සිංදුවක් ගැන උදව්වක් ඕනේ

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
සිංදුවක් ගැන උදව්වක් ඕනේ

සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට හඬන
මමද ලිහිණියකු වෙමි - කැඩුනු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන - තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල - හැර දැමුවේ කවුද
සඳට දොස් නොකියන්න - සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ - ප්‍රේමයකි තරු එළිය

කටුක දුක් විරහ මැද - අතරමංවී ගියද
අපි තවම පෙම් කරමු - අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට - අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුන - කුරුල්ලන් වී දිනෙක

ගුණදාස කපුගේ

මචංලා මේ සිංදුවේ තේරුම දන්න කෙනෙක් කියනවද? සිංදුව අහද්දි අමුතුම දෙයක් දැනෙන්නෙ විස්තර කරන්න බැරි හැඟීමක්...වෙලාවකට හිතෙනවා ජේ.වී.පී. එකේ අතීතයට සම්බන්ධ එකක් ද කියලාත්..ආයේ හිතෙනවා වෙන කවුරුහරි මේ දෙන්නා ගේ ජීවිතේ අනාථ කරලා ගිහින් ද කියලත්..ආයේ හිතෙනවා මේ දෙන්නා එයාලාම කරපු මොකක් හරි දේකට පසු තැවිලා ළමයින්ට වත් ඒක නොවෙන්න උගන්වනවා කියලා කියනවද කියලත්..ආයේ හිතෙනවා නිදහසක් හෝ යම් දෙයක් වෙනුවෙන් සටන් කරපු දෙන්නෙක් ව බාහිර කවුරුහරි යට කරලා විනාශ කරලා දාලා ඒත් තාම මේ දෙන්නා ඒ යට කරලා දාපු අරගලයට ආදරය කරනවා කියලත්..ඒ වගේම කවදාහරි දවසක තමන්ගේ දරුවන්ටත් නිදහස ලබාගන්න සටන් කරන්න උගන්නමු, එහෙමත් නැත්නම් දැන් මේ දෙන්නා සටන් කරලා ලබාගත්ත ලෝකයේ එයාලාගේ දරුවන්ට නිදහසෙ ඉන්න උගන්නමු කියලත්..දන්න කෙනෙක් මේකෙ හරි තේරුම සහ අතීත කතාව කියනවද? :)
 
  • Like
Reactions: maxboysl

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක ගැන තවත් කියන්න පුළුවන් මචං කපුග් කියන ගායකයා ගැනත් මානව හිත්ව්දිය ගැනත්.
     
    • Like
    Reactions: IsuruP123

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඕක ගැන තවත් කියන්න පුළුවන් මචං කපුග් කියන ගායකයා ගැනත් මානව හිත්ව්දිය ගැනත්.

    මචං මේ සිංදුව මට හරි පැටලිළි සහගතයි..කොච්චර හිතුවත් හරියටම කියලා තේරුමක් හිතාගන්න බෑ...:no: තේරුම දන්නවා නම් කියන්න... :):):)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    තේරුම මේකයි මේ දෙන්නා ඉස්සර කපල් එකක්. සල්ලි,කුල මල භේද මොකක් හරි නිසා වෙන් වෙලා, ඒත් ඒ දෙන්නාම දැන් වෙන අය බැඳලා ලමයි ඉන්නවා.ඒත් පවුල් ජීවිත අසාර්තකයි.. ඒත් මේ දෙන්නා වුන දේ උනා කියල හිතාගෙන ළමයින්ට හොඳින් උගන්නල ඒ අය වගේ නැතුව හොඳ තැනකට ගේන්න ට්‍රයි කරමු කියල තමා කියන්නේ
     
    • Like
    Reactions: IsuruP123

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    danne nah bnz
    Thanks for the comment :)

    පෝරිසාදයා;18085720 said:
    තේරුම මේකයි මේ දෙන්නා ඉස්සර කපල් එකක්. සල්ලි,කුල මල භේද මොකක් හරි නිසා වෙන් වෙලා, ඒත් ඒ දෙන්නාම දැන් වෙන අය බැඳලා ලමයි ඉන්නවා.ඒත් පවුල් ජීවිත අසාර්තකයි.. ඒත් මේ දෙන්නා වුන දේ උනා කියල හිතාගෙන ළමයින්ට හොඳින් උගන්නල ඒ අය වගේ නැතුව හොඳ තැනකට ගේන්න ට්‍රයි කරමු කියල තමා කියන්නේ

    එහෙමද මචං?ඕක මට පෙනුනේ නැති පැත්තක්..බොහොම ස්තුතියි :)
    +2