මුලින්ම ඔවුන් පොඩි කතාවක් හදනවා.
ගින්න පටන් ගන්න පුළුවන් තැන බලනවා
ඒ කියන ටික ටික හැමදාම කියනවා.
ඒ කියන ටික , ටික ටික වැඩි කරනවා.
මේකට තෙල් පොහොර ගහන්න ඉන්න පිරිස කරළියට ගේනවා.
පොඩි පොඩි වොයිස් කට් වල ඉඳලා ලොකු ලොකු මාධ්‍ය සාකච්ඡා දක්වා තිර ගත වෙනවා.
ප්‍රසිද්ධ අය, වැඩිපුර රීච් තියෙන අයත් කීපදෙනෙක් වැඩේට ඕනේ.
සමාජ මාධ්‍ය influencers ලා කීපදෙනෙක් පාවිච්චි වෙනවා.
ටීවි එකේ, රේඩියෝ එකේ, facebook එකේ හැමතැනම මේවා යනවා.
බලං ඉන්න කෙනාගේ ඉවසීම නැති කරනවා.
ටික ටික ඒවා දකින අය අසහනයට පත් කරනවා.
සිදු වුනේ ලොකු අසාධාරණයක්, විශාල වැරැද්දක්, මහා විනාශයක් බවට ඒත්තු ගන්වනවා.
ඊට පස්සේ ඔබේ ඉවසීම ඉවර වෙනවා.
ඔබ අසහනයට පත් වෙනවා.
ඔබට හිතෙනවා අපි හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියලා.
අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්න ඕනේ කියලා.
ඔබ නොදැනුවත්වම ඒ රැල්ලට අහු වෙනවා.
ඔබත් ඒකේ කොටස් කාරයෝ වෙනවා.
ඔබ හරි බව ඔවුන් ඔබට දිගින් දිගටම ඒත්තු ගන් වනවා.
ඔබටත් ඒකට සතුටක් දැනෙනවා.
ඔවුන් ටික ටික දඩයමට කිට්ටු වෙනවා.
ඔබ අප්පුඩි ගහනවා.
ජනතාව ඒ අලුතින් හදපු සතුරා දිහා වෛරයක් ඇති කර ගන්නවා.
දැන් ඒ ඔවුන් ඔබට හදලා දීපු සතුරා ඔබේ ලොකුම සතුරා බවට පත් වෙනවා.
ඔබේ අත්පොලසන් මැද ඔවුන් ඒ සතුරාව මර්දනයට ලක් කරනවා.
ඔබටත් සතුටුයි. සතුරා ඉවර වෙන්න ලඟයි.
ඔබ නොදැනුවත්වම දැන් ඔවුන්ගේ කඳවුරේ ඉදගන්නවා.
සතුරා මර්දනය කල නිසා ඔබට ඔවුන් වීරයන් මෙන් පේන්න ගන්නවා.
ඔබ ඔවුන්ගේ කෙනෙක් බවට පත් වෙනවා.
කොටි ඉවර උනාට පස්සේ අලුත් සතුරෙක් හිටියේ නෑ. 2015 දී වංචා, දූෂණය, ආර්ථිකය , ඒකාධිපති වියරුව හතුරා බවට පත් උනා. සතුරා පරාජය කළා.
ඊට පස්සේ ඔවුන් ඔබට මුස්ලිම් මිනිස්සු සතුරන් බවට පත් කරලා දුන්නා 2019 දී. ඔබ ඔවුන් එක්ක හිට ගත්තා.
වංචාව, දූෂණය, ආර්ථිකය, ඒකාධිපති වියරුව යලි සතුරා බවට පත් උනා. ඔවුන් අරගලය තුලින් පරාජයට පත් උනා.
දැන් ඔවුන් අරගලය සහ අලුත් සතුරන් ඔබට නිර්මාණය කරලා දෙනවා. ඔබ ආයෙත් ඒ සතුරන් පසුපස යනවා. ඔවුන් එක්ක හිට ගන්නවා. ඔවුන් වීරයන් බවට පත් කරනවා.
ආයේ ආයේ හැබෑ ප්‍රශ්නය යට යනවා.
නිර්මාණය කරන සතුරන් පසු පස අපි යනවා.
ඔබේ ජීවිතය තුල කීපාරක් මේ රැවටීමට අහු වෙනවා ද කියලා ඔබම තීරණය කරන්න.
එතකං ඔවුන් නිර්මාණය කරලා දෙන සතුරන් පසු පස හඹා යමින් ඔබේම ජීවිතය නාස්ති කර ගන්න.
තීරණය ඔබේ.
පැතුම් කර්නර්
#දඩයමකරේ