සිංහපුර පොල් ඉඩමක වන අලි දෙදෙනකු මරා දමලා

2015.11.24
=================================
පුත්තලම කල්අඩිය සිංහපුර ගම්මානයේ පොල් වගා කළ ඉඩමක වන අලි දෙදෙනෙක් මරා දමා ඇත. අනවසර විදුලි රැහැන් ඇද සිදුකර තිබූ වන අලින්ගේ මරණය සිදු කළ බවට සැක කෙරෙන ඉඩම් හිමියා පලාගොස් ඇති අතර ඔහුට පොලිසියට භාරවන ලෙස දැනුම් දී සිටියත් මේවන තෙක් එම කටයුත්තද සිදු වී නොමැත.
ගම්වැසියන් පවසන්නේ වනඅලින්ගේ මරණය සිදුවූ දින අලුයම තමන්ගේ ඉඩම්වලට පැමිණ කෑකෝ ගසා වෙඩි දමා පළවා හැරීම සිදු වූ අතර ඉන් පසුව මේ විපත ඔවුන්ට සිදුවූ බවත්ය.
වන අලින්ගෙන් සිදුවන විනාශය හා හානියත් මිනිස් ජීවිත වලට හානිය කොතෙක් වුවත් සතුන් මරා දැමීම පිළිබදව එකග විය නොහැකි බවයි. බලධාරීන් හා දේශපාලකයින් මේ පිළිබදව වගකියයුත්තන් වෙන අතර තව තවත් අලි මිනිස් ගැටුම උග්රවීමට ඉඩ නොදී පියවර ගැනීම වැදගත් බව ඔවුහු පවසති. ඡායාරූපය - පුත්තලම දිසා විශේෂ
(පුත්තලම දිසා විශේෂ ලංසගේ සිරිවර්ධන)