සැබෑම මුහුණට මුහුණ සංවාදය
ගිහියෙකු හමුවේ පරාජය වී වියරු වැටුණු ව්‍යාජ රහත් භික්ෂුව...
"පිටිදූවේ සිරිදම්ම" හිමි ලෙස පෙනී සිටි පිටිදූවේ සමන්ත නැමැති භික්ෂුව මීර වසර ගණනකට ඉහත හිටි හැටියේ රටෙනුත් අතුරුදහන් වී සිටියේය. ඊට ආසන්නතම හේතුවක් වන්නේ මේ හිමිගේ ගුරු හිමියන් වන පරවාහැර චන්ද්‍රරතන හිමියන් විසින් මොහුව ශිෂ්‍ය බාවයෙන් නෙරපීමයි. පරවාහැර චන්ද්‍රරතන නායක හිමියන් පවසා තිබුනේ භික්ෂුභාවයට නොගැලපෙන ක්‍රියා රැසක් හේතුවෙන් වසර කිහිපයකට පෙර තමන්ගෙන් උපසම්පදාව ලැබූ පිටිදුවේ සිරිධම්ම නමැති තැනැත්තා තමන්ගේ ශිෂ්‍ය භාවයෙන් ඉවත්කළ බවද ඒ බව දන්වමින් පුවත්පත් දැන්වීමක්ද පලකල බවය.
මෙසේ කලක් අතුරුදහන්ව සිටි පිටිදූවේ සිරිධම්ම ලෙස පෙනී සිටි භික්ෂුව නැවත කළ එළි බහින්නේ පුවත්පතකට අපූරු සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි එය මෙසේය....
"මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා. එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා. ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා. නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ."
ප්‍රශ්නය:
ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?
පිළිතුර:
“දෙවැනි එකට. සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ.”
ප්‍රශ්නය:
එතකොට ඔබ වහන්සේගේ සම්ප්‍රදාය මහායානාද ථෙරවාද ද?
පිළිතුර:
“එහෙම එකකුත් නැහැ මට තේරෙන්නේ, මට දැනෙන විදියට මම කියන්නේ. …… ලෝකේ මේවගේ දර්ශන පහළවෙන ඔක්කොම ය ගුරුවරු ප්‍රතික්ෂේප කලා. ඒ ගුරුවරු ප්‍රතික්ෂේප කරහම තමයි ඒ ගොල්ලෝ ශ්‍රේෂ්ඨත්වයට් පත් වෙන්නේ. එක ලෝක සිද්දාන්තයක්. ”
- රන්දිව පුවත්පත (Oct 9, 16, 2011)
මේ අනුව සියළු දෙනාටම පැහැදිලියි කළක් අතුරුදහන්ව සිටි මෙම භික්ෂුව නැවත පැමිණ සඳහන් කරන්නේ තමන් සකෘදාගාමී බවයි ඊටත් පසු කලෙක ඍජුවම තමන් රහතන් වහන්සේ නමක් බව පුවත්පත්වලට සහ මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රසිද්ධියේ කියා සිටියේය. උදාහරණ ලෙස දෙරණ චතුර අල්විස් මහතා සිදුකළ සංගායනවා වැඩසටහනේදී තමන් නැවත නූපදින බවත් රහත් බවත් ප්‍රකාශ කළ අතර ඉරාජ් ගේ රැස් මාලා විඩියෝවෙන් පසුව ඔහු සමඟම කළ සාකච්ඡාවකදී තමන් මේ ලෝකයේ විඩියෝවකට පෙනී සිටි එකම රහතන් වහන්සේ බව කියා සිටියේය.
පළමුව දෙවන මාර්ගඵල මට්ටමේද ඊට කළකට පසුව රහතන් වහන්සේ නමක් බවද හෙළිකල මේ පිටිදූවේ සමන්ත භික්ෂුව වරෙක තමන් වසර 2500කට වරක් ලෝකෙට පහළවන මහා මුණිවරයෙකු බවද බුදු කෙනෙකු බවද සඳහන් කරයි. මේ නිසා අදටත් මේ භික්ෂුවගේ ව්‍යාජත්වයට රැවටුණ කිසි දහම් දැනීමක් නැති අනුගාමිකයින් මොහු බුදු රජාණන් වහන්සේ නමක් වශයෙන් සලකයි. මේ හේතුවෙන් මේ භික්ෂුවගෙන් යමෙක් ඔබ රහතන් වහන්සේ නමක් ද බුදු රජාණන් වහන්සේ නමක් ද කියා ඇසූ විට වෙනත් වැල්වටාරම් කියා ප්‍රශ්නය මඟ හරී. හේතුව තමන් රහතන් වහන්සේ නමක් කීමට වඩා මහා මුණිවරයෙක් වූ බුදු රජාණන් වහන්සේ නමක් කියා පෑමට රඟ පෑමට ඇති කැමත්තයි.
නමුත් අංගුත්තර නිකායේ දුක නිපාතයේ පුග්ගල වර්ගයේ මෙසේ සඳහන් වෙනවා. "මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා ප්‍රත්‍යෙක බුදුන්වහන්සේ හා දෙදෙනයි. මහණෙනි, මොහු බුදුවරු දෙදෙන වෙත්."
එක සම්මා සම්බුද්ධ ශාසනයක් (තවමත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ලොව පවතිනවා ) තුළ තවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ නොවන බව සහ පහළ වන්නට නියමිත මේ කල්පයේ අවසන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මිනිස් ආයුෂ අවුරුදු 80000ක කාලයේදී පහළවන මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ බවත් දහමින් අපට පැහැදිලියි. ඒ වගේම පසේ බුදු රජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධ ශාසනයක් තුල දී පහළ නොවන බවත් පැහැහිලියි. මීට අමතරව උන් වහන්සේලා නිවන සාක්ෂාත් කිරීමේදී කඩින් කඩ මාර්ග ඵල එකක් දෙකක් එක දවසකත් කාලයක් ගොස් ඉතිරි මාර්ගඵල වෙන දවසකත් ලබානොගනිති. මේ අනූව පිටිදූවේ සිරිධම්ම නමින් පෙනී සිටි පිටිදූවේ සමන්ත නම් භික්ෂුව සහ මුළා වූ අනුගාමිකයින්ගේ බුදු කෙනෙකුන් යැයි කරන පුහු තර්කයද මෙයින් අහෝසි වී යයි.
විශේෂ ස්තුතිය: ගෞතම බුදු සසුනේ ගිහි ශ්‍රාවකයෙකු වූ සනත් සුමින්ද සොහොයුරා බෙල්ලන්තර ආශ්‍රමයටම ගොස් නිර්භීතව කළ ඒ අභියෝගාත්මක ප්‍රශ්න කිරීමට අපගේ විශේෂ ස්තුතිය සහ බොහෝ දෙනාට ඇත්ත පෙන්වා ඒ අයව මුළාවෙන් ගලවා ගැනීමට යෙදුන සාර්ථක වූ උත්සහයට ශ්‍රාවක අපගේ විශේෂ පුන්‍යානුමෝදනාව.
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. (Y) මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න