සිංහරාජ රක්ෂිතය

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සිංහරාජ රක්ෂිතය

    සිංහරාජ රක්ෂිතය ශ්‍රී ලංකාව සතු ජාතික උද්‍යානයකි ඵය සතුව ජාත්‍යන්තර වැදගත්කමක් පවතින අතරම ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් සහ ලෝක උරුමයක්[4] ලෙස යුනෙස්කෝ සංවිධානය මගින්ද ප‍්‍රකාශයට පත්කර ඇත.


    ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර කලාපයට අයත් කඳු සහිත වැසි වනාන්තරයක් වන මෙය සීඝ‍්‍ර ලෙස සිදුවන වාණිජකරනයෙන් සහ එහි අනිසි බලපෑම් වලින් ආරක්ෂා කරගනු වස් ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් ලෙස 1978 දීද ”සිංහරාජය” යන නමින් ලෝක උරුමයක් ලෙස 1988 දීද ප‍්‍රකාශයට පත් කරන ලදී.


    මෙම වෙන්කල ප‍්‍රදේශය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට කිලෝමීටර 21 ක් පමනද උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම වශයෙන් කිලෝමීටර 7 ක් පමනද වන වපසරියකි. නමුත් ලංකාවට ආවේනික බොහෝමයක් ශාක, කෘමී, උභයජීවී, උරග, පක්ෂි සහ ක්ෂීරපායී විශේෂයන්ට මෙය සැඟවුනු නිධානයක් බඳුය.


    මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අදික සහ ඝනව වැවුනු වෘක්ෂලතා ගහනය නිසාම ‘යාල’ වැනි අනෙකුත් වියලි කලාපීය ජාතික වන උද්‍යාන වල දැකිය හැකි තරමේ සත්ව ගහනයක් පහසුවෙන් දැකගත නොහැකි වීමය. ‘අලි’ වැනි විශාල ක්ෂීරපායී සතුන් මෙහි දක්නට නොලැබෙන අතර ‘දිවියන්’ 15 ක් පමන කලාතුරකින් දැකගත හැක. එසේම මෙහි බහුලවම දැකිය හැකි ක්ෂීරපායී සත්වයකු ලෙස ලංකාවට ආවේණික සත්ව විශේෂයක්ද වන දම් මුහුනැති රිලවා හැඳින්විය හැක.


    මෙහි පවතින බොහෝසෙයින් රසවත් මෙන්ම ස්වාභාවික වූත් ආශ්චර්ය වූත් තවත් විශේෂත්වයක් වනුයේ බොහෝ පක්ෂීන් එකතුව රංචු වශයෙන් ආහාර සොයා යාමත් නිර්භය දිගු වල්ග කවුඩා පක්ෂීන් සහ කලහකාරී තැඹ්ලි පැහැ බැබ්ලර් පක්ෂීන් එය සඳහා මග පෙන්වීමත්ය. තවද ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 26 අතුරින් වැසි වනාන්තර වලට පමනක් ආවේණික වූ රතු මුහුනැති මල් කොහා , කොළ පැහැ ඇටි කුකුළා සහ ශ්‍රී ලංකා නිල් පොල්කිව්චා වැනි පක්ෂි විශේෂ 20 ක්ම හමුවනුයේ මෙම කලාපයෙනි.


    කොළ පුල්ලි පොළඟා සහ පිම්බුනු මුහුනැති පොළඟා වැනි ආවේණික උරග සතුන් මෙන්ම විශේෂයෙන් ගස් ගෙම්බන් වර්ග ද ඇතුළුව සුවිශාල උභය ජීවී විවිධත්වහක්ද මෙහි පවතී. එයත් සමගම ශ්‍රී ලංකාවටම ආවේණික වූ, කොඳු නාරටිය රහිත සත්ව විශේෂයන් වන බර්ඞ්වින් සමනළයා සහ කූඩැල්ලන් ද මෙහි වාසය කරති.




    08_Hump-nosed_Vipers.jpg





    05_Green-billed_Coucal.jpg





    06_Sri_Lanka_Blue_Magpie.jpg






    04_Red-faced_Malkoha.jpg




    ~Wikipedia~
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808