සැබෑ යක්ෂයන්ගේ ඉල්ලීම
සැබෑ යක්ෂයන්ගේ ඉල්ලීම
කීර්ති වර්ණකුලසූරිය
යක්ෂයාට බලවත්වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන යාපනයේ හින්දු විදුහලේදී ප්රකාශ කර තිබුණි. එහෙත් යක්ෂයා කවුද යෑයි ඔහු පැවසුවේ නැත.
එය ප්රභාකරන් යක්ෂයා මිනීමරද්දී ද්රවිඩ සන්ධානය දුනුවායා ප්රභාකරන් යෑයි නොකියා දුන්න ගැන කතාකිරීම සමානය.
ජනාධිපති සිරිසේන යක්ෂයා ගැන පවසද්දී සැබෑ යක්ෂයන් යාපනයේ උද්ඝෝෂණයක නිරත විය. ඒ ජිනීවා ගොස් ශ්රී ලංකාවට එරෙහිව හයිබ්රිඩ් අධිකරණයක් ඉල්ලා සිටින සිවාජිලිංගම් සහ ගඡේන්ද්රකුමාර් පොන්නම්බලම්ය.
මේ හැර කොටි රූකඩය මෙන් කටයුතු කළ ද්රවිඩ සන්ධානයද සැබෑ යක්ෂයන් වේ.
මේ පසුබිම මැද සිවාජිලිංගම් හා ගඡේන්ද්රකුමාර්ලා මෙන්ම යාපනය විශ්වවිද්යාලයේ සිටින බෙදුම්වාදී සිසුන් ඉල්ලන්නේ රැඳවුම් භාරයේ සිටින කොටි ඝාතකයන් පිරිස නිදහස් කරන ලෙසය.
එම ඉල්ලීම ඉටුකරගැනීමට උතුරේ හර්තාලයක්ද පවත්වා ජනජීවිතය අඩාල කර ඇත. එහෙත් අපේ විශේෂ කාර්ය බළකාය නිහඬ විය. පොලිසිය නිහඬ විය.
සිවාජිලිංගම් තවත් අපූරු කතාවක්ද කළේය.
'අපි නුඹට ඡන්දේ දුන්නා' ඇයි අපේ ඉල්ලීම් ඉටුකිරීමට බැරි?
රජයට ඡන්දේ දුන් පලියට කොටි මිනීමරුවන් නිදහස් කළ යුතුද?
මොවුන් මේ නිදහස් කරන ලෙස ඉල්ලන්නේ බිහිසුණු මිනීමරුවන්ය. හමුදා භටයන් මරා පිළිස්සූ ත්රස්තයන් සහ බස් රථවලට බෝම්බ තබා මගී ජීවිත වැනසූ ත්රස්තයන්ද ඒ අතර වේ.
මෙම ඉල්ලීම රටේ නීතිය අවතක්සේරුවකට ලක්කීමට රැඳවුම්භාරයේ සිටින කොටි මිනීමරුවන් 132 කගේ පැටිකිරිය අප සතුව ඇත. විල්පත්තුවේදී ගත්කරුවකු ඇතුළු විධායක නිලධාරීන් 7 ක් මරාදැමූ ත්රස්තයන්ද ඔවුන් අතර වේ.
මේ නිසා පැහැදිලිවන්නේ රට ගමන් කරන අහිතකර තත්ත්වයයි.
උතුරේ හොර සංවිධාන උතුරෙන් පන්සල් හා බුද්ධ ප්රතිමා ඉවත් කරන ලෙස ඉල්ලයි. හමුදාව සියයට 70 කින් අඩුකරන ලෙසද වන්නි මෙහෙයුමේ හමුදා ප්රධානීන්ට දඬුවම් කරන ලෙසද කියා සිටී.
මේ වාතාවරණය මැද ද්රවිඩ සන්ධානය පොලිස් බලතල හා ඉඩම් බලතලද මූල්ය බලතලද ඉල්ලයි.
ත්රිකුණාමලය විශේෂ පරිපාලන කලාපයක් කරන ලෙස උතුරු මහ ඇමැති විග්නේශ්වරන් කියා සිටියි.
එසේම උතුරු නැගෙනහිර එක්කළහොත් මුස්ලිම් කලාපයක් අවශ්ය බව රවුප් හකීම්ද ඉල්ලා ඇත.
මේ තත්ත්වය මැද මනෝ ගනේෂන් නුවරඑළිය ප්රාදේශීය සභා වැඩිකරන ලෙස ඉල්ලයි.
මෙහිදී නැගෙන ප්රශ්නය නම් මොවුන් බහුතරයට තර්ජනය කරමින් ඉල්ලන දේ දිය යුතුය යන්නයි.
මේ පසුබිම මැද කොළඹ හා උතුරේ රාජ්ය නොවන සංවිධාන ජිනීවා ගොස් රජයට හතුරුකම් කරති. එහෙත් රහස් පොලිසිය ඔවුන් පසුපස යන්නේ නැත.
වැල්ලවත්තේ රාජ්ය නොවන සංවිධානයක් ජිනීවාහිදී බෙදුම්වාදී පත්රිකා බෙදාහැරියත් රජය නිහඬව සිටියි.
මේ අතර මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ ඩි ග්රෙයිප් උතුරට ගොස් කොටි ස්මාරකය ඉදිකරන සහ අවසන් සටන සිදුවූ තැන නිරීක්ෂණය කර ඇත.
එහෙත් ත්රස්තවාදීන් වෙනුවෙන් ස්මාරක සෑදීමට උත්සාහ කරන ප්රදේශය විමර්ශනය කිරීමට නුඹට ඇති අයිතිය කුමක්දැයි කොන්දක් ඇති කිසිවෙක් පැබ්ලෝ ඩි ග්රෙයිප්ගෙන් විමසුවේ නැත.
ඒකාබද්ධ විපක්ෂයද පැබ්ලෝ ඩි ග්රෙසිප් උතුරේ සිදුකරන ක්රියාදාමය ගැන නිහඬ වී ඇත.
ඔහුට අමුද්රව්ය ලබාදීමට යාපනයේ අඩයාලම් මධ්යස්ථානය නමැති හොර සංවිධානය දැනටමත් ක්රියාකර ඇත.
ඉන් තහවුරුවන්නේ ලොව වැඩිම හමුදාකරණය සිදුවී ඇත්තේ මුලතිව්හි බවට බොරු වාර්තාවක් ප්රකාශ කිරීමෙනි.
මේ තත්ත්වය මැද ලබන දෙසැම්බර් මස එක්සත් ජාතීන්ගේ තවත් කණ්ඩායමක් මෙරටට පැමිණේ.
ඔවුන් වව්නියාවේ ජෝශප් හමුදා කඳවුර සහ ත්රිකුණාමලයේ ගන්සයිඩ් බිංගෙය පරීක්ෂා කිරීමට ඉල්ලා ඇත.
මේ ස්ථාන දෙක පරීක්ෂා කිරීමට විදේශිකයන්ට අවසර නැත. එම අවසරය ලබාදීමට හමුදා සහ නාවික බලධාරියා ඉඩ දුන්නොත් ඔවුන් ඉතිහාසයට එක්වන්නේ ෙද්රdaහීන් ලෙසය.
මෙයට පෙර ත්රිකුණාමලයේ මුහුදු කලාපයක් ඉල්ලා කොටි කළ ඉල්ලීම නාවික හමුදාපතිව සිටි දයා සඳගිරි ප්රතික්ෂේප කරනු ලැබීය.
මේ නිසා එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මෙරටට එන්නේ ප්රශ්න නිරාකරණය කිරීමට නොව නැති ප්රශ්න ඇති කිරීමට බව පැහැදිලිය.
අප මේ තොරතුරු හෙළිකරන විට දේශපාලකයන්ට රිදෙන්නට පුළුවන. එහෙත් සත්ය යටපත් කිරීමට ඉඩහැරිය යුතුද?
අද මෙරටේ ජනතාව නිදහසේ ගමන් බිමන් යන්නේ 29000 ක් රණවිරුවන් කළ දිවි පිදීම නිසාය. එහෙත් මේ ගෞරවනීය මළවුන් පාවාදීමක් දැන් සිදුවේ.
උතුරේ සිදුවන ක්රියාදාමයන් ඊට නිදසුන්ය.
මේ තත්ත්වය ඔඩුදිවීමට හැරියොත් සිදුවන විපාක භයානකය.
තායිලන් - කුර්දි - බලුකිස්තාන් බෙදුම්වාදය ජයගනු ඇතැයි උතුරේ ඊලම්වාදීන් විශ්වාස කරති.
එම විශ්වාසය මත තමිල් ඊළම කෙරේද ඔවුන් බලාපොරොත්තු තබාගෙන ඇත.
ඒ සඳහා සූක්ෂම ලෙස රජයෙන් ඉල්ලීම් ලබාගැනීමට ද්රවිඩ සන්ධානය සහ කොටි ඩයස්පෝරාව එක්වී ඇත. අවි බලයෙන් ලබාගත නොහැකිවූ දේ බන්දේසියේ තබා ලබාගැනීම ද්රවිඩ සන්ධානයේ අරමුණයි.
එම අරමුණ ඉටුකරලීමට රජය ක්රියාකළ යුතුද?
Source: http://divaina.com/daily/index.php/visheshanga3/1718-2017-10-24-13-35-04