සැමියා කුසෙහි පුතෙක් ලෙස උපත ලැබීම

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අතීතයේ විවාහ වී සිටි එක් බිරිඳක් තමන්ගේ සැමියාගේ සහෝදරයා සමඟ අනියම් සම්බන්ධයක් ඇති කර ගත්තාය. ඇයට තමන්ගේ සැමියාට වඩා දැඩි බැඳීමක් සැමියාගේ සහෝදරයා සමඟ ඇතිවිය. ඒ නිසාම ඇයට සැමියාව රුස්සන්නේ නැති විය. අනියම් සැමියා ව තමන්ටම අයත් කර කරගන්නට සිතූ ඇය, ඔහු පැමිණි එක් දිනෙක මෙසේ කීවාය.
    "අපි දෙන්නාගේ මේ අනියම් සම්බන්ධය ඔබේ සහෝදරයා දැන ගත්තොත්, අපිට ලොකු නින්දාවක් වෙන්නේ. ඒ නිසා ඔබේ සහෝදරයාව මරා දාන්න."
    ඔහු එයට කැමති වූයේ නැත. "වසලිය තී නැසෙව. නැවතත් මෙහෙම කියන්න එපා." එසේ කියමින් එදින ඔහු ඇයව පන්නා දැමුවේය.
    එහෙත් රාගය මහා ගින්නකි. ඇය ඔහු වෙතත්, ඔහු ඇය වෙතත් පැමිණෙමින් නිහඬව දින කීපයක් ගියේය. නැවතත් රාගයෙන් මුසපත් වූ අර කාන්තාව අනියම් සැමියාට කීවේ අපේ මේ සම්බන්ධතාවය පවත්වාගන්න නම් ඔබේ සහෝදරයා මරා දමන්න කියායි.
    සහෝදර බැඳීමට වඩා රාගය මතුවීම නිසා ඔහුගේ සිත දෙදරා යන්නට විය. ඒ නිසාම ඔහු කිසිවක් නොකියා එදින නිහඬ විය. ටික දිනක් ඔවුන්ගේ අනියම් සම්බන්ධය මේ ලෙස පවතිද්දි, ඇය තුන්වැනි වරටත් කියන්නේ "අපි දෙන්නට එකට ඉන්න තියෙන ලොකුම බාධාව ඔබේ සහෝදරයා. ඒ නිසා ඔබේ සහෝදරයා මරලා ඔබ මගේ සැමියා වෙන්න."
    රාගයෙන් අන්ධව සිටිය ඔහු ඇගෙන් අහන්නේ "කොහොමද ඔහුව මරන්නට ඉඩක් හදා ගන්නේ." කියලයි
    ඒ මොහොතේ ඇය ඔහුට උපක්‍රමයක් කියන්නේ "ඔයා මම කියන දේ ම කරන්න ඕන. නාන තොටුපල ළඟ මහා කුඹුක් ගස් අතරේ, හොඳට කැපෙන තියුණු පොරවකුත් අරගෙන හැංගිලා ඉන්න. සැමියා නාන්න ඇවිත් හිස වතුරට පාත් කරන විට වෙන්නට කොටන්න." ලෙස ඇය කීවාය.
    වෙනදා පරිදි ම එක් දිනක් සැමියා වනාන්තරයේ වැඩට ගොස් වෙහෙස වී නිවසට පැමිණියේ ය. ඇය සුන්දර ආකාරයට සැරසී, දොරකඩට පැමිණ, ඉතාමත් ආදරණීය ලෙස මෘදුව "එන්න මහත්තයෝ" කියා අතින් අල්ලා ගේ ඇතුළට කැඳවන් යන අතරේ, "කෝ බලන්න ඔබේ හිස" කියා ඔහුගේ හිස අතගාමින්, "අද හොඳටම කිළිටි වෙලා නේ. කෝ මේ නෙල්ලි කල්කය අරගෙන කුඹුක් ගස් ලඟ නාන තොටුපළට ගිහින්, හොඳට නාලා පිරිසිදු වෙලා එන්න." කියා ඔහුව පිටත් කළා ය.
    ඔහු නාන තොටුපළට ගොස්, ජලයට බැස නැමී හිස සෝදා , නැවතත් නෙල්ලි කල්කය හිසේ ගා ගෙන නැවටත් වතුරට නැමී හිස සෝදන්නට විය. මේ මොහොතේ සැඟවී සිටි ඔහුගේ සහෝදරයා ගස් අතරින් හෙමිහිට පැමිණ, තියුණු පොරවෙන් උරිස් ඇටයට පහර දී ඔහුව මරා දමා ගෙදර ගියේ ය.
    බිරිඳට තිබුණු දැඩි සෙනෙහස අත්හරින්නට නොහැකිව මියගිය සැමියා, ඒ ගෙදර අසලම ගැරඬියෙකු වී උපත ලැබුවේ ය. මේ ගැරඬියා නිතර නිතර ගෙදරටම එන්නට විය. ඇය නිදා ගත්තත්, වාඩි වෙලා සිටියත් වහලය උඩින් හෝ පැමිණ ඇයගේ ඇඟටම වැටෙ යි. සැමියා මිය යෑමත් සමඟම ටික දිනකින් ගැරඬියෙකු නිවසට පැමිණීම ගැන සැක සිතූ ඇය, "මේ මියගිය සැමියාම තමයි එන්නේ..." යැයි සිතා ඒ ගැරඬියාත් මැරවී ය.
    ඒ අවශ්ථාවෙත් ඔහු මියගියාට, බිරිඳ කෙරෙහි තිබුණු සෙනෙහස අත හරින්නට නොහැකි විය. ඇය ගැන තිබූ සෙනෙහස නිසාම ඔහු නැවත උපත ලැබුවේ, ඒ ගෙදරම බැල්ලියකගේ කුසේ බලු පැටියෙක් ලෙසයි. මේ බලු පැටියට පයින් ඇවිදින්න පුළුවන් අවස්ථාවේ සිටම ඇය කොහි ගියත් නිතරම ඇයගේ පසු පසින්ම යයි. කඩේකට ගියත්, කුඹුරට ගියත්, ඇය කොතනට ගියත්, බලුපැටියා ඇගේ පසුපස්සේ එන්නට විය. මෙය දුටු ගමේ මිනිස්සු "බලු වැද්දා එනවා. කොහෙටද යන්නේ" ලෙස ඇයට විහිළු කරන්නට විය. ඇය ඒ බල්ලාද මැරවූවාය.
    එහෙත් බිරිඳ ගැන තිබුණ බැඳීම නිසාම ඔහු නැවත උපත ලැබුවේ, එම නිවසේම එළදෙනකගේ කුසේ වසු පැටියෙක් ලෙසයි.
    මේ වසු පැටියාද ඇවිදින්නට පුළුවන් වන විට, ඇයගේ පසුපස නිතර හැසිරෙයි. ඇය කොහි ගියත් වසුපැටියා ඇගේ පසු පසම එන්නට විය.
    එය දුටු ගම්වැසියෝ "ගොපල්ලා නික්මුණා. දෙන්නු කොහේටද යන්නේ?" ලෙස විහිළු කරන්නට විය. ඇය ඒ වසුපැටියා ද මැරවූවා ය.
    එහෙත් ඇය කෙරෙහි තිබුණු සෙනෙහස අතහරින්නට නොහැකිව, හතරවැනි වර ඔහු ඇයගේම කුසෙහි පුතෙක් ලෙස උපත ලැබී ය. මේ දරුවාට පෙර ජාති සිහි කර, පෙර භවය කියන්නට පුළුවන්කම ලැබුනි. අතීත ආත්මභාව හතරක දී ම ඇය විසින් තමන්ව මරවන ලද බව දැක, ඇය තමන්ගේ සැතිරියක් සේ සලකා ඇයට ළං වන්නට වත් ඉඩ දුන්නේ නැත. ඔහුගේ මව ඔහුව වඩා ගන්නට හදන විටත් ඔහු අඬයි. අත ගාන විටත් අඬයි. කිරි දෙන විටත් අඬයි. ඔහු තමන්ගේ අම්මාට කුමන හේතුවක් නිසාවත් තමන් ළඟට ළං වන්නට ඉඩ දුන්නේ නැත. ළං වූවොත් අඬයි.
    මේ නිසාම ඔහුගේ සියලු කටයුතු සිදු කරන්නට වූයේ සීයාටයි. ටිකෙන් ටික මේ දරුවා ලොකු මහත් වී වැඩුණු පසුව, එක් දිනක් සීයා ඔහුගෙන් මෙසේ ඇසීය. "ඇයි පුතේ ඔබේ අම්මට ඔබව අල්ලන්නවත් දෙන් නැත්තේ. කවන්න වත් දෙන් නැත්තේ, ඇයි අම්මා ළං වෙනකොට අඩන්නේ."
    මේ මොහොතේ ඒ දරුවා, "සීයේ, මාව පෝෂණය කළේ මගේ සීයා. මේ මගේ අම්මා නෙමෙයි. මේ මගේ සැතිරියක්. ඇය මාව මීට කලින් හතර පාරක්ම මැරුවා." මේ ආකාරයට ඔහු තමන්ගේ අතීත කතාවේ සියළුම විස්තර සීයාට කියන්නට විය.
    සීයා ද ඔහුව වැළඳ ගෙන හඬමින් "පුතේ අපි මේ වගේ තැනක ජීවත් වෙන්නේ මොකටද? එන්න පුතේ, අපි දෙන්නම ගිහින් පැවිදි වෙමු." කියා දෙදෙනාම විහාරස්ථානයකට ගොස් පැවිදි වී රහතන් වහන්සේලා බවට පත් වූහ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,015
    14,396
    113
    වැලිවේරිය
    ජිගි ජිගිය දදා ඉද්දි හාර්ට් අටෑක් එකක් හැදිලා මැරිලා, තමන්ගේ ම පිටවෙච්ච sperm වලින් හැදෙන ළමය වෙලා උපදින්න බැරිද ?
    මේක දැක්කම මට තව එකම මතක් උනා..ජිගිජිගි දාදා ඉද්දි brain dead වෙනවා,jakson වගේ වෙන්ටිලේටරේ තියන් ඉන්නවා, pregnant වෙනවා... එතකොට මැරුණ නිසා තමන්ට තමන්ගේ බඩේම ඉපදෙන්න බැරිද?
    බොන්න වෙන ප්‍රශ්න යක්
     
    • Like
    Reactions: scorpion MW

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,391
    113
    එකමත් එක රටක
    මේක දැක්කම මට තව එකම මතක් උනා..ජිගිජිගි දාදා ඉද්දි brain dead වෙනවා,jakson වගේ වෙන්ටිලේටරේ තියන් ඉන්නවා, pregnant වෙනවා... එතකොට මැරුණ නිසා තමන්ට තමන්ගේ බඩේම ඉපදෙන්න බැරිද?
    බොන්න වෙන ප්‍රශ්න යක්
    දැන් උබ කියන්නේ ජැකා කොහේ හරි ඉපදිලා කියලද ?? :baffled:
    ඌට පණ එන්න බැරිම නම් මොකටද බන් මැෂින් වල ගහල තියෙන්නේ. ඌ තාම ඉන්නව.
     
    • Haha
    Reactions: beam_tech

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    track wesi
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අලුත් ජැකා ඩොකෙක් වෙල අවිත් පරණ ජැකාට බෙහෙත් කරල ලෙඩේ හොන්ද කරවිද දන්නේ නෑහ නෙද?
    අලුත් ජැකා මොන්ටිසෝරි යනකොටත් පරණ ජැකා මැෂින් වලට ගහල ඉඳී :baffled:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    අලුත් ජැකා ඩොකෙක් වෙල අවිත් පරණ ජැකාට බෙහෙත් කරල ලෙඩේ හොන්ද කරවිද දන්නේ නෑහ නෙද?
    බෑ නේ? විඥ්ඥාණය අලුත් ජකාට ගිහින් නෙ තියෙන්නෙ. පරණ එකා සොෆ්ට්වෙයා ගිය ෆෝන් එකක් වගේ
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හා හා, ඔයට තෙරුනා එහෙනම් හොන්දටම
    බෑ නේ? විඥ්ඥාණය අලුත් ජකාට ගිහින් නෙ තියෙන්නෙ. පරණ එකා සොෆ්ට්වෙයා ගිය ෆෝන් එකක් වගේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීයා ද ඔහුව වැළඳ ගෙන හඬමින් "පුතේ අපි මේ වගේ තැනක ජීවත් වෙන්නේ මොකටද? එන්න පුතේ, අපි දෙන්නම ගිහින් පැවිදි වෙමු." කියා දෙදෙනාම විහාරස්ථානයකට ගොස් පැවිදි වී රහතන් වහන්සේලා බවට පත් වූහ.

    යකෝ මෙහෙම කරුමක්කාරයෙකුට පන්සලකට ගිහින් මහණ වෙලා රහත් වෙන්නත් පුළුවන් නම් දැන් ඉන්න ගණ ගෙඩියන්ට බැරි ඇයි?
     
    • Haha
    Reactions: DP SARA and dilann

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මේක දැක්කම මට තව එකම මතක් උනා..ජිගිජිගි දාදා ඉද්දි brain dead වෙනවා,jakson වගේ වෙන්ටිලේටරේ තියන් ඉන්නවා, pregnant වෙනවා... එතකොට මැරුණ නිසා තමන්ට තමන්ගේ බඩේම ඉපදෙන්න බැරිද?
    බොන්න වෙන ප්‍රශ්න යක්
    මැරිලා නෑ. Ventilator use කරනකොට.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    යකෝ මෙහෙම කරුමක්කාරයෙකුට පන්සලකට ගිහින් මහණ වෙලා රහත් වෙන්නත් පුළුවන් නම් දැන් ඉන්න ගණ ගෙඩියන්ට බැරි ඇයි?
    බුදුහාමුදුරුවෝ නැති එක එක හේතුවක්
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    යකෝ මෙහෙම කරුමක්කාරයෙකුට පන්සලකට ගිහින් මහණ වෙලා රහත් වෙන්නත් පුළුවන් නම් දැන් ඉන්න ගණ ගෙඩියන්ට බැරි ඇයි?
    එ කාලේ රහතන් වහන්සේලා හිටියා, රහත් කෙනෙක්ගෙන ධර්මය අහනකොට අවබොදය ලබන්න ලෙසි වෙන්න පුලුවන්. මොකද සමහර වෙලවට රහතන් වහන්සේට තියෙන ඩිවෑස්/ඉරිදිය නිසා අවශ්ය දර්මය පමනක් කියනවා. එතකොට දර්ම අවබොදය ලෙසි. දන් ඉටින් එහෙම කරන්න බෑහ. මොකද එහෙම හකියවන් තියෙන අය නෑති නිසා
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ජිගි ජිගිය දදා ඉද්දි හාර්ට් අටෑක් එකක් හැදිලා මැරිලා, තමන්ගේ ම පිටවෙච්ච sperm වලින් හැදෙන ළමය වෙලා උපදින්න බැරිද ?
    එහෙම වෙන්නෙ නෑ. ස්පෙර්ම් පිට වෙද්දිම මැරුනට බෑ. ස්පර්ම් ගර්භාශයට ගිහින් කලලයේ තැන්පත් වෙලත් ජීවයක් එන්න කාලයක් යනවා. ඒත් මැරෙන කෙනා මැරෙනකොටම වෙනභවයක් අල්ලලා ඉවරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,391
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නෙ නෑ. ස්පෙර්ම් පිට වෙද්දිම මැරුනට බෑ. ස්පර්ම් ගර්භාශයට ගිහින් කලලයේ තැන්පත් වෙලත් ජීවයක් එන්න කාලයක් යනවා. ඒත් මැරෙන කෙනා මැරෙනකොටම වෙනභවයක් අල්ලලා ඉවරයි.
    ඉතින් කවුද කිව්වේ sperm පිටවෙද්දීම මැරෙනවා කියලා.
    උබ ඔය කියන ගර්භාෂයට ගිහින් කලලයක් හදන වෙලාවේ මැරුණම ඇති.

    එතකොට මොකද වෙන්නේ ?
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඉතින් කවුද කිව්වේ sperm පිටවෙද්දීම මැරෙනවා කියලා.
    උබ ඔය කියන ගර්භාෂයට ගිහින් කලලයක් හදන වෙලාවේ මැරුණම ඇති.

    එතකොට මොකද වෙන්නේ ?
    උබ කියපු එක තේරුනේ එහෙම ජිගි ජිගිය දදා ඉද්දි කියන එක. කලින් පාරක පිට වෙච්ච තැන්පත් වෙලා තිබිලා අරූ බිරිද ගැන අවසාන චිත්තයෙන් මැරුන්ත් එහෙම වෙන්නත් 8ඩක් තියෙනවා. ඒත් ඒක චුති සිත අනුව තමා.