සිංගප්පූරුවේ... ජනතාවට බෝනස් දෙයි.!

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    සිංගප්පූරුවේ... ජනතාවට බෝනස් දෙයි.!

    සිංගප්පූරුවේ අයවැය අතිරික්තයක්.... ජනතාවට බෝනස් දෙයි.!

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්‍රදානය කිරීමට සැරසෙයි.[/FONT]
    [FONT=&quot] 2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා මෙම තීරණය ගත් බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.[/FONT]
    [FONT=&quot] එක්වරක් පමණක් ගෙවන බෝනසක් මුදලක් ලෙස ප්‍රදානය කෙරෙන මෙය, %හොන්ග්බාඕ^ හෙවත් මැන්ඩරීන් භාෂාවෙන් විශේෂ අවස්ථාවන්ට ලබාදෙන මූල්‍ය ත්‍යාගයක් ලෙස මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කෙඊට් විසින් හඳුන්වා දී තිබේ.[/FONT]
    [FONT=&quot] සිංගප්පූරු සංවර්ධනයේ ඵල සිංගප්පූරුවේ වෙසෙන ජනතාව සමග බෙදාහදා ගැනීමට රජය දක්වන දීර්ඝ කාලීන කැපවීම මේ තුළින් පිළිබිඹු වන්නේ යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.[/FONT]
    [FONT=&quot] විශේෂ බෝනස් මුදල ලබාදීම සඳහා සිංගප්පූරු රජය සිංගප්පූරු ඩොලර් මිලියන 700ක මුදලක් වැය කිරීමට සූදානම් වන අතර, එය ලබාදීමේදී ඊට සුදුසුකම් ලබන සිංගප්පූරු වැසියන්ගේ තක්සේරු කළ ආදායම් තත්ත්වයට සමානුපාතිකව බෝනස් ලබාදීමටද සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.[/FONT]
    [FONT=&quot] ඒ අනුව, සිංගප්පූරු ඩොලර් 28,000ක් හෝ ඊට අඩු ආදායම් ලබන පුද්ගලයන් සි.ඩොලර් 300 සම්පූර්ණ බෝනස් මුදල ලැබීමට සුදුසුකම් ලබන අතර, සි.ඩොලර් 28,000 සිට 100,000 දක්වා ආදායම් ලබන පුද්ගලයන්ට හිමිවන්නේ සි.ඩොලර් 200ක බෝනස් මුදලකි. මේ අතර, සි.ඩොලර් 100,000 ට වඩා වැඩි ආදායම් ලබන පිරිස් සි.ඩොලර් 100ක බෝනස් මුදලකට හිමිකම් කියයි. ඒ අනුව, සමස්තයක් ලෙස මිලියන 2.7ක ජනතාවක් 2018 වසර අවසානයේදී මෙම බෝනස් මුදල්වලට හිමිකම් කියනු ඇති බව සඳහන් වෙයි.[/FONT]
    [FONT=&quot] ජනතාවට බෝනස් ලබාදීමට අමතරව සිංගප්පූරු රජය සිය අයවැය අතිරික්තයෙන් සි.ඩොලර් බිලියන 5ක මුදලක් එරට දුම්රිය යටිතල පහසුකම් සංවර්ධන අරමුදලට බැර කරමින්, එරට ඉදිකිරීමට යන නව දුම්රිය මාර්ගය සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙයි.[/FONT]
    [FONT=&quot] එමෙන්ම, තවත් සි.ඩොලර් බිලියන 2ක් එරට වෙසෙන වැඩිහිටි සහ බරපතළ ආබාධිත තත්ත්වයන්ට පත්වූවන් රැකබලා ගැනීම සඳහා වූ මූල්‍ය පහසුකම් වෙනුවෙන් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක් සඳහා බැර කිරීමට සිංගප්පූරු රජය කටයුතු කරමින් සිටියි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] - මහීෂා චන්ද්‍රගුප්ත[/FONT]
     
    • Like
    Reactions: obamasl and Garrus

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,669
    113
    colombo
    බෝනස් දෙන්න බැරියෑ මෙහෙත් මහ බැංකුවට කෙළලා සල්ලි ටික අරන් ගියේ ඔහේ එකෙක්නෙ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රවී කරුණානායකවයි, අර්ජුන් මහේන්ද්‍රවයි, රනිලුයි තව අවුරුදු දෙකක් හිටිය තැන්වලම තියා ගත්ත නම් අපටත් බෝනස් හම්බවෙනවා බං සිංපූරුවට රෙවෙන්න... කොහෙද මේ මහින්දගෙ බයියො එක්ක බෑනේ..:lol::lol:
     
    • Like
    Reactions: jayanathek

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    සිංගප්පූරුවේ විතරක් නෙවෙයි බන් ගොඩක් රටවල ඕක කරනවා. ඉතුරු වෙන Tax ආදායම​ ආයිත් බෙදනවා
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    බෝනස් දෙන්න බැරියෑ මෙහෙත් මහ බැංකුවට කෙළලා සල්ලි ටික අරන් ගියේ ඔහේ එකෙක්නෙ
    :lol::lol::(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රවී කරුණානායකවයි, අර්ජුන් මහේන්ද්‍රවයි, රනිලුයි තව අවුරුදු දෙකක් හිටිය තැන්වලම තියා ගත්ත නම් අපටත් බෝනස් හම්බවෙනවා බං සිංපූරුවට රෙවෙන්න... කොහෙද මේ මහින්දගෙ බයියො එක්ක බෑනේ..:lol::lol:

    :yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    අපි නම් ඔහොම සැපක් දෙන්නේ අපේ දේශපාලුවන්ට... බලපන්කො උන්ට කොහොම සැපක් ද දෙන්නේ කියල අපේ රටේ මිනිස්සු... කොටින්ම, ඕකුන් පාරක යනකොට අපි පැත්තකට වෙලා ඉඩ දෙනවා උන්ට යන්න.. ඒ තරම් හදිස්සියක් තියෙන්නේ රට හදන්න යන්න... ඒ අතින් අපේ රටේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා බන්....
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    රවී කරුණානායකවයි, අර්ජුන් මහේන්ද්‍රවයි, රනිලුයි තව අවුරුදු දෙකක් හිටිය තැන්වලම තියා ගත්ත නම් අපටත් බෝනස් හම්බවෙනවා බං සිංපූරුවට රෙවෙන්න... කොහෙද මේ මහින්දගෙ බයියො එක්ක බෑනේ..:lol::lol:

    එකනේ බන් අර්ජුනව සිංග ඉඳල මෙහෙ ගෙනාවේ ඔය බෝනස් දෙන්නමයි. ඒ දවස්වල සිංග මිනිස්සු මෙහෙ citizen ඉල්ලුවලු හෝ ගාල. අර්ජුන නැතුව එහෙ ඉන්න බැහැ කියල
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    රවී කරුණානායකවයි, අර්ජුන් මහේන්ද්‍රවයි, රනිලුයි තව අවුරුදු දෙකක් හිටිය තැන්වලම තියා ගත්ත නම් අපටත් බෝනස් හම්බවෙනවා බං සිංපූරුවට රෙවෙන්න... කොහෙද මේ මහින්දගෙ බයියො එක්ක බෑනේ..:lol::lol:

    අනිවා මචන්
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    අපි නම් ඔහොම සැපක් දෙන්නේ අපේ දේශපාලුවන්ට... බලපන්කො උන්ට කොහොම සැපක් ද දෙන්නේ කියල අපේ රටේ මිනිස්සු... කොටින්ම, ඕකුන් පාරක යනකොට අපි පැත්තකට වෙලා ඉඩ දෙනවා උන්ට යන්න.. ඒ තරම් හදිස්සියක් තියෙන්නේ රට හදන්න යන්න... ඒ අතින් අපේ රටේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා බන්....

    :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙ වගේ උනානන් අපේ දේෂපාලුවො ටික බෝනස් එකටත් කෙලිනව........:growl::(:dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එකනේ බන් අර්ජුනව සිංග ඉඳල මෙහෙ ගෙනාවේ ඔය බෝනස් දෙන්නමයි. ඒ දවස්වල සිංග මිනිස්සු මෙහෙ citizen ඉල්ලුවලු හෝ ගාල. අර්ජුන නැතුව එහෙ ඉන්න බැහැ කියල

    :lol::lol: