Study in Singapore, Malyasia, Thailand
සාමාන්‍යයෙන් Overseas education සම්බන්ධයෙන් ගොඩාක් අය pm දාලා අහපු දෙයක් තමයි අඩු මුදලකට පිට රටකට ගිහින් අධ්‍යාපනය ලබාගෙන එන්න, නැත්නම් තවත් රටකට මාරු වෙන්න හොද අවස්ථා මොනවද කියන එක.
දැනට කරගෙන යන නවසීලන්ත අධ්‍යාපන සේවයත් එක්කම අලුතින් එකතු කරගත්තු රටවල් තුන තමයි සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය.
මේ කියපු රටවල අධ්‍යාපනය ලබන්න තියන අවස්ථා මොනවද කියලා හොයන අයට මම බොහොම සරලව මේ ගැන කියන්නම්.
සිංගප්පූරුව (Singapore)
දැනට වැඩියෙන්ම ජනප්‍රිය Hospitality Management සහ Commercial Cookery කියන පාඨමාලා දෙකයි.
මොකද මේ දෙකේම ගාස්තු (course fee) ගොඩාක්ම අඩුයි, නවසීලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල් එක්ක සංසන්දනය කරද්දී. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5 කට අවුරුද්දක Hospitality Diploma එකකුත්, රුපියල් ලක්ෂ 7 කට වගේ Commercial Cookery Diploma එකකුත් හදාරන්න පුළුවන්. මේ සම්පුර්ණ ගාස්තුවෙන් කොටසක් ගෙවලා යන්න වුනත් පුළුවන්.
අනික මේ පාඨමාලා දෙක ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තියනවා. ඒ මේ පාඨමාලා දෙකම Theory classes (6 months) + Industrial Training (6 months) කියලා කොටස් දෙකකට වෙන් කරලා තියන එකයි. ඒ කියන්නේ මුල් මාස 6 පන්තිකාමර අධ්‍යාපනයත් ඊලග මාස 6 ප්‍රායෝගික පුහුණුව සදහා හෝටල් වලට යොමු කිරීමත් වෙනවා. ඉතින් මේ කාලයේදී සිංගප්පුරුවේ නීත්‍යානුකූලව අදායමක් ලබන්නත් තමන්ට පුර්ණකාලීන රැකියාවක් ලබාගන්න අනුග්‍රාහකයෙක් (full time job sponsorship) සොයාගන්නත් හැකියාව තියනවා.
මීට අමතරව සිංගප්පූරුවේ Business Management, Computer Science, Electronics වගේ ඕනෙම පාඨමාලාවක් Diploma level එකේ ඉදන් Master Degree වෙනකන් තියනවා. කැමති අය ඇහුවොත් ඒ ඒ පාඨමාලා ගැන වෙනම විස්තර දෙන්නම්.
මැලේසියාව (Malaysia)
දැනට නම් තියෙන්නේ මැලේසියාවේ Innovative International College (IIC) එකෙන් පවත්වන අවුරුදු 3 ක Hospitality Diploma එක. මේ පාඨමාලා අවුරුදු 3 ක් (මාස 36 ක්) වුනාට මේකෙන් මාස 33 කම තියෙන්නේ On the Job Training එකක්. ඉතින් ඒ කාලයේදී මාසිකව මැලේසියානු රිංගිට් 1000 ක (රු. 40,000 ක) දීමනාවක්, නවාතැන් පහසුකම්, කෑම හා ප්‍රවාහන පහසුකම් දෙන්න මේ අධ්‍යාපන ආයතන පොරොන්දු වෙනවා.
මේ පාඨමාලාව අවුරුදු 3 ක එකක්. පලවෙනි අවුරුද්දේ වියදම පාඨමාලා ගාස්තුව + වීසා සදහා අයකිරීම් එක්ක රුපියල් ලක්ෂ 4 ක් වගේ වෙනවා. දෙවෙනි, තුන්වැනි අවුරුදු වලට ගාස්තුව ලක්ෂ 2 ක් (per year) වගේ වෙනවා.
තායිලන්තය (Thailand)
තායිලන්තයේ තියෙන්නේ නම් ඇමරිකාවේ Webster University එකේ ආසියානු ශාඛාව. මේ ශාඛාවේදී ශිෂ්‍යන්ට ඇමරිකාවේ Webster University එකේ තියන හැම Bachelor, Master degree එකක්ම හදාරන්න පුළුවන්. සාමාන්‍ය ගාස්තුව ලක්ෂ 5 කට වගේ හදාරන්න පුළුවන්.
හැබැයි මේ තායිලන්ත Webster campus එකේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි USA studies යන්න කැමති අයට පුළුවන් තායිලන්ත කැම්පස් එකේ පලවෙනි අවුරුද්ද හදාරලා දෙවෙනි අවුරුද්දට ඒ ගාස්තුවටම (ලක්ෂ 5) USA වලදී දෙවෙනි අවුරුද්ද පටන් ගන්න. හොදම දේ තමයි එතනදී එයාලට අදාළ වෙන්නේ සාමාන්‍යයෙන් අයදුම් කරන USA F-1 Student visa එක නෙමෙයි, ඊට වඩා පහසුවෙන් ගන්න පුළුවන් USA J-1 Educational exchange visa එකයි. මේ වීසා එක ගන්න එක සාමාන්‍ය වීසා එක ගන්නවට වඩා පහසුයි.
තායිලන්ත Webster කැම්පස් එකේ මෙන්න මේ Bachelor degrees ලබා දෙනවා.
BA International Relations
BA Management
BA Management: Emphasis in Human Resources Management
BA Management: Emphasis in International Business
BA Management: Emphasis in Marketing
BA Media Communications
BA Psychology
BS Business Administration
BS Computer Science
ඉතින් දැනට මම මේ දුන්නේ සාමාන්‍ය දැනුමට විස්තර ටිකක් විතරයි. වැඩිදුර උනන්දු වෙන කවුරු හරි ඉන්නවානම් මට pm එකක් දාන්න, නැත්නම් කෙලින්ම කෝල් එකක්ම දෙන්න. කාවවත් සුරංගනා ලෝක පෙන්නලා කොහෙට හරි යවලා මුදලක් හොයා ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා මම කියන දේම පිළිගන්නේ නැතුව දන්නා කියන අයගෙන් අහලා, Internet එකේ විස්තර හොයලා තමන්ම කල්පනා කරලා තීරණ ගන්න. ඒ අයට අවශ්‍ය විදියට මම සේවය ලබා දෙන්නම්.

Last edited:

elakiri wadak