සැහැල්ලුම_චන්ද්‍රිකාව

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    සැහැල්ලුම_චන්ද්‍රිකාව

    ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ලබන මාසයේ උඩු ගුවනට
    ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරිමට ඉන්දියානු තරුණයකු සමත් වි ඇතැයි වාර්තා වේ.

    අවුරුදු 18ක් වයසැති රිෆාත් ෂාරුක් විසින් නිපදවා ඇති මෙම චන්ද්‍රිකාව එළැඹෙන ජුනි මාසයේ නාසා ආයතනය විසින් කක්ෂගත කිරීමට නියමිතව ඇත.

    නාසා ආයතනය අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ තරගයකින් ග්‍රෑම් 64ක් බරැති රිෆාත්ගේ සැහැල්ලු චන්ද්‍රිකාව ජයග්‍රහණය කර ඇති අතර ඉන්දියාවේ අභ්‍යාවකාශ විද්‍යාවේ දියුණුවට පුරෝගාමී වූ ජනපති අබ්දුල් කලාම්ගේ නමින් කලාම්සැට් ලෙස චන්ද්‍රිකාව නම් කර ඇත.

    තමිල්නාඩුවේ කුඩා නගරයක උපත ලැබූ රිෆාත් ඉන්දියානු දරුවන්ගේ විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම සඳහා වන ආයතනයක ප්‍රධාන විද්‍යාඥයෙකු ලෙස දැනට සේවය කරයි.

    රිෆාත් වයස අවුරුදු 15දී කාලගුණික සංඥා නිකුත් කරන හීලියම් බැලූනයක් නිපදවා තරුණ විද්‍යාඥයින් සඳහා වන ජාතික තරගයකින් ද ජයග්‍රහණය කර ඇත.



    image_b49ad200b6.jpg


    image_a77270c769.jpg


    source http://www.lankadeepa.lk/latest_news/ලොව-සැහැල්ලුම-චන්ද්‍රිකාව-ලබන-මාසයේ-උඩු-ගුවනට/1-512798
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෝ සෝලා පැනල්? රොකට්? ටැංකි? ජෙනරේටර්? :baffled:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක කලිනුත් මන් දැක්ක දාල තියෙනවා. හදපු එකා ගැන තියෙනවා. චන්ද්‍රිකාව ගැන කිසිම විස්තරයක් නැහැ. :lol: