne kiyna eka thanikara boruwa.

    plan karalama karapu wadak thama salawa seen eka nm.