දැයෙන් සමුගත් සිංහරාජයේ මාහාචාර්‍යවරයා මාටින් විජේසිංහ මහතා මාටින් අයියා ගැන මගේ මතකයක්
-------------------------------------------.
අවුරුද්ද 1982 වගේ කාලෙක පාසැල් අවදියේ නිවාඩුවට සිංහරාජයේ වනගත චාරිකාවල නිරතවෙන කොට එවකට දැන් වගේ මාර්ගෝපදේශකයො එහෙම හිටියෙ නැහැ , සිංහරාජයේ අඟලක් නෑර දැනගෙන හිටියෙ මාටින් අයිය විතරයි ,ඒත් ඒකාලෙ එතුමාගෙ දැනුමෙන් ප්‍රයෝජන ගෙන විවිධ පර්‍යේශණ වල නියැලෙන දෙස් විදෙස් විද්වතුන් මාටින් අයියව උදේසිට රෑවෙනකල් ම එතුමා සමග ඉන්නෙ ,අපි ඒ කාලෙ සිංහරාජයේ දින හතරක් පහක් නැවතිල ඉන්නව ඉතිං හැන්දෑවෙ හෝ රාත්‍රී කාලයෙදී තමා මාටින් අයියව මුන ගැහෙන්නෙ
,අපිත් බොහොම උජාරුවෙන් එදා දවස තුල දැකපු කුරුල්ලො සත්තු ගැන විස්තර කියනව ඒ එක්කම මාටින් අයියගෙන් පහුවෙනිද අපි ඇවිදින්න යන්න ඕනෙ ප්‍රදේශයත් අහනව ඒ කාලෙ අපි ගැන තියෙන දැඩි විශ්වාසය නිසාම ඔය ප්‍රධාන මාර්ගවලින් බැහැරව පර්‍යේශකයින් යන එන ඇලවල් දිගේ වගේ අපිට යන්න පාරවල් කියනව මාත් එක්ක සිංහරාජයේ ගිය මිතුරෙක් තමා
Rajeeve Weththasinghe ,සහ ගාමිණී සරත්චන්ද්‍ර කියන මිතුරන්,(ඇත්තටම අපිව සිංහරාජයේ එක්ක යන්න පුරුදු කරේ රජීවු වෙත්තසිංහ )
එහෙම දවසක මාටින් අයිය කිවුව "" ඕන්න හෙට හීන්දොල දිගේ ටිකක් දුරගිහින් මහ ගහක් දොළහරහට වැටිල ඇති එතනින් මං යන එන පාරක් තියෙනව ඒකෙ යන්න ඕන්න යනකොටම ඇටිකෙහෙල් මන්ඩියක් තියෙනව සරුවට ඒ හරියෙ දුර්ලභ කටුස්සො ගෙම්බො එහෙම ඉන්නව කියල අපිට ඇවිදින්න ප්‍රදේශයක් කිවුවා,
අපිට ඒ හිටිය හැමදවසකම මගපෙන්වීම් කරනව ,දවසක් අපි කැලේ සෑහෙන් රවුමක් ගිහින් එනකොට රිසර්ච් සෙන්ටර් එක කිට්ටුව ඇලේදි සර්පයෙක් වගේ සතෙක්ට මගුරො කොටනව ඒ සතා මගුරන් ගෙන් බේරෙන්න වේගෙන් ඉවුර අයිනෙ පීනනව ,ඒකාලෙ ඔය ආහාර දාම ආහාර ජාල ගැන අපිට අදාලම නැහැ පැන්නගමන් මගුරො ටික ගියා ඒත් මම ඒ සර්පයවගේ සතාව අල්ලගත්ත බොහොම ආයාසයෙන් ,
,(වැඩේ තහනම් ක්‍රියාවක් කියල ඒ කාලෙ අවභෝධයකුත් නැහැ ඉතින් ) ,
, ඒත් ඒ මොකෙක්ද කියල දන්නෙනම් නැහැ ,හොද වෙලාවට ඒදවස් වල සිංහරාජයේ පර්‍යේශණ මධ්‍යශ්ථානයේ ශ්‍රී ලංකාවේ පර්‍යේශක යුවලක් සහ විදෙස් පර්‍යේශක යුවලක් පර්‍යේශණ කටයුතු වලට එහෙ නැවතිල හිටිය,
ශ්‍රී ලාංකික විද්වතුන් නම් අපි දැක්කට මූනවත් බලන්නෙ නැහැ උදේට ,ඒත් අර විදේශීය පර්‍යේශක යුවලනම් උදේ පාන්දරම අපි ඈතින් එනකොටම
"Good Morning Young Jungal Explorers " කියල අපිට සුභ පතනව හදවතින්ම සිනාමුසු මූනෙන්,
,,මාටින් අයිය කලින් කියල තිබුන ඒ "සුද්දො දෙන්න" සත්වවිද්‍යාව ගැන පර්‍යේශකයින් කියල ඉතිං අපි තීරණය කරා අර විදේශීය යුවලට පෙන්නල මේ සතා ගැන අහගන්න ,දැන් අර අල්ලගත්ත ආද වගේ ලිස්සන සතාව අරං ගිනින් දන්න ඉංගිරිස් වලින් ඌ මොකාද ඇහුව ,ඒ යුවලම ඇවිත් අපේ අතේ ඉන්න සතාව හොදට බලල අන්තිමට
""Sorry we cant Identify will you Ask මාටින් අයියා " කියල කියපි ,ඕං දැන් ආයෙත් අර සතා ඇලටම දාල අපහු කුඩව නවාතැනට ගියා ,එදා හවසත් මාටින් අයිය අපිට හමුවුනා අපි දවසේ රිපෝට් එක දෙනව,,
දැන් අර සත්තු ගැන පර්‍යේශණ කරන සුද්දොත් නොදන්න අමුතුම අලුත් සතා ගේ නවසොයාගැනීම ගැන මාටින් අයියට කිවුවා
.
අපේ කතාව පටන් ගන්නකොටම ""ආහ් ඔය අර රිසර්ච් සෙන්ටර් එක ගාව ඇලේනෙ ඕක හිටියෙ පිට ඔලිවු දුඹුරුපාටයි ඇඟ දෙපැත්තෙ කහ ඉරිදෙකක් තියෙනව මගුරො පන්න පන්න ඉන්න ඇත්තෙ ,ඕක පිටිපස්සෙ , ඔය ලෝකෙන්ම අපේ රටට ආවේනික "ඉතියෝපිස් සිලනිකස්" (මතකේ හැටියට) ඕකුන් වර්ග තුනක් අපේ රටේ ඉන්නව ඔය සර්පයෙක් නෙවෙයි උභය ජීවියෙක් කියල ඒ සතා ගැන දීර්ඝ විස්තරයක් අපිට කියාදුන්නා ,
ඒ විශ්වවිද්‍යාලයයන් ,උසස් පෙළ ජීව විද්‍යාවෙන් ඉගෙන නොගත් මාටින් අයියාගේ දැනුමයි
(Ichthyophis sp. චායාරූපයය අන්තර්ජාලයෙන් ගත් එකකි)