" සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ "
නෙලුව - ලංකාගම මාර්ගයේ පළමු අදියරේ වාරුකන්දෙනියේ සිට ලංකාගම දක්වා මාර්ගය කාපට් අතුරා අවසන් කර සතියක් ගත වී යාමටත් පෙර මාර්ගය නිසි අයුරින් ඉදි නොකිරීම නිසා විනාශය මේ.
සිංහරාජයේ පහස ලබන පහළ ගිං ගංගාවට මඩත්, පසුත්, තාරත් ගලායන්නට ඇරඹී ඇති අතර පාදම දක්වා කොටස දින කිහිපයකින් සේදී ගිං ගඟට ගොස් අවසන්.මේ ඉතා සංවේදී කලාපයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. මෙම මාර්ගයේ නිසි කාණු පද්ධතියක් නොමැතිකමින් පසුගිය 04 වනදා ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ මාර්ගයේ බොහෝ ස්ථාන මෙලෙස සෝදාපාළුවට ලක් වී ඇත.
නිසි තාක්ෂණික උපදෙස් අනුගමනය කිරීමකින් තොරව සිදුවන අක්‍රමවත් සංවර්ධන හේතුවෙන් මෙම මාර්ගයේ බොහෝ ස්ථාන මේ වන විටත් ගිලා බැසීමට ලක්ව ඇත.ජාතික ධනය විනාශ කර නිසි ප්‍රමිතියකින් තොරව සිදු කරන මේ ඉදිකිරීම් වෙනුවෙන් ඔබේද මගේද බදු මුදල් යොදා ගැනෙන බව අමුතුවෙන් කිව යුතු නෑ .
Source

Last edited: