සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘතිය අවලංගු කිරීමට හේතුව

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතව පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT)ව්‍යාපෘතිය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමව තිබේ.

    ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA)අරමුදල් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණත් හේතු කිහිපයක් මත එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වන බව නිරීක්ෂණය වී ඇතැයි මේ වන විට විෂය භාර අමාත්‍යවරයා විසින් කරුණු ඉදිරිපත් කර ඇත.

    එම කරුණු සැලකිල්ලට ගෙන මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

    ඒ අනුව ව්‍යාපෘතිය අවලංගු කිරීමට හේතු වු කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

    * ව්‍යාපෘතියේ මූලික සැලසුම් අනුව පෞද්ගලික මෝටර් රථ භාවිත කර කොළඹ නගරයේ රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා පැමිණෙන්නන්ට විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් භූමිය මතුපිට දුම්රිය මාර්ග ඔස‍්සේ ගමන් කරන පහසුකම් සහිත සැහැල්ලු දුම්රිය සේවයක් හඳුන්වා දීමට යෝජනා කර තිබිණි.

    * එහෙත්, එම සැලසුම් වෙනස් කර විශාල පරිසර හානියක් සිදු විය හැකි කුළුණු මත ඉදි කෙරෙන දුම්රිය මාර්ගයක් ඔස්සේ යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික පියවරයන් පසු ගිය රජය විසින් ගනු ලැබ ඇත.

    * එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමටත්, කුළුණු මත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඉතා ඉහළ පිරිවැයක් දැරීමටත් සිදුවන බව පෙනී ගොස් ඇත.

    * සිය පෞද්ගලික මෝටර් රථ භාවිත කරමින් කොළඹ නගරයේ රැකියා සහ වෙනත් කාර්යයන් සඳහා පැමිණෙන පුද්ගලයින් ආකර්ශනය කරගත හැකි විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දුම්රිය මඟින් අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකියාවක් නොමැති බව නිරීක්ෂණය වී ඇත.

    * එසේම, යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් ඒ සඳහා විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදු වන බව ද පෙනී ගොස් තිබේ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    අපේ රටේ දේශපාලන හැත්ත එක්ක මොන සංවර්ධන ද බං... දුක කියන්නේ ඒ හැම එකාම පත් කරන්නෙත් අපිම තමයි..
    මේ ප්‍රොජෙක්ට් නවත්තපු එක නම් ඇත්තටම අපරාධයක්..
    මේක හැදෙන්න ඕන කාලේ හදන්නේ නැතුව තව අවුුරුදු 10ක් 20ක් ගිහිල්ලා මේවා හදලා වැඩක් නෑ... ඒ වෙනකොට මීට වඩා ලොකු ප්‍රොජෙක්ට් එකකට තමයි යන්න ඕන වැඩිවෙන අවශ්‍යතාවයන් එක්ක
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    Mama 10km viaduct with 8 stations construction job ekaka work karala tiyanawa, highly populated area ekaka, very good project, it is very convenient to the people, because driving is very difficult.
     
    • Like
    Reactions: ruwper and shenat

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕක 1% පොලියට ජපානෙන් දෙන නිසා තමා නැවත්තුවෙ, කුට්ටිය එන්නෙ නෑනේ .. ප්ලෑන් එකෙ හැටියට නම් මාලබේ, බත්තරමුල්ල කොළඹ ඔක්කොම කවර් වෙන සිරාම ප්‍රොජෙක්ට් එකක්. ඔය සයිඩ් එකේ තියෙන ට්‍රැෆික් එක පට්ටෙටම අඩුවෙයි ඔය වැඩේ කලානම් .. කනු උඩ නතුව බිමින් යවන්න කොළඹ බිමක් තියෙනවාද ? තව අවුරුදු 10කින් විතර මිට වඩා පට්ට ට්‍රෆික් එකක් එනවා මාලබේ බත්තරමුල්ල සයිඩ් එකට , එවාට විසදුම් කො ??
    චයිනා වලින් ගිනි පොලියට ණය අරන් පස්සෙ කරයි ..
    දැන් ඕකට පාස් වෙච්ච බිලියන ගාන මොකද කරන්නේ?

    මන් නම් කියන්නෙ සර්ටයි ඇමති උන්ටත් ට්‍රැෆික් එකේ හිර වෙලා යන්න දෙන්න ඕන, උන් ඉතින් ගියා කියලා වැඩක් කරන්නෙත් නෑ නෙ, බොරුවට කැගගහා රන්ඩු කරනවා විතරයි නෙ .

    අපේ රටේතියෙන මජරදේශපාලනේ නිසාතමා ඔක්කොම, කලින් ආන්ඩුව පටන් ගත්ත හොදදෙයක් උනත් නරක එකක් උනත් අදාල නෑ, කලින්ආන්ඩුව නෙ කලේ නවත්තපන් ...
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    ඔය ප්‍රොජෙක්ට් එකට දෙන ලෝන් එක ගත්තොත් වෙන ලෝන් ගන්න තියන හැකියාව (කැපසිටි) අඩු වෙනවා. වෙන ලෝන් කිව්වේ ණය ගෙවන්න ගන්න ණය. එතකොට ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වෙනවා. කොහොම උනත් ඉස්සරහට ප්‍රොජෙක්ට් වලට ලෝන් ගන්න එකක් නැතිවෙයි. දැනටත් අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් විතර ගෙවන්න සෙට් වෙනවා. මුඩ්ස් රේටින් එකත් C ලෙවල් එකට බස්සලා. ණය ගන්න එක බොහොම අමාරු වෙයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Me ithiyenne oya lona cancel karanna hethuwa thamayi.

    මූඩීස් ලංකාව තවත් පහල දමයි.. දැන් ඇංගෝලාව, කොංගෝ කණ්ඩයේ..

    ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත කිරීම තවත් පහත කැපීමට ලෝ ප්‍රකට මූඩීස් ආයතනය විසින් කටයුතු කර ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකාව Caa1 දක්වා පහත දමා ඇති අතර මෙතෙක් පැවතියේ B2 ශ්‍රේණියේ ය.

    මෙසේ ශ්‍රේණිය පහත දැමීමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ, අයවැය හිගය, දුර්වල ආයතනය ක්‍රියාකාරීත්වය යන සාධක බවයි.

    ලංකාව ඉතාම ඉහළ ණය අවදානම දක්වා ඇති රටක් ඇයි ද ඔවුන් සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවට අමතරව මෙම කාණ්ඩයට අයත් සෙසු රටවල් අතර කොංගෝව, අංගෝලාව, ඉරාකය මාලි, ගැබෝන්, බාබඩෝස් වැනි රාජ්‍යයන් වෙයි.

    කෙසේ වෙතත් මෙම පහත දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ එසේ පහත දැමීම කණගාටුවට කරුණක් බවයි.

    කොරෝනා වසංගතයෙන් පසුව නැවත ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් අය වැය හිඟය පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවට මුදල් අමාත්‍යංශය කියා සිටී.

    CNews
     
    ගැම්මට තව 100,000 ක් රජයේ සේවයට ගතනම් හරි.
     
    • Like
    Reactions: topkollek

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Me ithiyenne oya lona cancel karanna hethuwa thamayi.

    මූඩීස් ලංකාව තවත් පහල දමයි.. දැන් ඇංගෝලාව, කොංගෝ කණ්ඩයේ..

    ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත කිරීම තවත් පහත කැපීමට ලෝ ප්‍රකට මූඩීස් ආයතනය විසින් කටයුතු කර ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකාව Caa1 දක්වා පහත දමා ඇති අතර මෙතෙක් පැවතියේ B2 ශ්‍රේණියේ ය.

    මෙසේ ශ්‍රේණිය පහත දැමීමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ, අයවැය හිගය, දුර්වල ආයතනය ක්‍රියාකාරීත්වය යන සාධක බවයි.

    ලංකාව ඉතාම ඉහළ ණය අවදානම දක්වා ඇති රටක් ඇයි ද ඔවුන් සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවට අමතරව මෙම කාණ්ඩයට අයත් සෙසු රටවල් අතර කොංගෝව, අංගෝලාව, ඉරාකය මාලි, ගැබෝන්, බාබඩෝස් වැනි රාජ්‍යයන් වෙයි.

    කෙසේ වෙතත් මෙම පහත දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ එසේ පහත දැමීම කණගාටුවට කරුණක් බවයි.

    කොරෝනා වසංගතයෙන් පසුව නැවත ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් අය වැය හිඟය පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවට මුදල් අමාත්‍යංශය කියා සිටී.

    CNews
    ඉතිං අපිද ණය ගත්තෙ මරා ගත්ත ණය තමා ඔය..හැම රෙද්දටම ණය අරන් දැන් ගැහි ගැහි ඉන්නවා.😂😂
     
    Similar threads