පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක සාමාන්‍යධිකාරී ලෙස සේවය කරමින් සිටියදී අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ ප්‍රියන්ත කුමාර දියවඩන (40) මහතා වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඔහුගේ බිරිය මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් පැවසුවාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 'කාර්මික ඉංජිනේරු විද්‍යාව' පිළිබඳ උපාධිධාරියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා ගනේමුල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටි අයෙකි. මීට වසර 11 කට පමණ පෙර පාකිස්තානයේ රැකියාවට ගොස් තිබූ දෙදරු පියකු වන ප්‍රියන්ත වරින්වර ශ්‍රී ලංකාවට පැමිණ ගිය බව කියැවුණි.
ප්‍රියන්තගේ බිරිය මෙසේ කියා තිබුණි.‘මගේ මහත්තයා හරිම අහිංසක කෙනෙක්. මේ විදිහට ම්ලේච්ඡ විදියට ඝාතනය කරපු බව මං නිවුස් වලින් දැක්කෙ. ශ්‍රී ලංකාවෙ ජනාධිපතිතුමාටත් පකිස්තාන අගමැතිතුමාටත් මා කියා සිටින්නේ මේ ම්ලේච්ඡ ඝාතනය ගැන සොයා අපට සාධාරණයක් කරන ලෙසයි.‘
ප්‍රියන්තගේ වැඩිමල් සොයුරා මෙසේ කීය,
‘මේ නැතිවෙලා තියෙන්නෙ මගේ මල්ලි. 2010 තමයි පකිස්තානෙට ගියේ. ශ්‍රී ලංකා එම්බසියෙන් මේ ගැන ඇහුවාම කිව්වෙ. දවල් 12 ට රිපොර්ට් එකක් එනවා ඒක ආවාහම තමා වෙලා තියෙන දේ කියන්න පුළුවන් කියලා‘
පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක සේවය කළ ප්‍රියන්ත කුමාරට අන්තවාදී කණ්ඩායමක් දෙසැම්බර් 03 සිකුරාදා ප්‍රසිද්ධියේ පහරදී ඝාතනය කර පුළුස්සා තිබුණ අතර ඊට සම්බන්ධ සැකකරුවන් සිය දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීම ගැන විශාල වශයෙන් විදෙස් මාධ්‍ය වල ප්‍රචාරයක් ගිය අතරවාරයේ පවුලේ ඥාතීන් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් ඒ ගැන විමසූ විට මුලින් දන්වා ඇත්තේ විස්මිත පිළිතුරකි.‘අපට මේ ගැන තවම කිසිවෙකු පැමිණිලි කර නැහැ. ඒ නිසා කිසිවක් ගැන කිව නොහැකිය‘
යන්න ඔවුනගේ පිළිතුර වී තිබුණි.
Source: gossiplankanews.com
මෙම සිදුවීම ගැන විශාල වශයෙන් විදෙස් මාධ්‍ය වල ප්‍රචාරයක් ගිය අතරවාරයේ පවුලේ ඥාතීන් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් ඒ ගැන විමසූ විට මුලින් දන්වා ඇත්තේ විස්මිත පිළිතුරකි.
‘අපට මේ ගැන තවම කිසිවෙකු පැමිණිලි කර නැහැ. ඒ නිසා කිසිවක් ගැන කිව නොහැකිය‘

- මහකොමසාරිස් කාර්යාලේ පොන්සියොද ඉන්නෙ
-

