සැමන්වල (canned fish) ආසනික් අධි මාත්‍රාවෙන් අඩංගු දැයි විමසමින් පාරිභෝගික සේවා අධිකාරියට යැවූ තොරතුරු ඉල්ලීමට පිළිතුරු මා වෙත එවා තිබෙනවා.
ඔබ පුදුම වේවි, හොඳම සැමන් වර්ග ලෙස රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය වන, හොඳම ජාති කියලා හිතාගෙන ඉන්න සැමන් වර්ග පවා ආසනික් අධිකව ඇති ඒවා බව තහවුරු කර ඇති ඒවා. ඔවුන් එවා ඇති වගු දෙස ඔබටම බලන්න පුළුවන්.
ජනතාව ටික කාලයක් වස කෑවාට කමක් නෑ කියලා මීට කලින් කීවෙ වෙනත් කෙනෙක්. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට ජනතා මුදලින් වැටුප් ලබන පාරිභෝගික සේවා අධිකාරියේ අදහසත් ඒකම නෙවෙයි ද කියන එක ඔවුන් ලබා දී ඇති පිළිතුරු කියවා ඔබට තීරණය කරන්න පුළුවන්.
අදටත් මේ සැමන් වර්ග වෙළඳපොළේ තිබෙනවා. මේ හෙළි කිරීම් ම මගේ ජීවිතයට උනත් තර්ජනයක් වෙන්න පුළුවන්.තනි මිනිහෙක් විදියට මේ ගැන කරන්න පුළුවන් දේ මම කළා. ජනතාව ගැන ඇත්ත කැක්කුමක් තියෙන පිරිසක් ඉන්නවා නම් මෙතනින් එහාට කටයුතු කරන්න පුළුවන් මේ තොරතුරු උපයෝගී කරගෙන.
-RK