සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ වල අඩුවක්😡😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,335
    47,231
    113
    usd-1024x538.jpg


    අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    අගෝස්තු මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.

    කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

    මේ වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

    මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 181 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2,348ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
     
    • Love
    Reactions: wissnshaftler

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Screenshot_20241012_004915_Microsoft-365-Office.jpg


    23 September 482.4
    24 September 555.6

    වැඩි වීම මිලියන 73.2
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    ඒව ධාතු වැඩ. පොරොන්දු උනා නන් පොරොන්දු රකින්න ඕනි. මිනිස්සු අසරණ කරන්න හොඳ නෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පර මාලිමා රට ජෙප්පො අනුරයට ලක්ෂ 30කට වඩා චන්දේ දාන්න ලංකාවට ඵනවා කියලා පොල්ල තිබ්බා මදිවට ඒ පාර ඩොලර් ඵක අඩු වුන නිසා උණ්ඩියල් කරන්න පටන් අරන්...😹😹😹😹
     
    • Haha
    Reactions: monson

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    ado එහෙම වෙන්න බැහැනේ . මන් ඩොලර් 300කුත් ගෙන්නුවනේ ටෞකන්ඩ
     

    Similar threads