සැණකෙළියේදී

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සැණකෙළියේදී...

    the_sad_clown1.jpg



    තාත්තා ඇති කොහේ හරි
    මුහුණේ පාට ගාගෙන
    ළමයින්ට සිනා දීගෙන
    නට - නටා....
    දුටුවොත් හෙම අපිව
    බනියි ගෙදරවිත් රෑ
    'මොකට මෙහෙ ආවාද?'
    ඒත් කිසිදාක
    මුණේ සිනහවක් නැති
    තාත්තාගේ සිනහවක් දකින්නට
    අපි කොච්චර ආසද ?
    තාත්තා නොදන්නවා වුනාට
    'බලපන් නංගියේ
    අර අතන කොර ගගා
    නටන්නේ තාත්තා නේද?
    අර පපුව ඇත ගා - ගා.... ? '
    ඒ විහිලු නැටුම් දැක
    හිනාවෙන ළමයි අස
    හිනාවෙන්න බැ මට ....
    මට මතක් වෙන්නේ
    ගෙදර එනවිට රෑට
    තාත්තා අරන් එක
    දාඩිය පිරුණු
    ඒ දුක් බර මුණ




    ඉස්සුවේ [මව්බිම - ]