රටේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයක් නෑ, හමුදාව යෙදවීම වහාම වළකන්න -විපක්ෂ නායකයෝ මැකෝට කියති: “ඡන්දයකදී යුද හමුදාව කැඳවිය හැක්කේ මගේ ඉල්ලීමක් මත පමණයි සාධාරණ ඡන්දයක් පවත්වනවා‘‘ -මැකෝගෙන් සහතිකයක්
(ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.9.30) රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවී නැති අවස්ථාවකදී රටේ හදිසි නීතියක් නැති අවස්ථාවකදී ජනතාවට නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමට බාධා ඇතිකරවන ලෙස යුද හමුදා භටයන් තැන තැන අනුයුක්ත කිරීම වළක්වන ලෙස අද උදේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවූ විපක්ෂ නායකයන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියහ.
මෙම හමුවට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හෙළ උරුමයේ ලේකම් චම්පික රණවක, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, එජාප උප නායක රවි කරුණානායක, පොදු අපේකෂක නියෝජිත ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී මෙම කාරණාව ගැන තම දැඩි සැලකිල්ල යොමු කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තම නියෝග ඇතුලත් ලිපියක් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට සහ පොලිස්පතිවරයාට යැවීමට කටයුතු යෙදූ අතර සාධාරණ ඡන්දයක් පවත්වන බවට විපක්ෂ නියෝජිත වරුනට ශපථ වූ අතර යුද මැතිවරණ අවස්ථාවකදී හමුදාව කැඳවීමට බලය ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය මත පමණක් බවද පෙන්වා දුන්නේය.
මීට අමතරව විපක්ෂ නියෝජිතයන් විසින්ද ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ කිසිදු බරපතල තත්ත්වයක් උද්ගත වී නැති අවස්ථාවකදී යුද හමුදාව යෙදවීම වහාම නතර කරන්නැයි ආරක්ෂක ලේකම්ට, ත්‍රිවිධ හමුදාපතිවරුනට සහ පොලිස්පතිවරයාට ලිපියක් අද යැවීය.
යුද්ධය පවතිද්දී යාපනයේ මැතිවරණ පවත්වද්දී පවා හමුදාව යොදවා තිබුනේ ඡන්ද මධ්‍යස්ථානයක සිට මීටර් 500 ක් හෙවත් කිලෝමීටර් භාගයකටත් ඈතින් බව මෙහිදී අවධාරනය කර තිබේ.
මේ අතර 2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් වරයා විසින් සියළු අපේක්ෂකයන්, ලේකම්වරුන් නියෝජිතයන්, ඡන්ද පොල නියෝජිතයන්, වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව සම්බන්ධයෙන් බොහෝ දෙනා දැනුවත් විය යුතු බැවින් එය පහත ප්‍රසිද්ධ කරමු.