සැකය

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැම දෙය ගැන නිවැරදි අයුරින් සිතුව
    කමකට නොමැත සිත අද සැකයට නතුව
    ඉම පැන යදම් බිඳ රුදු වෙසකින් යුතුව
    උමතුව හැඟේ මා ඉවසිලිකම නැතිව

    පැටලෙයි එකිනෙකට සිතු දේ හතර අතේ
    මතුවෙයි සියළු තැන්වල විෂ ගතිය සිතේ
    නොහොදයි හොදයි අඳුරන සවි බලය නැතේ
    සැකයයි බියයි හැම සිතුවිලි සමග එතේ

    පිපිරී තුටු පහටු බව පපුවට පිරුණු
    ඉදිරී වැටේ විජිතය ලැම ඉදි කෙරුනූ
    පැතිරී යමින් කෝපය ගිණි දළු දරුණූ
    නොමැරී මැරේ හැම සිත සැකයට හැරුනූ



    :):):):):):):):):):):)
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ගොඩක් ලස්සනයි මල්ලි.. ඔය ලියන්නෙ ලස්සනට ..
     

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    Pattai

    880.jpg