සිංගප්පූරු ගිවිසුමෙන්
සිංගප්පූරු ගිවිසුමෙන් කරන්නේ විවෘත ආර්ථික කේක් ගෙඩිය අයිසිං කිරීමයි

සකස් කළේ-අනුරාධා හේරත්
1948 නිදහසින් පසු මාරුවෙන් මාරුවට රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත නොහැකි වීම නිසා දශක තුනක ඇවෑමෙන් විවෘත ආර්ථිකය වැලඳ ගත්තේය. ජේ.ආර්. ජයවර්ධන 1978දී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේත් විවෘත ආර්ථිකය ඉදිරියට පවත්වාගෙන යෑමටය.
මේ විවෘත ආර්ථික ගමන ඇතුළේ තමයි අසූව මහ වැඩ වර්ජනය ආවේ. එහි දේශපාලන හා ආර්ථික පැති තියෙනවා. ඒ තුළ රටට වූ මහ විනාශය 1993 තීරණාත්මක ලෙස වෙනස් වුණා. හැබැයි ඒකට මානුෂීය මුහුණුවර දුන්නෙත් විවෘත ආර්ථිකයමයි. ඒ විවෘත ආර්ථිකය හැඩ කරලා ගෙනාපු ගමන තමයි අද මේ ගෙනත් තියෙන සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම. මේකට සිංගප්පූරුව ගාවාගෙන තියෙන්නේ අර කේක් ගෙඩියක් අසියිං කරනවා වගේ වැඩකට.
1987 අපිට මතකයි ඉන්දියාව බලෙන් පරිප්පු දාපු හැටි. අපේ රටේ වෙළෙඳ ගනුදෙනු කරද්දී අපිට ඉන්දියාව සම්බන්ධ ආකල්පයක් තියෙනවා. ලොකු අයියා පාට් එක. මොකද අසල්වාසි රට වුණාට දේශපාලන වශයෙන් මැදිහත් වීමක් අපි දකිනවා. මේකට ඇමෙරිකාව ආඳන්න බෑ. යැංකි ඩිකී මතක් වෙනවා. ඔක්කෝටම ගැළපෙන රටක් තමයි එහෙම ගත්තොත් සිංගප්පූරුව. සිංගප්පූරුව කියන්නේ රටක් නෙවේ, මාර්කට් එකක් වගේ. කාටවත් කරදරයක් නැති හාදයෙක් වගේ. ඒකනේ මෙවැනි රටක් අෑ¼දා ගත්තේ. ඇත්තටම මෙහි සිංගප්පූරු කතාවක් නෑ. නව වෙළෙඳ ප්‍රතිපත්ති සහිත අධිරාජ්‍යවාදී උපාය මාර්ගය ලංකාව තුළ බලහත්කාරයෙන් පැටවීමේ ක්‍රියාමාර්ගය තමයි මෙහි තියෙන්නේ, වෙන දෙයක් නෑ. දේශපාලනික හා ආර්ථික වශයෙන් ඉතා උපක්රමශීලීව එ.ජා.ප.ය ප්රමුඛ රනිල් වික්‍රමසිංහ විවෘත ආර්ථිකය ව්‍යාප්ත කර වරද්දා ගත් සියල්ල එකට කැටි කර අපේ ආර්ථිකය ආක්‍රමණය කිරීමට ඉඩ හදලා දෙන වැඩපිළිවෙළක් මේක. මොකද ඒගොල්ලෝ අපේ රටත්, අපේ ආර්ථිකයත්, අපේ ජනමතයත් එක්ක ගනුදෙනු කරලා ලබා ගත් අත්දැකීම් ඔක්කොම එක්ක මේ ගිවිසුම හදන්නේ. ඕනෑම රටක ද්වි - පාර්ශ්වික ගිවිසුම් අස්සන් කරද්දී ඒ රට අදාළයි. නමුත් මෙය පටන් ගද්දිම තියෙන්නේ සිංගප්පූරුව අදාළ කරලා නෙමේ. තියෙන්නේ ලෝක වෙළෙඳ සංගමය ගැන.
ඊළඟ අරමුණේදී තියෙන්නේ ලංකාවේ ආර්ථිකය ලිබරල් කිරීම සහ ඒ ලිබරල්කරණය යටතේ අදාළ සියලු පාර්ශ්වයන්ට පහසුකම් සැලසීම. ගිවිසුමට එළැඹෙන රටවල් දෙකට නෙවේ මේ පහසුකම්. කවුද මේ සියලු පාර්ශ්ව? මේ සිංගප්පූරු සේවාවන් නෙවේ. අපේ ආර්ථිකයට යම් කිසි හෝ ආරක්ෂණයක් තිබුණා නම්, ජාතික ආර්ථික ප්‍රතිපත්තියට අපේ රටේ මිනිසුන්ගේ හිතේ යම් කැක්කුමක් තිබ්බා නම් ඒ නිසාම ලැබුණු ආරක්ෂණයක් තිබුණා. ජ.වි.පෙ. දේශපාලන අරගලවල ප්‍රතිඵලයක් තිබුණා ඒ ආර්ථිකයේ තිබූ යම් හෝ ආරක්ෂණයට.
රනිල් වික්‍රමසිංහ ගෙනා යළි පුබුදුමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ එහෙමම නැතිව ගියේ එය පණ ගන්වන්න මේ රට ඉඩ නොදුන් නිසා. හැබැයි ඔවුන්ගේ දේශපාලන අරමුණ එයින් යට ගියේ නෑ. ඒකට අවස්ථාව එනකම් ඔවුන් බලා ඉන්නවා. අන්න ඒ අවස්ථාව තමයි දැන් පාර්ලිමේන්තුවේ සම්මත නොකර, අඩු තරමේ අද වනතුරු පාර්ලිමේන්තුවේ සභාගත නොකර මේ ගිවිසුම ජනවාරි 23දා අස්සන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ බදු ක්‍රියාවලිය හා රටේ ආර්ථික ගිවිසුමක් සම්බන්ධව තනි පුද්ගලයකුට අස්සන් කරන්න බෑ.
ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට දානවද කියලා අපි අහද්දි කියනවා තවම පරිවර්තනය කර ගන්න බැරි වුණාලු. ඉංග්‍රිසි භාෂාවෙන් හදලා මැයි 01 සිට ක්‍රියාත්මක කරන්න මේගොල්ලොන්ට පුළුවන්. අපි මේ කතා කරන්නෙ 2018 මැයි 01 සිට ක්‍රියාත්මක ගිවිසුමක් ගැන. මේකේ භාණ්ඩ හත්දහස් ගණනක්. භාණ්ඩ 3500කට පමණ ගිවිසුම අස්සන් කළ දවසේ සිටම 100%ක් බදු නිදහස් ක්‍රියාත්මකයි. කවුද මේ ගැන කතා කරන්නෙ. මේ ගිවිසුමේ කොපියක් මමත් ඉල්ලා ගත්තේ වසන්ත සහෝදරයාගෙන්. පාර්ලිමේන්තුවේ ඉන්න මටත් ලැජ්ජයි. පාර්ලිමේන්තුවට හොරා පාර්ලිමේන්තුවට පිටින් ගිහින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු ජනවරම මොකක්ද මේ සිංගප්පූරු ගිවිසුම අස්සන් කරන්න? කවුද එවැනි බලයක් ඔවුන්ට පැවරුවේ?
අද මේ විධායක බලය අහෝසි කරන්න අකැමැති අයටත් මෙවැනි ගිවිසුම් ආරක්ෂා කිරීමට විධායක බලයට වඩා ලොකු බලයක් අවශ්‍ය වෙනවා. හිට්ලර් සම්පන්නයේ බලයක් අවශ්‍ය වන්නේ අන්න ඕකට තමයි. සමහර අය කැමැතිනේ හිට්ලර් පන්නයේ බලයකට. ලී ක්වාන් යූ සිංගප්පූරුවට ගෙනා විනය නෙවේ මේ ගිවිසුමෙන් අපට ගේන්න හදන්නේ. සමස්ත කලාපයටම වෙළෙඳපොළක් විවෘත කිරීම. ඒ කියන්නේ ශ්‍රී ලංකාව වෙළෙඳපොළක් කිරීම. ජනගහනයෙන් 90%ක් බඩගින්නේ ඉඳලා 10%ක් සතුටු වෙන ආර්ථික ප්‍රතිපත්තියක් නෙවේ අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ රටේ වෙලා තියෙන්නේ ඒක. මේ නව ලිබරල්වාදී ආර්ථිකය නව වටයකින් සම්මත කර ගන්න මේ ආණ්ඩුව ඉදිරිපත් කරන දේශපාලන තර්කය තමයි වඩාම විහිළු සහගත. ඔවුන්ගේ තර්කය තමයි අපි මෙතෙක් කල් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ අඩුපාඩුකම් නිසා අපට මේ නව ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීමට සිදුව ඇත කියලා.
පසුගිය ජුනි 18දා පාර්ලිමේන්තුවේ මේ පොත් පිංච අපේ මෙසේ උඩ තියෙනවා. හැබැයි මේක කොහෙද කතා වුණේ? කවුද මේ ගැන දන්නේ?
තවම විවාද කරලත් නෑ. සාකච්ඡා කරලත් නෑ. හැබැයි මේසේ උඩ තිබුණා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ වගේ තමයි මේ ගිවිසුමෙත්, එහි තියෙනවා, 'ශ්‍රී ලංකා ආර්ථිකය තරගකාරි නොවෙන්න ප්‍රධාන හේතුව වන්නේ ඉහළ මට්ටමේ ආරක්ෂණවාදී ප්රතිපත්තියයි, කියලා. අපට එහෙම එකක් තිබ්බද? නෑ. දැන් කියනවා කාලය ඇවිත්ලු මේක ප්‍රතිව්‍යුහගත කරන්න කියලා.
මලික් සමරවික්‍රම කියනවා දැන් ආර්ථික වර්ධන වේගය කඩා වැටිලලු. 2001 - 2012ට 7.3%ක තිබුණු ආර්ථික වර්ධන වේගය දැන් 2013 - 2015 වෙද්දී 6.7%ට අඩු වෙලාලු. ඇත්ත. ආනයන වේගය 2000 වෙද්දී 80%ක් තිබුණාලු. 2015 වෙද්දී 49%ට බැහැලලු. ඇත්ත. ඒ අය කියනවා අපි අහනවා. අපිටත් වඩා දුප්පත් රටවල් තුන් ගුණයක් විදේශ ආයෝජන ලබනවාලු. අපට එහෙම නෑලු. තව ඒවා සඳහන්. මේ අය මේ ඔක්කොම කියලා අවසානයට කියනවා මේවා ලිහිල්කරණයට යායුතුයි කියලා. අපි අහන්නෙ මීට අවුරුදු 20කට කලින් තිබූ අපේ අපනයන වර්ධනය වැටුණේ ජේ.වී.පී. එක රට පාලනය කරලද? ඒගොල්ලොම ගෙනාපු ආර්ථික ප්‍රතිපත්තිය. කන්න ඕනෑ වුණාම කබරගොයා තලගොයා කරලා කටයුතු කරනවා. මෙතෙක් කාලයක් ඇරපු එකෙන් කාටද වාසි වුණේ? චීනෙට කොටසක් දීලා. ඉන්දියාවට කොටසක් දීලා. රස්සා නැතිව කොච්චර තරුණයෝ ගෙවල්වලට වෙලා ඉන්නවද?
විවෘත තාක්ෂණයක් තියෙන මේ ලෝකේ ලංකාව පොල් කට්ටෙන් වහන්න බෑ. අපි ඒක දන්නවා. හැබැයි මේ එක එක වට්ටෝරුවලින් ගෙනැල්ලා අපේ රටේ විවෘත ආර්ථිකය මෙච්චර කාලයක් සාර්ථකද? අසාර්ථකද? මේක ගෙනාපු අය ආණ්ඩුවේ ඉද්දී සාර්ථකයිලු. විපක්ෂයේ ඉද්දී අසාර්ථකයිලු. මේක භයානකයි. මේ ගිවිසුමේ සියලු වගන්ති රටවල් දෙකක් අතර වගන්ති නෙවේ. ලෝක වෙළෙඳ සංවිධානයේ වරණීය බාධාවන් නිදහස් කිරීමේ පදනම යටතේ බදු නිදහස් ආර්ථිකයක් සඳහා හදපු සියලු නිදහස් කිරීම් ඕනෑ රටකට අදාළයි. ඒ නිසා තමයි සිංගප්පූරුවට අදාළත් නැති ලංකාවට අදාළත් නැති භාණ්ඩ ලැයිස්තුවේ භාණ්ඩ හා සේවා මේකට දාලා තියෙන්නේ. එහිදී වෙනත් ඕනෑම රටක් කරුංකා එවන්න හරි ලෑස්ති නම් ඕනෑ දෙයක් එවන්න පුළුවන්. මේ ගිවිසුමෙන් හැමෝටම බලපෑම් වෙන්න පුළුවන්.
මොකද අපේ රටට සංචාරක වීසාවලින් ඇවිත් ඉන්න ගොඩක් අය අද මොනවා හරි රස්සාවක් දෙන්න කියලා ඉල්ලනවා. සමහරු නැඟෙනහිර පළාතේ කුඹුරුත් කොටනවා. අධිවේගී මාර්ගවලට ආවා කියන චීනේ කට්ටිය වෙන වෙන මාර්ගවලත් යනවා. ඒ සංචාරක වීසාවලින්. හැබැයි මේ ගිවිසුමෙන් සියල්ල නීත්‍යනුකූල කරන්න යනවා.
රටවල් 2ක් අතර ඕනෑ සේවාවක් අරඹන්න පුළුවන් මේ ගිවිසුමෙන්. අනෙක් එක වාණිජමය ක්‍රියාකාරකම් හැටියට ආරම්භ කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ව්‍යාපාරික අමුත්තෝ හැටියට එන්න පුළුවන්. ජාත්‍යන්තර සම්මුතීන් හැටියට අවසන් දෙකට අපට එන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ සමහර ව්‍යාපාරවල දක්වලා තියෙනවා මේ ඔක්කොම පුළුවන් කියලා. මේවා සලකා බලද්දී අන්තිමට මාධ්‍යවලටත් බලපෑමක් වෙනවා. මාධ්‍යවේදීන්ගේ, මාධ්‍ය ආයතන අයිතිකරුවන්ගේ වගකීමක් තමයි මේවා ප්‍රසිද්ධ කිරීම. නීති, ගෘහනිර්මාණ, ක්‍රීඩා, හෝටල් භාණ්ඩ වරායෙන් නිදහස් කිරීම් ඇතුළු සියලු ක්ෂේත්රවලට බලපානවා. ලැයිස්තුවක්ම තියෙනවා භාණ්ඩ හා සේවා ගැන. මේ අයගේ අරමුණ වෙළෙඳපොළ ලිහිල්කරණය හා සේවාවන් ලිහිල්කරණයයි.
මේ ගිවිසුමට අදාළ සියලුම කාරණා මේ වෙළෙඳ ප්‍රතිපත්තියේ තියෙනවා. අපි අහනවා මේ ගිවිසුම ගැන රටේ මොන වෘත්තිකයන් සමඟද සාකච්ඡා කළේ කියලා? කවුරුත් එක්කවත් කතා කළේ නෑ. ඒගොල්ලෝ හදාගත්ත කමිටු 7ක් තිබුණා. ඒ කමිටු 7 කාමර 7ක රැස්වෙලා කතා කර ගන්නවා. ජනතාවට බබා පෙන්නුවා.
මේ ප්‍රතිපත්තිය හරහා රටවල් ලෙස ගෝලීය වශයෙන් වාසි අත්කර ගැනීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට අඩු වර්ධනයක් සහිතව මූල්‍ය හා ගෙවුම් ශේෂවල අඛණ්ඩ අසමතුලිතතාවෙන් යුත් තරගකාරීත්වයෙන් වඩාත් අඩු ආර්ථිකයක් හිමිවනු ඇත කියලා සඳහන්. ඒ කියන්නේ ලෝකෙට අපි විවෘත කළේ නැතොත් ගෝලීයකරණයේ ප්‍රතිලාභවලට ගියේ නැතොත් අපට සිද්ධ වෙන්නේ අඩු ආර්ථිකයක් ලබන්න.
වැරැදි නිවැරැදි කරන්න මේ අයට බෑ. මේ අයගේ ආර්ථික ප්‍රතිපත්තිය අධිරාජ්‍ය ගැතියි. සම්පූර්ණ ධනවාදී ප්‍රතිපත්තියක්. ලොක්කන්ගේ කීමට පිටින් කටයුතු කරන්න මේ අයට බෑ. අපේ අනාගතය ඩොලරයකින් මනින්න පුළුවන්ද? සිංගප්පූරුවට ඇමෙරිකානු ඩොලරය එක්ක හැප්පෙන්න පුළුවන් වුණාට අපේ රටට බැහැ. අද දවස් ගණනින් ඩොලරය එක්ක තරග කරලා කඩා වැටෙන රුපියල.
2018 ජුනි 152.85ට තිබූ ඩොලරය ඊට සතියක් යද්දී 160යි. අපිට බෑ ඒ තරගයට දැන් යන්න. ඇත්තටම ගත්තොත් රටක් හැටියට ආරක්ෂණවාදී ප්‍රතිපත්ති තමයි අපිට තියෙන්නේ. මේ උපායමාර්ග ක්‍රියාත්මක කරන ඇමැතිවරුන්ටයි මෙහි වාසිය තිබෙන්නේ. නිලධාරීන්ට වාසි තියෙනවා.
මේ ප්‍රතිපත්ති හදන්නෙ අවුරුදු 100 ගණනකට ක්‍රියාත්මක වන ආකාරයට. හැබැයි ජීව කාලය කීයද? උපරිම අවුරුදු 6යි. ඊයේ පෙරේදා නිව්යෝර්ක් ටයිම්ස් සඟරාව කියලා තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරයට චීනෙන් ඇ.ඩො.මි. 7.6ක් දුන්නා කියලා. ඒගොල්ලෝ මැතිවරණ කාලේ හරි පාලන කාලේ හරි කිව්වද මේ ගැන? ඒ හින්දයි චීනෙට මෙච්චර ආදරේ. ඒ නිසයි හම්බන්තොට චීනෙට විකුණන්නේ කියලා ඒගොල්ලෝ කිව්වද? කතා කරන විදිය කොහොමද? එතකොට හැබැයි බලනකොට යටින් ඩීල් දාලා. කොමිස් කුට්ටි පිටින්. රට විකුණන ඩීල්.
මලික් සමරවික්‍රම ඇමැති මේ නව ප්‍රතිපත්තිය හදපු ගිවිසුම ගහද්දී කවුද මේ විෂය සම්බන්ධ රාජ්‍ය ඇමැති? පගාව ගත්ත හා චෝදනා තියෙන සුජීව සේනසිංහ. ඔය රාජ්‍ය ඇමැතිගේ පගාව සිදුවීම ආවට පස්සේ ආවා තායිලන්තයේ වෙළෙඳ කලාපයක් පිහිටුවන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ ඇමැතිත් එක්ක මේ ගනුදෙනුව කරන්න බෑ කියලා. ඇයි ඉතින් ඇමැතිම කොමිස් ගැහුවා කියලා චෝදනා ලබලා තියෙද්දී එවැනි ඇමැතිවරු කොහොමද මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති සකසන්නේ?
හිටපු ජනාධිපතිම ඔප්පු කළා එයා චීනෙත් එක්ක ගනුදෙනු කරද්දී කොමිස් ලැබුණා කියලා. එහෙනම් මේ රාජ්‍ය ඇමැතිලා කොහොම කරයිද? මොකද මේ ගිවිසුම ගැන කඩිමුඩිය තියෙන්නේ දේශපාලනඥයන්ට නම් මේ පිටුපස සල්ලි කොපමණ ඇතිද? මේ අයගේ ආයුෂ කාළේ අවුරුදු 6ක් වුණාට රටේ ආර්ථික පැවැත්ම අවුරුදු 6ක් නෙවේ. මේක අපේ ජනතාවගේ ප්‍රශ්නයක්. මේක අපේ පක්ෂයට තියෙන ප්‍රශ්නයක් නොවේ. අපේ කැක්කුම තියෙන්නේ රටේ පැවැත්ම එක්ක. ජනතාවට මේක දැනෙන්නේ අද නෙවේ. අපි ඉන්නෙ ජනතාව එක්ක.(සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ කොළඹ පුස්තකාල ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයේදී කළ දේශනය ඇසුරිනි.)