සැම්සුන් ගැලැක්සි S4 එළිදැක්වේ ! <><><>

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සැම්සුන් ගැලැක්සි S4 එළිදැක්වේ ! <><><>

    Galaxy-S4-Rumors-Updates-Wishlist-Expected-specifications.jpg


    සැම්සුන් සමාගමේ ගැලැක්සි Sමාදිලියේ නවතම ස්මාර්ට්ෆෝන් උපාංගය වන ගැලැක්සි S4 අති උත්කර්ෂවත් ලෙස නිව්යෝර්ක් නුවරදී එළිදැක්විණි.

    පසුගිය වසරේ අලුත් උපාංග රැසක් සමගින් වෙළඳපොළට නිකුත් කරන ලද ගැලැක්සි S3 දුරකථනය මේ වන විට ලොවපුරාවට මිලියන 40කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබේ.

    මෙම දුරකතනයේ මිල තවම තීරණය කොට නොමැති අතර අප්‍රේල් මාසයේදී කළු සහ සුදු වර්ණයන්ගෙන් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

    සෑමවිටම විප්ලවීය තාක්ෂයන් සමගින් පැමිණෙන සම්සුන්ග් ආයතනය මෙවර එළිදැක්වූ ගැලැක්සි S4 ස්මාර්ට් දුරකතනයේ ඇති නව අංග උපාංග පහතින් දැක්වේ.

    1.Smart Pause/Smart Scroll:
    සම්සුන්ග් ගැලැක්සි S3 හි පැමිණි "ස්මාර්ට් ස්ටේ" යන පහසුකම වැඩි දියුණු කරමින් තිරය මතට ඇස යොමුවන විට පමණක් දුරකථනය ක්‍රියාත්මක වේ. තිරය මතට ඇස යොමු කල විට වීඩියෝ ධාවනය වීමත් තිරෙන් ඇස ඉවතට ගත් විට එය තාවකාලිකව නතර වීමත් සිදුවේ.

    2.Air View/Air Gesture:
    ස්පර්ශය තුලින් මතුවන ගැටලු වළක්වාලමින්, දුරකථන තිරය ස්පර්ශ කිරීමෙන් තොරව ,තිරයට මදක් ඉහළින් අඟිල්ල ගෙනයාම තුළින් දුරකථනය පාලනය කිරීමටද හැක.

    3.Group Play: ගැලැක්සි S4 වර්ගයේ දුරකථන කිහිපයක් එකවර සම්බන්ධ කල හැකි වේ. එමගින් එම දුරකතනවල ඇති ලිපි ගොනු , ගීත, හුවමාරු කල හැකි අතර දෙදෙනෙක් සහභාගී වන දුරකථන ක්‍රීඩා ද ක්‍රීඩා කල හැක.

    4.S-Voice Drive: වාහනය ධාවනය කරන අවස්ථාවේදී කටහඬ මගින් විධාන දීමෙන් දුරකථනය පාලනය කල හැක.මෙහි පවත්නා හඬ හඳුනා ගැනීමේ උපකරණය තුලින් වාහනයක් ධාවනය කරමින් සිටින අවස්ථාවක වුවද ලැබෙන කෙටි පණිවිඩ ධාවකයාට ඇසෙන පරිදි කියවීමටද, ලබාදෙන පිළිතුර සටහන් කරගෙන එය අදාල පුද්ගලයාට යැවීමද, ලැබුනු කෙටි පණිවිඩ වෙනත් අයෙකුට යැවීමට හා ගබඩා කිරීමට ද හැකියාව පවතියි.

    5.Temperature and Humidity sensors: දුරකථනය භාවිතා කරන පුද්ගලයාගේ වටපිටාවේ ඇති උෂ්ණත්වය හා තෙතමනය පිලිබඳ කරුණු රැස්කිරීමට ගැලැක්සි S4 හි සංවේදක ඇත.

    6.Dual camera features: මෙහි පසුපස මෙගාපික්සල් 13 ක කැමරාවක් හා ඉදිරිපස මෙගා පික්සෙල් 2ක කැමරාවක් වේ.ඉදිරිපස සහ පසුපස කැමරා දෙකම එකවර ක්‍රියාත්මක කිරීමට ද එමඟින් ඡායාරූපය ගන්නා පුද්ගලයාද ඇතුලත් වන ආකාරයට ඡායාරූපය සකස් කිරීමට ද මෙම දුරකථනයට හැක.

    7.Sound & Shot feature: ඔබ ගන්න ජායරුප්යකට තත්පර නවයක කුඩා හඬ පටයක්ද එකතු කිරීමේ හැකියාව ඇත.

    8.Drama shot: තත්පර ගණනකදී ජායාරුප රැසක් ගෙන ඒවා එකම ජායාරුපයක් ලෙස සකස් කිරීමේ හැකියාව ඇත.

    9.S-Translate: භාෂා නවයක් , අකුරු හා හඬ පරිවර්තනය කිරීමට මෙම දුරකතනයට හැකියාව ඇත.


    එම සියලු විශේෂාංග ඇතුලත් වීඩියෝව බලන්න පහලින්

    Read more: exgossip

     
    • Like
    Reactions: c boy