^^^^ සැබෑ මිතුරා හඳුනා ගන්න ^^^^

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ^^^^ සැබෑ මිතුරා හඳුනා ගන්න ^^^^

    සැබෑ මිතුරා හඳුනා ගන්න

    friend.jpg


    යහපත් මිතුරෙකු යනු ජීවිතයට ලැබිය හැකි වටිනා වස්‌තුවක්‌ ලෙස සැලකිය හැකිය. මෙම අමිල වූ වස්‌තුව සියල්ලන්ට ම උරුම නොවේ. යහපත් මිතුරෙකු හමුවන්නේ කලාතුරකිනි. ජීවිතයේ විවිධ අවස්‌ථාවන් වලදී මිතුරන් හමුවේ, එනම් ළමා වියේ දී, පාසල් වියේදී හා රැකියා ස්‌ථානයේ දී වශයෙනි. නමුත් ඔබට හමුවන මිතුරන් සෑම විටම ඔබගේ හොඳම මිතුරන් නොවනු ඇත. ඔබ සමග එකට සිනාසීමට බොහෝ පිරිසක්‌ එක්‌ වුවද ඔබගේ කඳුළු සමඟ එක්‌වීම සඳහා පැමිණෙන්නෙ ඔබේ හොඳම මිතුරන් පමණි. එනිකෙනා අතර පවතින අෙන්‍යාන්‍ය අවබෝධය මිතුදම ශක්‌තිමත් කරයි. එසේ ම පෞරුෂ්‍යය සම්පන්න ඔබගේ දිවිය ශක්‌තිමත් කරගැනීම සඳහා ද සැබෑ මිතුරන්ගේ උදව් උපකාර ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. එබැවින් මෙම ලිපිය එවන් මිතුරන් හඳුනාගැනීම සඳහායි.

    ප්‍රථමයෙන් ම සඳහන් කළයුතු වන්නේ ඔබේ සැබෑ මිතුරා ඔබව සම්පූර්ණයෙන් ම පිළිගන්නා බවයි. ඔවුන් ස්‌වභාවයෙන් ම ඔබ ඔහුගේ හො ඇයගේ මිතුරෙකු ලෙස සලකයි. ඔබගේ අතින් සිදුවන යම් අත්වැරදීමකදී ඔබ අදක්‌ෂයෙකු හෝ අනුවණ පුද්ගලයෙකු ලෙස නොසලකයි. ඔබගේ වැරදි නිවැරදි කර ඔබගේ සාර්ථකත්වයට මං පෙත් විවරකරදීම යහපත් මිතුරාගේ ලක්‌ෂණයයි.

    එසේ ම යහපත් මිතුරා සෑම විට ම ඔබට අවංකව හා විශ්වාසනීයව කටයුතු කරයි. ඔහු හෝ ඇය ඔබගේ වෙනත් ලාභ ප්‍රයෝජනයක්‌ බලාපොරොත්තු නොවෙයි.

    තවද සැබෑ මිතුරා ඔබගේ සෙසු මිතුරන් අතරින් ආයාසයෙන් කැපී පෙනීමට උත්සහ නොදරයි. නමුත් ඔවුන්ගේ යහපත් ස්‌වභාවය නිසා ඔවුන් නිතරගයෙන්ම අන් අයට වඩා ඉදිරියෙන් සිටිනු ඇත.

    ඔවුන්ට හැකි සෑම අවස්‌ථාවකදීම ඔබට සහාය වීමට ඔවුන් ඉදිරිපත් වේ. ඔවුන්ට ක්‍රියාවෙන් උපකාර කළ නොහැකි විටදී ඔබට මානසික වශයෙන් හෝ උපකාර වන්නේ ඔබගේ සැබෑ මිතුරා පමණි.

    එලෙස ම එකට එකතුව වැඩ කටයුතු කිරීමෙන් ජීවිතයේ අභියෝග ජයගැනීමද, තම මිතුරා විවේචනය නොකිරීමද සැබෑ මිතුරාගේ චරිත ලක්‌ෂණ බව පැහැදිලිවම කිව යුතුය.

    එලෙසින් ම ඔබ සිහි තබාගත යුතු තවත් කරුණක්‌ ඇත. එනම් ඔබ වටා යහපත් මිතුරන් එක්‌රොක්‌ වන්නේ ඔබද යහපත් මිතුරෙකු වුවහොත් පමණක්‌ බවයි.


    දැන් කියපල්ලා බලන්න, පැන්තා කොයිවගේද කියලා.. :love::love: