සිංහලයෝ

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    15400894_973374789461231_8731031807006384062_n.jpg

    ඉංග්‍රීසීන් විසින් කූට ලෙස අත්පත් කරගත් අපගේ සිංහලේ (සිලෝන්) රට 1948 දී නැවත භාර දෙනු ලැබූව ද, 1972 ජන රජයක් ලෙසට ප්‍රකාශ කළද, අපට සැබෑ නිදහසක් නොලැබුනි. ඔවුන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ද, රෝම ලන්දේසි නීතිය ද අප මත පටවා, නූතන යටත්විජිතකරණය තුල අපව සිර කර තබා ඇති බව, අතීතය හා වර්තමානය දෙස සිහි බුද්ධියෙන් බැලූ විට මැනවින් පසක් වෙයි.
    අප මහ ඉහලින් බදා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදයේ හෙළුව, මෙවර ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන්ගේ හැසිර්‍රීමෙන් මොනවට පිළිබිඹු වෙයි. එහි යථාර්තය, පසු ගිය දෙදශකය තුළ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට (නූතන යටත්විජිතකරණයේ උච්ච අවස්ථාවන්ට) ලක් කළ රටවල් දෙස බැලීමෙන්ද මොනවට පසක් වේ. මේ අවස්ථාවන්හි දී ඇමරිකාව ප්‍රමුඛ හමුදාවන්ගේ ක්‍රියාකාරීත්වය දෙස බැලීමෙන්, ඔවුන්ගේ ඊනියා මානව හිමිකම් පිළිබඳව ද සැබෑ අර්ථකතනය පිළිබිඹු වේ.
    ඉදින් අප මත කූට ලෙස , බලහත්කාරයෙන් පටවා ඇති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, ඊනියා මානව හිමිකම් තුලම සිරවී තව දුරටත් බටහිරයන්ගේ යටත් වැසියන් ලෙස ජීවත් වෙනවා ද? ඊනියා ගෝලීයකරණයේ අතකොළු වෙනවාද?
    නැතහොත්, රට දැය සමය මූලික කරගත් අපට අනන්‍ය වූ දේශපාලනික සැකැස්මක් වෙත දැන්වත් ආපසු හැරෙනවා ද්?
    මේ එම තීරණය ගැනීමට කාලයයි!
    සිංහලයෝ පිටුවට කැමැත්ත පලකර දැනුවත් වෙන්න!
    https://www.facebook.com/sinhalayo.org/