"සිංහලයාට දෙයක් මතක උපරිම සති දෙකයි"

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    "සිංහලයාට දෙයක් මතක උපරිම සති දෙකයි" කියා ප්‍රභාකරන් කියපු දේනම් හරියටම හරි කියලා තේරෙන්නේ මේ දවස්වල සමාජ ජාල දිහා බලාගෙන ඉන්නකොට. අවුරුදු ගාණක් නිදාගෙන හිටපු පිරිස් එක පාර ඇහැරිලා හරි හරියට ආර්ථිකය ගැන කතා කරනවා, උපදෙස් දෙනවා, සමාජ මාධ්‍යවල බොහොම active වෙලා, අරහෙම කරන්න, මෙහෙම කරන්න කියලා උපදෙස් දෙනවා සෑහෙන.
    මේ හැමෝම පහුගිය අවුරුදු එකහමාර උවමනාවෙන්ම අමතක කරලා. 2020 ජනවාරි ඉඳලා අද වෙනකල්ම ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේ හැම රටක්ම තවමත් බැටකන කොරෝනා රෝගය සහ එහි බලපෑම ගැන කිසිම කතාවක් නෑ.

    1625564057544.png

    කොරෝනාව නිසා බලපෑම් එල්ල වුණු;
    - ලංකාවේ ඩොලර් බිලියන 5ක පමණ ඇඟලුම් ක්ෂේත්‍රය ගැන,
    - රැකියා අහිමි වී ලංකාවට ඒමට සිදුවූ ලක්ෂ 2ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයෝ ගැන,
    - ඒ නිසා අහිමිවුණු බිලියන ගණනක විදේශ ප්‍රේෂණ ගැන,
    - සංචාරක ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම ඇණහිටීමෙන් 2025 වෙද්දී ඩොලර් බිලියන 10ට වැඩි කරන්න තිබුණු සැලසුම් කඩා වැටීම් සහ සංචාරක ක්ෂේත්‍රයන් යැපුණු මිලියන 3ක පමණ පිරිස ගැන,
    - කඩා වැටුණු ඉදි කිරීම් කර්මාන්තය ගැන,
    - දේශීය ආර්ථිකයෙන් 50%ක් පමණ වන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට කොරෝනා නිසා ඇතිවූ හානිය ගැන,
    - කොරෝනා නිසා අහිමි වුණු විශාල දේශීය හා විදේශීය ආයෝජනා ගැන,
    - සියලු රාජ්‍ය වියදම් වලට අමතරව අලුතින් එකතු වුණු කොරෝනා සහනාධාරවලට යන නව එකතුව පසුගිය වසරේ සමස්ත රාජ්‍ය ආදායමෙන් භාගයක් විතර බව
    - දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු සමස්ථ ලෝකයම මුහුණදෙන දරුණුතම අවධිය මේ බව
    මේ කිසිම කෙනෙක් කියන්නෙවත්, කතා කරන්නේවත් නෑ.
    ඒ වගේම තමයි 2020ට කලින් කිසිම වසංගතයක්, ගෝලීය අර්බුධයක් නැතුවත් සුරපුරයක් වගේ රට තිබුණු තැනත් සම්පුර්ණයෙන් අමතක කරලා. වචනයක් කතා කරන්නේ නෑ.
    - 2015 භාර ගනිද්දී චීනයට විතරක් දෙවනි වුණු 7% ආර්ථික වේගය 2019 භාර දෙනකොට 2%යි. ලංකාව ඇෆ්ගනිස්තානේ ළඟටම ගෙනල්ලා
    - 2015දී 130ට තිබ්බ ඩොලරය 2019 වෙද්දී 180ට ගෙනල්ලා
    - නිදහස ලබාගෙන අවුරුදු 67ටම ලබාගෙන තිබුණු සමස්ත ණය රුපියල් බිලියන 7400 මුදල, අවුරුදු 4ක් ඇතුලත 2019 වෙද්දී බිලියන 13,000ට වැඩි කරලා
    - බදු බර දෙගුණ කරලා, අපනයන බිඳ වට්ටලා,
    - හම්බන්තොට වරායම දීලා, මත්තලත් පවරන්න ඔන්න මෙන්න තියලා,
    - ආයෝජකයොත් පන්නලා දාලා
    තිබුණේ 2019 වෙද්දී.
    ඒ විතරක් නෙමෙයි, 2019 ලෝකයේ සංචාරයට වඩාත්ම සුදුසු රටවල් අතර Lonely Planet දර්ශකයේ අංක 1 වුණු ශ්‍රී ලංකාව, අන්තවාදය නිසා අප්‍රේල්වල බෝම්බත් කාලා, රටේ හිටපු සංචාරකයෝ වැල නොකැඩී අප්‍රේල් 21 ගුවන් තොටුපළෙන් පිටවෙද්දි "අනේ අපිට සමාවෙන්න!" කිය කිය අඬපු පොස්ට් share කරපු රටක් තිබ්බේ කොරෝනා එන්න මාස 6කට කලින්.
    අන්න එහෙම භාර දීලා ගියපු රටේ ආර්ථිකය ගැන ඒ පාලකයොයි, ඒ ජන්ද දායකයොයි දෙගොල්ලොම එකතු වෙලා මේ තරම් අවුරුදු එකහමාරක් ගිහිල්ලත් ඉවර නැති ලෝක අර්බුධයක් මැද්දේ උපදෙස් දෙන එක තරම් විහිළුවක් තවත් නෑ.
     

    Sen-lu

    Well-known member
  • සිංහලට අමතකයි කිව්වට රචනාව ලියපු කෙනාටත් ගොඩක් දේවල් මතක නෑ වගේ . තමන්ට අවාසි වෙනව නම් ඔය කාට කාටත් සමහර දේවල් අමතක වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,580
    113
    ශක්තිමත් නායකයො ඕනි ප්‍රශ්න තියෙන වෙලාවට ඒවගෙන් ගොඩ ගන්න. මේක යකෝ සින්හ සෙයියාවෙන් ඇවිත් අරක නෑ මේක නෑ කියාගත්ත ගමන්නෙ
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ශක්තිමත් නායකයො ඕනි

    ශක්තිමත් නායකයො ඕනි
    ------ Post added on Jul 8, 2021 at 9:57 PM