සැමන් ගැන කතාවක්!
ඔන්න අද මමයි මල්ලියි ගෙදරට බඩු ගේන්න ගියා හොඳ ද. (අපි දෙන්නා තමයි පවුලේ තරුණම. LOL!)
අපේ එකා කඩේක සැමන් තියෙනවා දැකලා සැමන් දෙකක් අරගෙන. ඔන්න දැන් අනිත් බඩුත් එක්ක සම්පූර්ණ බිල 330/= යි ලු.
මූට කැෂියර් එකේ ඉන්න එකෙක් කියලා 500/=ට වැඩිය බඩු ගත්තොත් විතරයි සැමන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඌ බිල් එක 500/= කරගෙන බඩු අරං ඇවිත්. (ගොන් හරකනේ ඌත්. අපට විතරයි කට.)
ඉතින් මේ අමුතු නීතියක් තියෙන කඩේ මොකක්ද කියලා බලන්න මමත් ගියා එවෙලෙම. ගිහින් සැමන් දෙකක් විතරක් අරගෙන කැෂියර් එකට ගියාම එතන ඉන්න එකී කියනවා එහෙම සැමන් විතරක් නම් දෙන්න බෑ ලු. තව මොනාහරි ගන්නලු.
කොල්ලා පටන් ගත්තා ඉතින් demonstration එක.
"මේ බලන්න නංගී, මේකෙ බර ග්‍රෑම් 425යි. මේක ශ්‍රී ලංකාවේ නිශ්පාදිත එකක්. එතකොට පාරිභෝගික සේවා අධිකාරිය 2020 මාර්තු මස 17 වෙනිදා නිකුත් කරපු 2167/9 ගැසට් එකේ හැටියට ඔයාලා රුපියල් 100/=ක උපරිම සිල්ලර මිලකට මේක මට දෙන්න බැඳිලා ඉන්නවා."
"අනේ මටනම් මොකුත් කියන්න බෑ අයියේ මේ ගැන."
"කෝ මැනේජර් මහත්තයා ඉන්නවද?"
"ඔව් අර ඉන්නෙ එයා තමයි."
ඒකා ඇවිත් කියනවා, අපිත් මල්ලී මේවා පාඩු පිටයි දෙන්නේ. ඔයා ඔහොම කතා කරන්න එපා මේ වගේ වෙලාවක කියලා.
"නෑ නෙ මැනේජර් මහත්තයා, මේකෙට වෙන පාඩුව මේ සැමන් එකේ නිශ්පාදකයාට රජය ගෙවනවා. පරිප්පු එහෙම ආනයනය කරන මිනිස්සුන්ට රජය ගෙවනවා. කොහොමද එතකොට ඔයාලට පාඩු වෙන්නෙ."
එතකොට කඩේ බඩු අදින පාංකඩයෙක් කියනවා මේක මහත්තයෝ අපේ කඩේ නීතියලු. වෙන තැන්වල නීති අපට අදාල නැතිලු.
එච්චර වෙලා ආතල් එකට මේක කරාට අන්න ඒක කිව්වම නම් මටත් රතු කට්ට පැන්නා. මම ඉතින් මැනේජර්ට රුපියල් සීයක් දීලා කිව්වා ඔයා කැමති ඕනා දෙයක් අරගෙන ඇවිත් බිල ගහලා දෙන්න මම බලන්නම් එහෙම සමහර කඩවල් වලට වෙනම නීතිත් තියෙනවාද කියලා කියලා.
ඊට පස්සේ ඌ නෑ නෑ අවුලක් නෑ මේක අරගෙන යන්න කියලා සැමන් දෙක දාලා දුන්නා.
හිතට පොඩි දුකක් තියෙනවා මේක දිගට ඇදලා අර මැනේජර්ව පාරිභෝගික සේවා අධිකාරියට ඇදන් එන්න බැරි වෙච්චි එක ගැන.
කොහොම උණත් අපේ රටේ පාරිභෝගිකයෝ නම් එල හරක්. මම දැන් පොලිමේ ඉද්දී අර කැෂියර් එකේ ඉන්න එවුන් මිනිස්සුන්ට සද්දේ දැම්මම මිනිස්සු ආයේ ඇතුළට ගිහින් 500/= වෙන්න මොනාහරි අරං එනවා. එහෙම සල්ලි නැති මිනිස්සු බඩු දාලා හිස් අතින් යනවා.
දැන් මම ඔය කඩේ තොවිල් නටද්දී වත් පොලිමේ ඉන්න එකෙක් මීක් ගාන්නේ නෑ. එලියේ පොලීසියේ කොස්තාපල් ජනතාවක් උන්නා එයාලත් මීක් නෑ.
සිරාවටම අපේ රට තුන්වෙනි ලෝකයේ රටක් විදියට පවතින්නේ infrastructure එකේ අඩුවක් නිසා නෙවෙයි. මිනිස්සුන්ගේ මානසිකත්වයේ තියෙන අඩුවක් නිසා. මේ කොහෙවත් යන නූගත් කඩ කාරයන්ටයි, බස් කොන්දොස්තර රස්තියාදුකාරයන්ටයි, මිනිස්සු බය නම් එහෙම රටක් දියුණු වෙන්නේ කොහොමද?
රජය නීති සම්පාදනය කලාට වැඩක් නෑ සමාජය ඒවා පිලිපදින්නේ නැත්නම්. රජය නීති සම්පාදනය කලාට වැඩක් නෑ සමාජය ඒවා කඩ කරන මිනිස්සුන්ට විරුද්ධව හඬක් නගන්නේ නැත්නම්.
දැන් ඔය මම ගිය කඩේ ඊටපස්සේ අමුතු නීති දාන්න යන එකක් නෑ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඒවි කියලා සැකයට. ඒත් තව කඩවල් කොච්චර ඇත්ද මෙහෙම නීති විරෝධී විදියට මිනිස්සුන්ව ගසාකන.
#ඉන්දියන්සාගරයේ #මුතුඇටය! #අනේඅනතුරක්නම් #වෙන්නඑපා #මේකෙඉන්න #උතුම්බුද්ධිමත්ජනතාවට!
✌