සැඟවුණු අමුත්තා තරගයකදී ජය නංගීට

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
සැඟවුණු අමුත්තා තරගයකදී ජය නංගීට

සැඟවුණු අමුත්තා සෙවීමේ තරගයකදී සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අය ඔහුගේ නංගී විසින් අල්ලා ගැනීමෙන් පසු තෑග්ග ගෙදරටම ලබා ගැනීමේ සිද්ධියක් දකුණු පළාතේ පැවැති අවුරුදු උත්සවයකදී අනාවරණය විය.
උදෑසනම සිට සැඟවුණු අමුත්තා තරගය විවෘත වූයෙන් අවුරුදු උත්සව භූමියට පැමිණි ලොකු කුඩා ගැහැණු පිරිමි බොහෝ දෙනෙක් ඔබ මොබ යමින් සැඟවුණු අමුත්තා සෙවීමට මහන්සි ගත්හ. මෙම අවුරුදු උත්සවයේ වේදිකාවේ පැවැති තරග කිහිපයක් විනිශ්චයට පැමිණි විනිසුරුවරු පවා සැඟවුණු අමුත්තා යැයි සිතා සමහරුන්ගෙන් ප‍්‍රශ්න කළහ. ජන ගී ගායනා තරගය විනිශ්චය කරන අතරතුර සැඟවුණු අමුත්තා සොයා ගනු ලැබීය. ඒ අනුව සැඟවුණු අමුත්තා වේදිකාවට ගොඩවිය.
ඒ සමඟ ඔහු සොයා ගත්තා කියන අයද වේදිකාවට නැග්ගේය. සැඟවුණූ අමුත්තා ලෙස පෙනී සිටියේ සංවිධායක මණ්ඩලයේ අයෙකි. ඒ අවස්ථාවේදී සැඟවුණූ අමුත්තා ලෙස පෙනී සිටි තැනැත්තාගේ නැගණිය මහත් ප‍්‍රීතියෙන් යුතුව මමයි සැඟවුණු අමුත්තා ඇල්ලූවේ යැයි කීවාය.
මෙය අවුරුදු උළෙලේ සිරි නරඹමින් සිටි බොහෝ දෙනෙකුට ද ඇසුණු අතර සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අයියා වෙන කෙනෙකුට සොයා ගැනීමට බැරිවී නංගීට අසුවීම අරුම පුදුම වැඩක් යැයි ඇතැමෙක් කසු කුසු ගාන්නට වූහ. සැඟවුණු අමුත්තා ලෙස පෙනී සිටි අය ඒ බව නංගීට දැනුම් දුන්නාද නැතිනම් ඇයගේ දක්ෂතාවය නිසා සැඟවුණු අමුත්තා අල්ලා ගත්තාද යන්න බොහෝ අයට ප‍්‍රහේළිකාවක් විය.