සා.පෙළ විභාගයෙන් විල්ගමුව කලාපයේ ඉහළම ලක&#3540

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    සා.පෙළ විභාගයෙන් විල්ගමුව කලාපයේ ඉහළම ලක&#3540

    attachment.php

    පසුගිය දෙසැම්බර් මස පැවැති අ.‍පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිට විල්ගමුව කලාපයේ ඉහළම ලකුණු ලබාගත් සිසුවිය මහනුවර සුදුහුම්පළ ප්‍රදේශයේදී පෙරේදා (26) සිදුවූ දුම්රිය අනතුරකින් මරුමුවට පත්ව තිබේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ විල්ගමුව නාමිණිඔය විදුහ‍ලේ අධ්‍යාපනය ලබමින් සිටි ජයනිකා චාමරී වාසල(16) නමැති සිසුවියකි. ඇය පසුගිය අ.‍පො.ස (සා.පෙළ) විභාගයෙන් “ඒ” සාමාර්ථ අටක් සහ “බි” සාමාර්ථයක් ලබාගත් සිසුවියකි.
    මෙම සිසුවිය අ.‍පො.ස. (උ.පෙළ) විභාගය සඳහා ගණිත අංශය තෝරාගෙන ඇති අතර ඒ සඳහා අමතර පන්ති යාමට මහනුවර තෝරාගෙන තිබේ. ඇය මීට ටික දිනකට පෙර මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ නවාතැන් පලක නවාතැන් ගෙන අධ්‍යාපනය හැදැරීමට අවශ්‍ය අමතර පන්ති යාමට කටයුතු කර තිබේ. ඒ අනුව ඇය පෙරේදා (26) දින මහනුවර සුදුහුම්පල ප්‍රදේශයේ ඇති අමතර පන්තියක් පිළිබඳව සොයා බලා දුම්රිය මාර්ගය දිගේ පැමිණ තිබේ.
    මෙම සිසුවිය දුම්රිය මගේ ඉදිරියට පැමිණෙන විට ඉදිරියෙන් පැමිණි මහනුවර කොළඹ දුම්රිය දැක ඇය දුම්රිය පදික වේදිකාව දෙසට අයින් වුවත් ඇය දුම්රියේ ගැටී ඈතට විසිවී තිබේ. අවට සිටිය වුන් වහා ඇයව මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබිණි. වෛද්‍යවරුන් ඇයට හදිසි ශල්‍යකර්මයක්ද සිදුකර ඇතත් ඇය ඊයේ (27) පෙරවරුවේ මරණයට පත්ව තිබේ. මෙම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන හදිසි මරණ පරීක්ෂණය ඊයේ (27) මහනුවර හදිසි මරණ පරීක්ෂක එම්. පියතිලක මහතා විසින් මහනුවර මහ රෝහ‍ලේදී සිදු කළේය. එහිදී ඇගේ මව වන අයි. රත්නායක හා ඇගේ පියා වන වාසල මුදියන්සේලාගේ ඒකනායක නමැති අය සාක්ෂි ලබා දී තිබේ.
    සිසුවියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර මහ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්.සිවසුබ්‍රමනියම් මහතා විසින් කළ අතර පෙණහළු සහ හෘදය අධික ලෙස තෙරපීමෙන් අභ්‍යන්තර අවයවවලට සිදුවූ හානිවලින් මෙම මරණය සිදුව ඇති බවට තීරණය කෙරිණි. මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙය වීම මහනුවර ‍පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ‍පොලිස් සැරයන් ජී.එච්.තිලකසිරි මහතා විසින් සිදුකළේය.
    මෙහිදි විශේෂ ප්‍රකාශයක් කළ මහනුවර හදිසි මරණ පරීක්ෂක එම්.පියතිලක මහතා සඳහන් කළේ දැනට මෙම දුම්රිය මාර්ගයේ බොහෝ දෙනෙකු දුම්රියේ ගැටී මරුමුවට පත්ව ඇති බවය. දුම්රිය මාර්ගයේ ගමන් කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී වන අතර ඒ බව මෙලෙස පුද්ගලික පන්තිවලට සහභාගි වන හා පාසල් යන පාසල් දරුවන්ට දෙමාපියන් හා ගුරුවරුන් පහදා දිය යුතු බවයි. මෙම දුම්රිය මාර්ගයේ අනාරක්ෂිත ස්ථානවලට ඇතුළුවම වැළැක්වීමට දැල් ආවරණයක් හෝ ඉදිකිරීම බලධාරීන්ගේ වගකීම බවද මරණ පරීක්ෂකවරයා පෙන්වා දුන්නේය. දුම්රිය මාර්ගයේ ගමන් කිරීම තහනම් වුවත් දුම්රිය අනතුරු නිසා අකාලයේ මිය යන ජීවිත පිළිබඳව බලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතු යැයි ද මරණ පරීක්ෂක වරයා එහිදී සඳහන් කළේය.ගයා වන්නිආරච්චි
    ලක්බිම පුවත් පාටින්

    (අපේ පාසලේ නංගි කෙනෙක්)
    යසින්තා නංගියේ ඔබට නිවන් සුව ලැබේවා.
    attachment.php

     

    Attachments

    • Train-acci.jpg
      Train-acci.jpg
      14.9 KB · Views: 136
    • 10303782_735142403172468_7524776628656329430_n.jpg
      10303782_735142403172468_7524776628656329430_n.jpg
      60.9 KB · Views: 119
    Last edited: