අපෝ පිටරට වලදි සිංහලු හෙන වාත වෙනවා සමහර වෙලාවට
වෙන රටකදි මම ඒ රටේ මාත් එක්ක වැඩ කරපු(co-worker) කෙනෙක් එක්ක බිල්ඩින් එකේ ලිෆ්ට් එකට නගින්න ඉද්දි එකෙක් ලිෆ්ට් එකෙන් බැස්සා තව දෙතුන් දෙනෙක් එක්ක සිංහලෙන් කතා කර කර, ඌට හිතෙනන ඇති මම ලංකාවෙ කියලා, මූ ලිෆ්ට් එකෙන් යන්නෙ නැතිව ආපහු ලිෆ්ට් එකට නැගල මාත් එක්ක සිංහලෙන් කතා කරන්න ගත්තා
ඒකා යන ගමන යන්නෙ නැතුව ආයෙ උඩට යන ලිෆ්ට් එකට නැගලා, මට තේරුනා මූ ආවෙ නිකං කතා කරන්නම තමයි කියලා, ඇවිත් අරකද මේකද මෙහෙ මොකද කරන්නෙ මේ බිල්ඩින් එකේ කොහෙද ඔෆිස් එක තියන්නෙ අරව මේව
මාත් එක්ක ආපු එකීට සීන් එක තේරිලා මගෙන් පස්සෙ අහනවා උඹලගෙ රටේ එවුන් හෙන ක්රීපි වැඩනේ කරන්නෙ කියලා, පොලව පලං යන්න හිතුනෙ.