සැප්තැම්බර් මාසයේ GOTA Go Home!! 🏡

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,902
    10,236
    113
    දේශපාලන පෙරළියක පෙරනිමිති පහළ කරමින් සෙනසුරාදා සන්ධ්‍යා කාලය වනවිට රටේ ප්‍රධාන තනතුරු වල සෙලවීම වාර්තාවන්නට පටන්ගත්තේය. සදුදා (9) අගමැති මහින්ද රාජපක්ෂගේ ඉවත්වීම හා තවත් මාස 4 කින් ලබන 2022 සැප්තැම්බරයේ ගෝඨාභය රාජපක්ෂගේ ඉවත්වීම සිද්ධ වන ආකාරයක් ඒ අනුව වාර්තාවේ.මේවා එක් අතකින් ජනතාවගේ ඉල්ලීම් වල සාධනීය ප්‍රතිඵල වන අතරම තවත් අතකින් ඉන්පසු සිදුවන දේ රට කවර අර්බුදයකින් නතරවේද යන්න අවිනිශ්චිත භාවයක් මතුකර තිබෙන දේශපාලන වෙනස්කම්ය. මෙම අර්බුදය මේ වනවිට පැටලුන නූල්බෝලයක් බවට පත්ව ඇති පසුබිමක කිසිදු වෙනස්කමකින් රට යළිගොඩගන්න හැකිද යන්න තීරණය කරන්න අපහසු තත්වයක පවතී.

    ඉහත පළවූ දේශපාලන වෙනස්කම් දෙකෙන් ගෝඨාභය ඉවත්වීම එනම් 'ගෝඨා ගෝ හෝම්' තීරණය වඩාත් ප්‍රබලය මෙම වෙනස්කම සිද්ධ වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මැදිහත්වීමක ප්‍රතිඵලයක් නිසා බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. ලංකාවට ඉදිරියට ඉල්ලා සිටින දේවල් ලබාගතහැක්කේ මෙම වෙනස්කම් අවශය පරිදි සිදුකරන්නේ නම් පමණක්ය යන්න මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා පැහැදිලි ලෙස දන්වා ඇති පසුබිමක ගෝඨා ඇහුම්කන්දී ඇත.
    පසුව රාජ්‍ය තාන්ත්‍රිකයා සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මෙම වෙනස සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක නියැළී ඇති අතර ව්‍යවස්ථාවෙන් ගෝඨාභය මෙන්ම විධායක ජනපති තනතුරද කටුගා දමා පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යලි ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී අවධාරණය කර ඇත. නව ව්‍යවස්ථාවක වගන්ති සැකසීම හා ඒවා යළි යළි පරීක්සා කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම වැනි කාරණා සදහා අවම මාස 3 ක් පමණ ගතවනු ඇති බව මෙහිදී සාකච්ඡා කර තිබේ.
    මෙම වෙනසකම් වලින් පසු විධායක ජනපති ධූරයේ අහෝසියක් සමග ගෝඨාභය රාජපක්ෂ ජනපති පුටුවෙන් ගෙදර යනු ඇත. ගණන් බලා ඇති කාලය අනුව එය සිදුවන්නේ තවත් මාස 4 කින් පමණ පසු සැප්තැම්බරයේය.

    මෙම ඉවත්වීම ලංකාවේ විධායක ජනපති ක්‍රමයේ අවසානයද සටහන් කරනු ඇති අතර තනි පුද්ගලයෙකු අතට අසීමිත බලයක් මින් පසු නොලැබෙනු ඇත.
    ඉදිරි වෙනස්කම් සිදුකරන කාලයේ රටේ අර්බුදය විසඳීමට ජනපති මැදිහත් නොකරගෙන අගමැති ප්‍රමුඛ කන්ඩායමක් පාර්ලිමේන්තුවට බලය පැවරීමට ක්‍රියා කරනු ඇත. එම සහතිකය රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව මගින් ගෝඨාභය එකග කරගෙන ඇති බවද දන්වා තිබේ.ඒ අනුව සැබෑ ලෙස ගෝඨා බලය අතහරිනු ඇත්තේ ලබන සතියේය.

    සජිත් අගමැති තනතුර භාරගෙන ඉදිරි කාලයේ දී නීතිඥ සංගමයේ යෝජනා ක්‍රියාත්මක කරනු ඇත. එලෙස ක්‍රියාත්මක කරන ජාතික වැඩ සටහනට ඇමරිකාව, යුරෝපා සංගමය, ඉන්දියාව ඇතුළු බලවත් රාජ්‍යයන්හි පූර්ණ අනුග්‍රහය ලැබෙනු ඇතැයිද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකාරක වගකීමෙන් දන්වා තිබේ.
    අද සවස තමන්ගේ කණ්ඩායම රට බාරගන්නා බවට හරින් ප්‍රනාන්දු හා අජිත් පෙරේරා යොදවා සජබ නිල නිවේදනයක් නිකුත් කරන්නේ මෙම පසුබිමේය.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    zIYXNmM.gif
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සජිත් අගමැති තනතුර භාරගෙන ඉදිරි කාලයේ දී නීතිඥ සංගමයේ යෝජනා ක්‍රියාත්මක කරනු ඇත lol