සෑම මොහොතකම ක්‍රියාත්මක වන සත්‍යය දකින්නට සිත පුරුදු කරන්න. සෑම විටම එකම දේවල් අපට නැවත නැවත කරන්නට සිදුවන්නේ ඇයි දැයි සිතන්න. උදේ නැගිට, තේ සාදා, ආහාර පිළියෙල කොට, රැකියා කටයුතු සදහා පිටත්ව යෑම ආදිය අපේ ජීවිතයේ කරපු වාර ගණන කොතෙක්ද. .. එළවලු බත් වෑංජන පිසූ වාර ගණන කොතෙක්ද... මේ ජීවිතය පුරාවටම අප අනුභව කොට ඇති එකම වෑංජනය කිලෝ ගණනින් නොව ටොන් ගණනින් විය හැක. පරිප්පු, බෝංචි, බත්, මැල්ලුම් ආදී දෑ කොතෙක් මේ ශරීරයට සපයා ඇත්ද...! අදත් ඒවාම ශරීරයට ඇතුළු කරයි..
එදා කරපු දෙයක්, අනුභව කරපු දෙයක් එතනම නිරුද්ධ වී ගියේය. නැත්තටම නැතිවී ගියේය.
හාල් බත් බවට පත්වෙද්දී හාල් කියන සංඥාව සිතෙන් නැතිවී ගියේය. හාල් යැයි අප සිතා සිටි රූප කලාපයන් එතනම නැතිවී ගියේය. හාල් යන රූපය නිසා සිතේ ඇතිවූ සියළු නාම ධර්මයන් එතනදීම නැත්තටම නැතිවී ගියේය. දැන් ඇත්තේ වෙනම නාම ධර්ම ටිකකි. එයත් නැතිවී යයි. නැවත නැවත අප මේ දේවල්ම කරන්නේ අනිත්‍ය, අනාත්මය නම් වූ ස්වභාව ධර්මතාවය නිසාය. ඔබ එදිනෙදා ජීවිතයේ කරන කියන සෑම දෙයක් තුළදීම මේවා කරන්නේ කලින් කරපු කියපු දේවල් අනිත්‍යයට නිරෝධයට පත් වූ නිසා නේද යැයි සිතෙන් මෙනෙහි කරමින් කරන්න.
ඔබ කොණ්ඩය පීරද්දී සිතන්න කොණ්ඩය මොහොතක් පාසා වෙනස් වන ආකාරය. කොණ්ඩය ගැලවී බිමට වැටෙද්දී, එය හිසේ තියෙද්දී තිබූ සංඥාවන් , වෙනස් වී යන අයුරු දකින්න.
බාහිරය වෙනස් වන විටම සිතද වෙනස් වී යන අයුරු දකින්න.
සරල දේවල් නමුත් මෙලෙසින් මෙනෙහි කරද්දී, දකිද්දී ඔබ යෝනිසෝ මනසිකාරයක් පුහුණු කරවයි. අයාලේ දුවන සිත මේ මොහොතේ සත්‍යයක් දකින්නට පුරුදු කරවයි. මෙලෙසින් සත්‍යය දකින්නට සරලව හෝ පුහුණු කරන ඔබට සති සමාධි ප්‍රඥා වැඩීමට එය ඉවහල් වෙයි. භාවනාවේදි ක්ෂණයක් පාසා සංස්කාර ධර්මයන්ගේ නිරෝධය දකින්නට , විදර්ශනා ඥාණ පහළ වීමට මේ සම්මා සංකල්පනාවන් උදව් උපකාර වනු ඇත.
මෝහය තුළම සිත ගිල්වා නොතබන්න. අන්ධකාරයෙන් මිදී ආලෝකයක් දකින්නට, පහනක් දල්වන්න...
සිත ගිලී සිටින මේ මුලාව දකින්න. අරුමුණු පසුපස අයාලේ සිත නොදුවවන්න..
මෝහ බන්ධනය කඩාගෙන අවිද්‍යාව දුරු කරන්නට සිත පුහුණු කරන්න.