සැබෑ අර්ථය දෙක (Real Meaning 2)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සැබෑ අර්ථය දෙක (Real Meaning 2)

මේ සිංදුවෙ තේරුම දන්නෙ කවුද?

මේ තරම් සියුමැලිද කලු ගල්...
හිතන්නට වත් බැරි නිසා...
මම ගියා අවුකන බුදුන්ටත් ...
දෑස් දුන් මිනිසා සොයා........

කලා වැව ලග ඉලුක් හෙවනක...
මැටි පිලක පැදුරක් එලා...
රිදුම් පිරිමදිමින් බලයි ඔහු...
මැරෙන ඉපදෙන රළ දිහා.....

ඉසුරුමුණියේ නුඹ තැනූ....
පෙම්බරිය කොහිදැයි කියා...
මා ඇසූ විට හිනැහුනා ඔහු...
තවම තනිකඩ යැයි කියා....

ගායනය සුනිල් එදිරිසිංහ

අනිත්‍යද?
කලාකරුවන්ගේ ඉරණමද?
වෙන යම් දෙයක්ද?

ඔබේ අදහස් මෙම නූලේ අමුනන්න
:D


Download


 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I think its about a guy who loved this girl truly, without expecting nothing in return from her, but she changed and left him ..now he's alone, thinking about the past. and it's not gay lol
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පැටියා;7830784 said:
    obviously it's not. LOL:D
    I think it's not related to a love story :rolleyes:

    may be :P but something tells me its about a man who lost everything to love ..well not love in the typical sense of it. compassion towards other ppl if you know what i mean.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතේ අනිත්‍ය තාවය හා කළාකරුවාගේ ඉරණම කියන දෙකම මුල් කොට ගත්ත නිර්මාණයක් ලෙසයි මෙය මට හැඟී යන්නෙ. තව මේ ‍තුළින් කලාකරුවා ව නොසලකා හැරීම ගැනත් කියවෙනව. එ විතරක් ද නොව කලාකරුවාගේ ප්‍රතිභාව ගැනත් කියන්නට අමතක කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Rockey_ssr

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    ජීවිතේ අනිත්‍ය තාවය හා කළාකරුවාගේ ඉරණම කියන දෙකම මුල් කොට ගත්ත නිර්මාණයක් ලෙසයි මෙය මට හැඟී යන්නෙ. තව මේ ‍තුළින් කලාකරුවා ව නොසලකා හැරීම ගැනත් කියවෙනව. එ විතරක් ද නොව කලාකරුවාගේ ප්‍රතිභාව ගැනත් කියන්නට අමතක කරන්නෙ නෑ.

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජීවිතේ අනිත්‍ය තාවය හා කළාකරුවාගේ ඉරණම කියන දෙකම මුල් කොට ගත්ත නිර්මාණයක් ලෙසයි මෙය මට හැඟී යන්නෙ. තව මේ ‍තුළින් කලාකරුවා ව නොසලකා හැරීම ගැනත් කියවෙනව. එ විතරක් ද නොව කලාකරුවාගේ ප්‍රතිභාව ගැනත් කියන්නට අමතක කරන්නෙ නෑ.
    අනිවා :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං දැනුයි මීටර් වුනේ........

    ඉසුරුමුණියේ නුඹ තැනූ....
    පෙම්බරිය කොහිදැයි කියා...
    මා ඇසූ විට හිනැහුනා ඔහු...
    තවම තනිකඩ යැයි කියා....

    මේ කියන්නෙ.......

    ඉසුරුමුණියේ පෙම් යුවල මේ කළාකරුවාගේ ජීවන අත්දැකීමක් වන්නට පුලුවන්. පෙම්බරිය තවම තනිකඩ නම් පෙම්බරා (ඒ කියන්නෙ මේ කළාකරුවා) තවම තනිකඩයි කියල වෙන්න පුලුවන් :yes:
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    Sri_lanka_aukana_buddha_statue.jpg



    බුදුන්ව හරියට තේරුම්ගත්ත මිනිහෙක් ගෑනියෙකුට රැවටෙයිද?

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::confused::confused:
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    downloading
    මාත් ආසයි සින්දුවක තේරුම බැළු බැල්මට පේන්නෙ නැති සින්දු වලට.
    හිතන්න දෙයක් තියෙන සින්දු වලට
    අහල එකක් දාන්නම්
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    මචන් මේ සින්දුවෙන් කියවෙන්නේ ගල් වඩුවාගේ ජීවිතයක් ගැනයි කියල මට හිතෙනව
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගල් වඩුවා අනෙත් අයට පෙනෙන්න සුන්දර නිර්මාණ බිහිකලාට ඔහුගේ ජීවිතය සුන්දර විය හැකිද.......
    ඔහු රිදුම් පිරිමදිමින් වුවත් ඒ රැලිවල සුන්දරත්වය අනෙත් අයට පෙන්වනවා.
    ලොවට රසවිඳින්න ඉසුරුමණියේ පෙමබරිය තැනුවට ඔහුට තවමත් පෙම්බරියක් නෑ....
    හරිම තේරුම මේක නොවුනත් මට හිතෙන්නේ ඒ වගේ දෙයක්..

    බොහොම ස්තුතියි සහෝ....මේක දැම්මට..
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ශ්‍රේෂ්ට නිර්මණයක් කරපු ශ්‍රේෂ්ට පුද්ගයයෙක්.... ඒත් හැමදාම හැමෝම ඒ නිර්මාණය දිහා බලල ඒක රස විඳගත්තට එහි නිර්මාතෘ ගැන හොයන්න හැමෝටම අමතක වෙලා. මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන කලාකරුවෙක් තමන්ගෙ ජීවිතයම අනුන්ගෙ සතුට වෙනුවෙන් කැප කරපු අහින්සක චරිතයක් ගැන කියන ගීතයක් . ඒ විතරක් නෙවෙයි සමාජයටත් පුන්චි මතක් කිරීමක් කරනව කලාකරුවාව නොසලකා හැරීම ගැන කියලයි මට හිතෙන්නෙ.....

    ඒත් කලුගලක් තරම් රුදුරු දෙයක් සුමට කරන්න සමත්වුන මේ පුද්ගලයට සමජයෙන් එන අසධාරනකම් ඒ කලුගල තරම් තදට දැනෙන්නෙ නැතුව ඇති.....