සිංහගප්පුරැවෙි දියුණුව - 2 කොටස

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    සිංහගප්පුරැවෙි දියුණුව - 2 කොටස


    දැනුම බෙදන හේෂාන්ගේ ලිපි පෙළ ගැස්ම - සිංහගප්පුරැවෙි දියුණුව 2 කොටස
    පළමු කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1750536

    1990 සිට 2004 වසර දක්‌වා සිංගප්පූරුවේ මහාමාත්‍යතුමා ලෙසින්ද, එතැන් සිට එනම් 2004 වසරේ සිට 2011 දක්‌වා අමාත්‍ය උපදේශක (Minister Mentor) ලෙසද තම ජාතික කර්තව්‍යය අඛණ්‌ඩව ගෙන යන්නට ලී සමත් වූයේය. 2011 මැයි මස 14 වන දින ඔහු පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගන්නා විට වයස අවුරුදු 85 ක්‌ විය.

    සිංගප්පූරු රජයෙහි වත්මන් අගමැති ලී සෙයින් ලූන් (Lee Hsien Loving) ලී ක්‌වාන් යූ මැතිතුමාණන්ගේ වැඩිමහල් පුතණුවන්ය. අද ලෝකයේ ඉහළම පෙළේ ආර්ථික මධ්‍යස්‌ථාන අතුරින් සිව්වැනි ස්‌ථානය ලැබෙන්නේ සිංගප්පූරුවටයි. ලෝකයේ තෙවැනි විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්‌ථානය වන්නේද සිංගප්පූරුවයි. එමෙන්ම සාගරය විසින් බොහෝ දූපත් ගිලගනු ලබද්දී ගොඩබිම විසින් සාගරය අත්පත් කර ගනිමින් තම වර්ග ප්‍රමාණය විශාල කරගන්නා රටද සිංගප්පූරුවයි.

    අද අප දකින ඉතා පිරිසිදු දියුණු හා සුන්දර වර්තමාන සිංගප්පූරුව නිර්මාණය කිරීම වෙනුවෙන් සෑම සිංගප්පූරු වැසියෙකුම තම ගෞරවාදරය පුද කරනුයේ ලී ක්‌වාන් යූ නම්වූ ඒ කාර්යශූර දූරදර්ශී හා කෘතහස්‌ත රාජ්‍ය නායකයාටයි. ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික වශයෙන් ස්‌වාධීනත්වය සහ සංවර්ධනය සොයායන ඕනැම රාජ්‍යයකට ලී ක්‌වාන් යූ ආදර්ශයට ගත හැකි රාජ්‍ය නායකයකු බව අද මුළු ලොවම පිළිගන්නා කරුණක්‌ බවට පත්ව ඇත.

    කෙසේ වෙතත් ඔහුගේ පාලන කාලසීමට විවිධ චෝදනා එල්ලවී තිබේ. ලී ක්වාන් යූ පාලන කාලසීමාව තුළ විරුද්ධවාදීන් මර්ධනයටත්, කතා කිරීමේ නිදහස අසුරා තිබූ බවටත් චෝදනා එල්ල වී තිබේ. 1923 වසරේ සැප්තැම්බර් 16 උපත ලද ලී ක්වාන් යූ ජනතා ක්‍රියාකාරී පක්ෂයේ නිර්මාතෘ හා එහි මහලේකම් ලෙසින් සිය දේශපාලන ගමන්මග ආරම්භ කළ ලී ක්වායන් යූ එම පක්ෂය 1959 සිට 1990 දක්වා ජයග්‍රහණ 8කට පක්ෂය මෙහෙයවීය.

    1959 දී සිංගප්පූරුව නැමති ධීවර ගම්මානයේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසර 31 ක් එම ධූරය දරා 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගන්නා විට සිංගප්පූරුව ආයෝජන පාරාදීසයක් බවට පත්ව තිබුණි. 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගත්තද සිංගප්පූරුවේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් ඔහුගේ යෝධ සෙවණැල්ල මියයන තුරුම වැටී තිබුණු බව අනාවරණය වේ.

    ලී, ඉපදෙන්නේ සිංගප්පූරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබියදීයි. ඔහු තරුණ වියට පත්වන විට ජපානය විසින් සිංගප්පූරුව මත මුදාහළ යටත් විජිතවාදී පාලනයේ විලිලැජ්ජා සහිත බව ඔහුගේ හදවතේ ගැඹුරටම කිඳා බසී.

    පසුව, උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩනයට යන ලී, කේම්බ්‍රිජ් සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වන්නේය. ඔහු යුද්ධය අවසන් වූ පසුව නැවතත් සිංගප්පූරුව බලා පැමිණෙන්නේ යටත් විජිතවාදයට එරෙහි අරගලයට පණ දීම සඳහායි. මේ අනුව, පීපල්ස් ඇක්ෂන් පාටි (PAP) නැමති දේශපාලන පක්ෂය බිහිකිරීමේ පුරෝගාමියෙකු ලෙස ලී, පෙරමුණේ සිටී.

    සිංගප්පූරුව 1959 දී බ්‍රිතාන්‍යයෙන් ස්වයං රාජ්‍යත්වය දිනාගැනීමේදී මෙම පක්ෂයේ නායකයා වූයේ ඔහු වන අතර ඔහු සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.

    ලී ක්වාන් යූ මහතාගේ දේශපාලන දර්ශනය ආන්දෝලනාත්මක එකක් වන අතර සමහරුන් දැඩි ලෙස විවේචන එල්ල කරද්දීත් ඔහු සිංගප්පූරුවට දැඩි නීති සහ දඬුවම් හඳුන්වාදීමට පියවර ගත්තේය. මේ ආකාරයෙන් සිංගප්පූරුව විනය ගරුක සහ පිරිසිදු රටක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව ආණ්ඩුවේ දැඩි පාලනයට යටත්වූ රාජ්‍යයක් බවට පත්වන අතර වාර්තා වන ආකාරයට තිබී ඇත්තේ ඉතා සීමා සහිත මහජන උද්ඝෝෂණ ප්‍රමාණයකි. මෙවන් පරිසරයක් තුළ සිංගප්පූරුවේ අඩු බදු, ඉතා දියුණු පාසැල් පද්ධතිය, අපරාධ අඩුවීම, ආයෝජනයට හිතැති නීති, දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැංවීම නිසා බටහිර සමාගම් විසින් ඉතාමත් ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙසින් සිංගප්පූරුව තෝරා ගන්නේය.

    මේ අනුව, අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ ව්‍යාපාරික කටයුතු කරන බොහෝ යුරෝපීය සමාගම් ප්‍රමුඛ ලොව දැවැන්ත සමාගම් සිය මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කර ගන්නේ සිංගප්පූරුවයි.

    ඒකාධිපති නායකයෙකු ලෙසින් වැජඹුණු ලී ක්වාන් යූ හට සිංගප්පූරුව දැවැන්ත ලෙස පාලනය කිරීමේ බලය තිබුණු අතර ඔහු විසින් සිය විරුද්ධවාදීන් සිරගත කර තිබෙන අවස්ථාද තිබේ.

    වාර්තාවන ආකාරයට ඔහුගේ සමයේදී ජනමාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් පාලනය කිරීම සඳහා විශාල වශයෙන් අධිකරණය භාවිතා කර තිබෙන අතර මේ පිළිබඳව ලී, වෙත දැඩි විවේචන එල්ල වී ඇත.

    සිංගප්පූරුව අපිරිසිදු වන බව පවසමින් ලී ක්වාන් යූ එරට chewing gum අලෙවිය පවා වරක් තහනම් කර තිබේ.

    කෙසේවෙතත්, ඔහු මෙවන් ගමනක් රැගෙන ගොස් කුඩා සිංගප්පූරුව ලොව ධනවත්ම රාජ්‍යයක් බවට පත්කිරීමට සමත්විය.

    අනාගත අවස්ථාව තම මනසින් දැක අධිෂ්ඨානයකින් යුතුව සිය ජනතාව එය වෙත රැගෙන ගොස් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කළ හෙයින් ඔහු ලෝක සම්භාවනාවට පාත්‍රවී තිබෙන්නේ ඒකාධිපතියෙකු ලෙසින් නොව අසාහය නායකයෙකු ලෙසයි.

    වර්ග කිලෝමීටර් 716 කින් යුතු ලක්ෂ 53 ක් පමණ සිටින නගරයක් වන සිංගප්පූරුව ලෝකයේ දැවැන්ත රාජ්‍ය සමග කරට කර සිටින රටක් බවට පත්කිරීම ඔහුගේ අද්විතීය නායකත්වයේ ප්‍රබලත්වය පෙන්වීමට තිබෙන ජීවමාන සාක්ෂියයි.

    මෙහි වසන මුළු ජනගහනය මිලියන පහකි. චීන, මැලේ සහ ඉන්දියානු ජාතිකයන් ගෙන් සැදුම්ලත් මෙම ජනගහනයෙන් උපතින්ම සිංග්පපූරු ජාතිකයන් වන්නේ මිලියන 2.91 ක්‌ පමණකි. බහුවාර්ගික, බහු ආගමික හා බහු සංස්‌කෘතික රටක්‌ වන සිංගප්පූරුව ලෝක ගෝලය තුළ සුවිශේෂී හා ජනප්‍රිය දේශයක්‌ වනුයේ ඉතා කෙටි කලෙකින් ප්‍රගතියේ ඉහළ තලයක වැජඹෙන්නට සමත් වූ අසිරිමත් බිම්කඩක්‌ හැටියටය.

    දෙවන ලෝක යුද සමයේ ජපන් ජාතිකයන් තම යුද මධ්‍යස්‌ථානයක්‌ හැටියට භාවිතා කළ සිංගප්පූරුව ඉන් පෙර හා පසුවද දීර්ඝ කාලයක්‌ තිස්‌සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි යටත් විජිතයක්‌ ලෙස පැවතියේය. තවත් වරෙක මෙම කුඩා රට මැලේසියානු ෆෙඩරේෂණය තුළද අසරණව සිටියේය.

    ධනවාදය නිසා ස්ථාපිත වූ නිදහස් සමාජයේ සමෘද්ධිය ආසියාව තුලින් බිහි වූයේ හොං කොං වලින්. එහි නිදහස් සමාජයක් වෙනුවෙන් කැප වූ සර් ජෝන් ජේම්ස් කොපර්ත්වෙයිට් වැන්නුවන් ගැනත් කළින් රන්දොර අඩවියේ සටහන් වී ඇත.

    අයෙක් මිය ගිය පසු අඩුපාඩු හෙළි කිරීම නොමනා ක්‍රියාවක් යැයි සලකන අය බොහෝ වෙති. එහෙත් දැනට ජීවතුන් අතර සිටින බරක් ඔබාමා විසින් දැඩි සේ මිනිස් නිදහස කප්පාදු කරන හැටි (එඩ්වර්ඩ් ස්නෝඩන් සිහියට එයි) ගැන ලියනවා නම්, අයෙක් මිය ගිය පමණින් ඔහු හෝ ඇය විසින් කරන ලද හානිය ගැන සඳහනක් නොකර පැත්තකට දමා සිටිය නොහැකියි. විශේෂයෙන්ම එවැනි අවස්ථාවක දී අනෙකුත් අය ප්‍රශස්ති ගී පමණක් ගයද්දී! ලී ක්වාන් යූ ගේ අභාවය සමඟින් එරටේ මෙතෙක් පවතින දේශපාලන පවුල විසිර යාවි ද, දණ්ඩ නීති පද්ධතියේ අක්‍රමිකතා වෙනස් වේවි ද, රටේ පවතින තෙමසෙක් හෝල්ඩින්ස් ක්‍රමය වෙනසකට භාජනය වේවි දැයි කියනු නොහැකියි. එහෙත් ඒවා මොනවා දැයි දැන සිටීමෙන්, සමහර විට ලංකාවට එවැනි ක්‍රම ගෙනෙන්නට යෝජනා කරද්දී ඊට විරෝධය පාන්නට අවශ්‍ය මන්දැයි කියා හෝ යම් හෝඩුවාවක් ලැබෙනු ඇත. වර්තමාන සිංගප්පූරැ අගමැති ලී ස්යෙන් ලූන් මිය ගිය රටේ නිර්මාතෘ අගමැතිවරයා වූ ලී ක්වාන් යූ ගේ පුතෙකි. ලෝකයේ අගමැතිවරැ අතර වැඩියෙන්ම ඉහළ පඩිය ලබන ස්යෙන් ලූන් තම වේතනයට බදු ගෙවිය යුතු නැත්තේ ඒ සඳහා රටේ නීතියක් සම්මත කරගත් නිසයි. එම නීතිය ගෙනෙන අරමුණ ඉහළ පඩියක් දීමෙන් රටේ පාලකයා අක්‍රමිකතා වලින් ධනය උපයන්නට පෙළඹෙනු නැතැයි කියන දුර්මතයයි. ලූන්ගේ බිරිඳ තෙමසෙක් හෝල්ඩින්ස් හි CEO වන හෝ චින්ග් ය. හෝ පෙන් කී යනු අගමැති බිරිඳ හෝ චින්ග්ගේ සහෝරදයෙකි. ඔහු අධ්‍යාපනය පාලනයට පත් ව සිටින ඩිරෙක්ටර් ජනරාල්ය. ටියෝ චී හීන් නම් උප අගමැතිවරයා ද පවුලේ සමීපතම හිතවතෙකුගේ පුතෙකි. අගමැතිවරයාගේ තාත්තාගේ ඥාති දුවෙකු (niece) වන රෑත් ලී රටේ අනෙක් උප අගමැතිවරයාගේ බිරිඳ වෙයි. මෙයාකාරයෙන් අගමැතිගේ මාධ්‍ය නිවේදක සිට රටේ ඇමති ධූර තනතුරු හොබවන බොහොමයක් දෙනා යම් ආකාරයකින් ලී ක්වාන් යූ පවුල සමඟ ඥාති හෝ සමීප හිත මිතුරු පවත්වන අය වෙති. සිංගප්පූරැවේ තෙමසෙක් ක්‍රමය පවුල්වාදය පෙරදැරි කරගත්තකි. ඉතින් යම් අයෙක්, පවුල්වාදයක් නොමැති යහපාලනයක් ගෙනෙන්නට යැයි කියා තෙමසෙක් ක්‍රමයක් යෝජනා කරන්නේ ද, එයා තෙමසෙක් ක්‍රමය හරියටම කුමක්දැයි නොදන්නා අයෙකි. තෙමසෙක් ලංකාවට උචිත නොවන්නේ ඇයි? මැයෙන් රොහාන් සමරජීව විසින් රාවය පුවත්පතට සටහනක් ලියා ඇත. බලයේ සිටින පක්ෂයට ලබා දුන් සහයෝගය හෝ කාගේ ඥාතිකමක් අති ද කුමන පාසැලෙහි උගත්තේ ද වැනි කුරුණු රටේ ස්වෛරී සම්පත් අරමුදලේ අධ්‍යක්ෂකවරැන් පත්වීමට බල නොපාන බව එහි ඔහු කියයි. තෙමසෙක් හි අක්‍රමිකතා පමණක් නොව පොදුවේ සිංගප්පුරු ආණ්ඩුවේ සියළු අඩුපාඩු ගැන කතාබහට එරෙට් ජනතාවට ඉඩකඩක් ලැබෙන්නේ නැත. දේශපාලන විරැද්ධ පක්ෂයක් එරටේ නොමැති වීම ජනතාවගේ ප්‍රසාදය බලයේ සිටින ආණ්ඩුවට ඉහළින්ම පිරිනැමෙන නිසා යැයි අයෙක් සිතන්නේ නම් එය මහා මුලාවකි. එරට ජනතාවට තම අක්‍රමිකතා ගැන දැනුම් දෙන්නට විදේශිකයෙකුගේ සරණක් ද ලබාගත නොහැකියි. සිංගප්පූරුවේ නීති පද්ධතියෙන් දඬුවම් දෙන බලය සතු විනිසුරු පද්ධතිය කොතරම් තදින් බලයේ සිටින දේශපාලන නායකයන්ට සහාය දෙනවා දැයි කියා දැනගන්නට හැකියාවක් එරට මාධ්‍යය වලින් පළ කිරීම තහනම් වූවකි. ඒ නිසාම සිංගප්පූරුව මානුෂික අයිතීන් උල්ලංඝණය කරන හැටි දැනගන්නට ද බහුතර ලෝකවාසීන් අසමත් වෙති. සිංගප්පූරැවේ දියුණුව ගැනත් සිංගප්පූරුවේ මානුෂීය නිදහස ගැන කතා කරන අල්පයක් ලොව සිටිති. තමනට විරැද්ධව සිංගප්පූරු උසාවි වලින් පවරා ඇති නඩු සමුදායක් හමුවේ, ගෙවන්නට නියම කර ඇති ලොව අතිශයම විශාල වූ දඩ හමුවේ ඔවුන් ලොවට තොරතුරු සපයති. ඕනෑම අකටයුත්තක දී රට පාලනයේ ඉන්නා අය “අපි මේ ගැන සොයා බලා තීන්දුවක් දෙනවා ” යැයි කිව්ව ද, කිසිත් වගකීමකින් යුතු සොයා බැලීමක් සිද්ධ වෙන්නේ නැති බව මෙවැනි පාලක ගුණ්ඩු හුරු ලංකාවේ අයට අමුතුවෙන් පැහැදිලි කර දෙන්නට අවශ්‍යතාවයක් නැත. ආණ්ඩුවේ ඇමතිවරැන්ගේ සහ මහජන සේවකයන්ගේ මුදල් අක්‍රමිකතා ගැන සොයා බලන්නට වංචා විමර්ශන ආයතනයක් (CPIB) සිංගප්පූරුවේ තිබුණ ද, රටවැසියන් සියල්ලන්ම පාහේ දන්නා වංචනික ක්‍රියාවන් විමර්ශනය වෙන්නේ වංචා කරන ලද්දා විසින්ම පත් කරන ලද මුදල් ඇමතිවරයා අතින්!

    ඇත්ත නැත්ත ගැන තව විස්තර කියවන්නට කැමති අය මේ පොත් වලින් ඊට ප්‍රවේශයක් ලබාගත හැකියි. එහෙත් ෆෙඩ්රික් බැස්ටියාට් කියන පරිදි ආණ්ඩුව විසින් නීතිය දූෂණය කරන්නට සමත් නිසා, ඒ දූෂණය වූ නීති වලින්, දඩ හා දඬුවම් ලබන්නට සිද්ධ විය හැකි බැවින් සිංගප්පූරු යද්දී මේ පොත් ගමන් මල්ලේ තබා නොගන්න යැයි ද මතක් කර සිටිමි.

    ආසියාවේ දේශපාලන පරමාදර්ශය ලෙසින් ගෞරවයට පාත්‍ර වූ සිංගප්පූරුවේ හිටපු නායක ලී ක්වාන් යූ මහතා ගැන සටහනක් තැබීම මේ මොහොතේ අප සතු යුතුකමක් සේ සලකමු. ලී මහතාගේ අභාවය ප්‍රබුද්ධ දේශපාලන කණ්ඩායම් විසින් විග්‍රහ කරනුයේ ‍ලෝක දේශපාලනයේ එක් යුගයක නිමාව ලෙස ය. ලී ක්වාන් යූ මහතා සිංගප්පූරුවට හඳුන්වා දුන් සමාජ -ආර්ථික හා දේශපාලන රටාව අදත් ලෝකයේ පිළිගැනීමට ලක් ව පවතී. ඔහුගේ දේශපාලන රටාව තුළ ඇත්තේ යහපාලනය හා යුක්තිගරුක භාවය යි. ඔහුගේ ආර්ථික රටාව තුළ ඇත්තේ දූෂණයෙන් හා වංචාවෙන් තොර සංවර්ධනය යි.

    ලී ක්වාන් යූ මහතාගේ දේශපාලන හා ආර්ථික දර්ශනයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට ලබා ගත හැකි ආදර්ශ බොහෝ ය. ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සමඟ නිරන්තරයෙන් ම අත්වැල් බැඳගත් ප්‍රධාන සාධක කිහිපයක් තිබේ. ඒ නම්; කොමිස් ගැහිලි, වංචා හා දූෂණය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑතකදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ඇතැම් දේශපාලන චරිතවලට ව්‍යාපාරයක් වී ඇති බව ය. දේශපාලන බලය යොදාගනිමින් මුදල් හම්බකිරීම යනු රාජ්‍යයක් නැත්තට ම නැති වන හේතු සාධකයකි. 1959 දී බලයට පත් වූ සිංගප්පූරු නායකයා මේ ක්‍රමය කණපිට හැරෙව්වේ ය. ඔහු සිංගප්පූරුවේ දේශපාලන යට යුක්තිගරුකභාවය, අවංකකම හා වටිනාකම් හඳුන්වා දුන්නේ ය.

    දසක කිහිපයකට පෙර සිංගප්පූරුව පැවැතියේ සාගරය අසබඩ මුඩු භූමියක් ලෙස ය. දියුණුවට අදාළ කිසිදු සම්පතක් එහි නොවී ය. එහෙත් 1950 ගණන්වලදී ලී ක්වාන් යූ මහතා කියා සිටියේ සිංගප්පූරුව ආසියාවේ දිදුළන රාජ්‍යයක් බවට පත්කළ හැකි බව ය. මේ නායකයා සැබෑ ලෙසම එය ඉටුකළේය. ඒ සඳහා දුෂ්කර අභියෝග ජය ගත්තේ ය. ලී මහතා පළමුව සිදු කළේ දේශපාලකයන් හා ජනතාව යුක්තිගරුක, අවංක හා දූෂණයෙන් තොර පුද්ගලයන් බවට පත් කිරීම ය. ඒ සඳහා මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට ද, ඇමැතිවරුන් නෙරපා හැරීමට ද ඔහුට සිදු විය. එතුමා ඒ තීන්දු හා තීරණ නොබියව හා නිසැක ව ගත්තේ ය.

    සිංගප්පූරුවේ දියුණුව ගැන කතා කරන ආර්ථික විශේෂඥයෝ ලෝකයට වැදගත් ආර්ථික මොඩල කිහිපයක් ගැන කතා කරති. එක සංවර්ධන මොඩලය යි. දෙක මානව සම්පතින් උපරිම ඵල නෙළන මොඩලය යි. තුන වෙළෙඳපොළ මොඩලය යි. හතර නිෂ්පාදන මොඩලය යි. සිංගප්පූරුව සැලකෙන්නේ ඉහළ ඒක පුද්ගල ආදායමක් හා ඉහළ පොදු පහසුකම් සහිත රාජ්‍යයක් ලෙස ය. එබඳු තත්ත්වයක් කරා සිංගප්පූරුව ගමන් කළේ ඉහත කී මොඩල හෙවත් ආදර්ශවත් ආර්ථික රාමු අනුව ක්‍රියාත්මක වූ නිසා ය. සිංගප්පූරු නායකයා විශේෂයෙන් සලකා බැලූ තවත් කාරණයක් වන්නේ නීතිගරුක හා විනයගරුක පුරවැසි සමාජයකි. එය ද රටක දියුණුවට විශේෂයෙන් බලපායි.

    ශ්‍රී ලංකාව මෙන් ම සිංගප්පූරුව ද පැවැතියේ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස ය. මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් ලැබූ පසු මැලේසියාව සිංගප්පූරුව පාලනය කරන්නට පටන් ගත්තේ ය. ලී ක්වාන් යූ මහතා මැලේසියාවේ බලපෑමෙන් සිංගප්පූරුව බේරා ගෙන නිදහස් රාජ්‍යයක් ලෙස ලෝකය සමඟ ගනුදෙනු කිරීම ආරම්භ කළේ ය. වරාය කටයුතු හා වෙළෙඳපොළ කටයුතු ශීඝ්‍රයෙන් දියුණු කළ ඒ මහතා මැලේසියාවට අභියෝග කරන තැනකට සිය රාජ්‍යය ගෙන ගියේ ය. මෙහිදී ඔහුට දේශීය සතුරාට මෙන් ම විදේශීය සතුරාට ද මුහුණ දෙන්නට සිදු විය. ඔහු ආර්ථික වීරයකු බවට ද දේශපාලන වීරයකු බවට ද පත්වන්නේ උපාය මාර්ග ඔස්සේ බුද්ධිමත්ව ඉහත කී අභියෝග ජයගත් නිසා ය.

    ලී ක්වාන් යූ මහතා සිය සංවර්ධන මොඩලයේ දී වැඩියෙන් ම විශ්වාසය තබා ඇත්තේ මානව සම්පත් හා වෙළෙඳපොළ ශක්‍යතා කෙරෙහි ය. මිනිසා සම්පතක් බවත් ඔහුගේ නිපුණතාවලින් උපරිම ඵල නෙළා ගත යුතු බවත් ඔහු විශ්වාස කළේ ය. ලී මහතා සිංගප්පූරුවේ මානව සම්පතට අලුත් ප්‍රතිපත්ති හඳුන්වා දුන් අතර ඊට විශේෂ වටිනාකම් ද එකතු කළේ ය. වෙළෙඳපොළ ආර්ථිකය හා නිෂ්පාදන ආර්ථිකය එකිනෙක හා බද්ධ කරමින් රටේ ආදායම් ඉහළ නැංවීමට පියවර ගත්තේ ය. දූෂණ, වංචා, කොමිස් ගැහිලි අවසන් කළ බැවින් ඔහු හඳුන්වා දුන් සංවර්ධන ව්‍යාපෘති ශීඝ්‍ර ගමනින් යුතුව ඉලක්කය කරා ගමන් කළේ ය.

     
    • Like
    Reactions: Randike Mendis

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හොද විස්තරයක් මචෝ, ඇත්තටම සිංහගප්පුරුව කියන්නේ ධනවත්, සංචාරක ආකර්ෂණය තියෙන, ලොකුම සාප්පු සංකීර්ණ සමග සියලු පහසුකම් තියෙන රටක්. ඒත් කිසිලෙසකින් නිදහසේ ජිවත් වෙන්න සුදුසු රටක් නම් නෙවෙයි. අතල් එකට ගිහින් එන්න හොදයි. ජොබ් එකක් කරලා ගානක් හොයාගෙන එන්න හොදයි.

    මම නම් අවංකවම ශ්‍රී ලංකාව සිංහගප්පුරුවක් වෙනවට කැමති නැහැ.
    :yes::yes:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඒ ශ්‍රේෂ්ඨ මිනිසා ගිය අවුරුද්දේ මාර්තු 23 අභාවප්‍රාප්ත උනා. ceremony එක වෙලාවේ මමත් Singapore වල හිටියේ. (මම ගියේ වෙන වැඩකට) :D:D

    Body එක අරන් යන වෙලාවේ මිනිස්සු පාර දෙපැත්තේ අඩ අඩා තද වැස්සේ තෙමීගෙන ආචාර කරේ... :yes::yes:

    මම කල්පනා කරේ ඒ මිනිස්සු කොච්චර ආදරේද කියල Lee Kuan Yew ට. :yes::yes:

    Great man .... deserve respect !!:yes::yes: