සාස්තරයක් ඇහුවා (මරණින් පසු මොකද වෙන්නේ)

r a n d u n u

Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    සාස්තරයක් ඇහුවා. තැන පලාත නම් මට කියන්න බෑ.

    මුලින්ම ගෙදරට යන පාරවල් ටික කිව්වා. පාරවල් තුනක් තියෙනවා ඒ තුනෙන්ම යන විදිය කිව්වා. ඊගාවට ගෙදර හතරමායිමේ පිහිටීම කිව්වා.

    ගේ ඇතුලට ගිහින් කාමර වල ස්වභාවය කියනවා. කියන්නෙ කාමර වල තියෙන මොකක් හරි විශේශ බඩුමුට්ටුවක් හෝ ලක්ශනයක් වගේ දේකින්. ඒකත් කෙලින්ම නෙමෙයි කියන්නේ. උදාහරනයක් විදියට ඒ වෙලාවෙ කාමරේක ටීවී එකක් වැඩ කරනව නම් කියයි එලිය විහිදෙන පෙට්ටියක් තියෙනව කියලා. පැහැදිලිව පාට කැපී පේන දෙයක් තියෙනව නම් ඒක කියනවා. උදාහරනයක් විදියට බෝල කූඩුවෙ රතු ශර්ට් එකක් එල්ලල තියෙනව නම් කියනව මෙහෙම පාට දෙයක් තියෙනව කියල අහවල් තැන.

    අමුතුම දේ, මැරුන ඈයො ගෙදර ඉන්න විත්තිය කියන එක. මෙන්න මේ විදියට මැරුන මෙහෙම කෙනෙක් දන්නවද අහනවා. කල්පනා කරල බැලුවම ඇත්තටම එහෙම කෙනෙක් ඉදල ඒ කියන විදියට මැරිල තියනව. ස්වභාවිකව මැරුන අය සහ ලෙඩ වෙලා, අනතුරු වලින් මැරුන අය ඔක්කොම ගැන කියනව එහෙම. ඒ අය ඉන්නෙ වෛරී චේතනාවෙන්ද නැත්නම් ඔහේ නිකන් ඉන්නවද, අපේ යහපතක් බලාපොරොත්තු වෙනවද කියනවා. නිකන් ඔහේ ඉන්න අය එහෙම එයාල නිසා අපිට අවැඩයි අකටයුතුයි කිව්වම යන්න එකඟ වෙනව. ඒ අය මැරුන කාලෙ ඒ අය හිටපු ගෙවල් දොරවල් තිබ්බ හැටි කියනවා. එතනට යන්න කැමති උනාම එහෙනම් යන්න කියල දෙහි කැපුවම යනව..

    හැම තිස්සෙම පන්සල් වල රිංගගෙන දාන මාන දිදී හිටපු පිං කඳවල් කියල හිතන් උන්න අයත් ප්‍රේත ලෝකෙ ඉන්නව. කාල බීලා ජොලි කරපු අයත් ඉන්නවා. පව් වැඩ කරපු අයත් ඉන්නවා. අවුරුදු සිය ගනන් වලට කලින් පරම්පරාවෙ ඉස්සර ඉඳල මැරුන අයත් ලේ බැදීම ඔස්සෙ අපි ගාවට එන්න පුලුවන්. හරි පුදුමයි වගේම සංසාරෙ ගැන පුදුම බයක් දැනෙන්නෙ ඒ කතා ඇහුවම. කුසල් වඩන්න කිව්වට ඇත්තටම ඒ අය වඩල තියෙන කුසල් මොනවද කියල ඒවයින් වැඩක් වෙලාද කියල හිතෙනව.

    මං නෝට් කරපු දෙයක් තමා ඒ අය මනුස්ස ආත්මෙ ඉද්දි ලබපු අත්දැකීම් සහ දැනුම තමයි ඒ අයව මෙහෙයවන්නෙ. ප්‍රේත ආත්මේ ඉද්දි මේ ලෝකෙ උන කිසිම දෙයක් ගැන අවබෝදයක් වැටහීමක් නෑ. දන්න අදුරන නෑ වෙන තව කෙනෙක් මැරිල ප්‍රේත ලෝකෙ ගියොත් ඒ ඒ අය අතර සම්බන්දකම් ඇති කරගන්නව මනුස්ස ලෝකෙදි තිබ්බ දැන ඇඳුනුම්කම් උඩ. ඒ ඇරුනම අලුතෙන් දේවල් ඉගෙනගැනීමක්, අලුත් අත්දැකීම් එකතු කරගනීමක් නෑ. මැරෙන මොහොතෙ තිබ්බ පරිසරය ලොක් වෙනව වගේ එකක් වෙනව එයාලගෙ මෙමරි එකේ. අලුතෙන් වෙන දේවල් ගැන තියෙන එකම දැනීම තමන්ගෙ මනුස්ස ලෝකෙ සරීරය එක්ක ලේ බැඳීමක් තියෙන අලුත් කෙනෙක් ඉපදුනොත් ඒ කෙනා ගැන දැනීමක් ඇතිවෙන එක. මේ අහවලා කියන එක විතරයි ඒත් දන්නේ.

    පිහිටක්, සරනක්, යන්න තැනක්, ඉන්න තැනක් දන්නෙ නැති මේ ආත්ම ඒ තමන්ට ලේ බැදීමක් තියෙන වර්තමානෙ මනුස්ස ලෝකෙ ඉන්න කෙනාට කිට්ටු වෙලා ඉන්නව. මේ ප්‍රේතාත්ම පස්සෙ තව අය එන්න පුළුවන් ඒ ඒ අය අදුරන. උදාහරනයක්, අපේ සීයා මැරිල මගෙ ගාව ඉන්නවා. සීයගෙ හොදම යාලුවා මැරිලා සීය එක්ක ඉන්නවා. සීය මගෙ ගාවට ආවම යාලුවත් සීයගෙ පස්සෙන් මගෙ ගාවට එනව.

    මේ කතාවෙ සත්‍යාසත්යතාවය ගැන ඔයාලට සැක උපදින්න පුළුවන්. මම මේ කියන කතාව රෙකෝඩ් කලා. ඒ රෙකෝඩින් එක අහ අහ මම ඒ ඉන්නව කිව චරිත ලියාගෙන අපේ පරම්පරාවෙ වැඩිහිටි අයගෙන් ඇහුවා. හැම කෙනෙක්ම ඇත්තටම හිටපු අය බව තහවුරු වුනා වගේම අර මම කිව්ව දෙවනි පෙල (සීයගෙ යාලුවා වගේ ) සමහරක් කට්ටිය ගැනත් දැනගන්න ලබුනා. අපේ පරම්පරාවෙ උපත්, මරන, ආශ්‍රය කරපු මිනිස්සු ගැන සවිස්තර රෙකෝඩ් එකක් නැති කෙනෙකුට මේ තොරතුරු ටික මෙහෙම දෙන්න බෑ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113

    Dapan mekata , sastara kiyanne nathi prethayo thama wediyenma
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    උඹට නෙවේ ඔය සාස්තරේම ඕනෙම කෙනෙකුට ගැළපෙනවා. ඇත්තටම වෙන්නෙ උන් කියන කතාව අපි අපිටම ගළපා ගන්නවා.

    ඔච්චරටම sure නම් හෙට ඇදෙන මහජන සම්පතේ අංක ටික අහපංකො. 😂
    මොනවා හරි බොරුවක් කියලා ශේප් වෙයි. 😂
    - මේක මගෙ සාස්තරයක් -
    ------ Post added on Nov 21, 2024 at 11:35 PM
     
    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    උඹට නෙවේ ඔය සාස්තරේම ඕනෙම කෙනෙකුට ගැළපෙනවා. ඇත්තටම වෙන්නෙ උන් කියන කතාව අපි අපිටම ගළපා ගන්නවා.

    ඔච්චරටම sure නම් හෙට ඇදෙන මහජන සම්පතේ අංක ටික අහපංකො. 😂
    මොනවා හරි බොරුවක් කියලා ශේප් වෙයි. 😂
    - මේක මගෙ සාස්තරයක් -
    ------ Post added on Nov 21, 2024 at 11:35 PM
    අනාගත වාක්‍ය කියන තැනක් නෙමෙයි. අනාගතේ කියන්න බෑ කාටවත්. මෙතන කෙරෙන්නෙ මළගිය අයට කතා කරන එක
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹේ කතාව විතරක් නෙවෙයි ඔය මැරුනයින් පස්සේ වෙන ඒවා ගැන කියන, කියපු ඔක්කොම කතා බොරු! ඉයන් ස්ටීවන්සන් ගේ කතා සෙට් එකත් බොරු!
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    985
    683
    93
    මල ගිය අය හරහා මේවගේ විස්තර දැන ගන්න පුලුවන්.. පහු ගිය දන්න දේවල් ගැන ඇත්ත කියලා විශ්වාසේ ඇති කරන්.. අනාගතේ ගැන බොරු කියන්නත් පුලුවන්